Chapter 16

165 28 1
                                    

❤️ අද තවත් කට්ටියක් surprise වෙන්න යන්නෙ එහෙනම්... 😂

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

💚 ඒකනේ... එහෙනම් දැන් ගිහින් යැන්ග්සිගෙන් වැඩ ටික වෙන්න ඕනෙ විදිහ අහගන්නකෝ මගෙ බනී මැනික... ඊටපස්සෙ ගිහින් අර පස් දෙනාට හවස ටිකක් වෙලා ඉන්න කියලත් කියන්න...

❤️ ඒක නෙමේ බෝදියෝ... ඔයාට බෑද මට වැඩ ටික කියලා දෙන්න අර තොරොම්බලේට මට ගහන්නමනෙ හිතෙන්නෙ... ඉතිම් එයයි මායි ආයෙ වලියක් දාගන්නවට වඩා හොද නැද්ද ඔයාම මට ඔය ටික කියලා දෙන එක...

💚 නෝ වේ බනී... මට දැන් වැඩක් තියෙනවා... ඔයාට යැන්ග්සිගෙන්ම තමයි අහගන්න වෙන්නෙ... ඒ වගේම ඔයාලා ආයෙ රන්ඩු උනොත් මං කරන්නෙ එයාව ඇතුලට අරන් ඔයාව යැන්ග්සිගෙ ටේබල් එකට දාන එක... ඒක ඔයාට ප්‍රශ්නයක් නෙමේ නම් කිසි ප්‍රශ්නයක් නෑ ඔයා වලියක් දාගන්න... තීරනය ඔබ සතුයි... එහෙනම් මිස්ටර් ෂියාඕ වැඩ පටන් ගමු...

❤️ යකූ ඒක මාර වැඩක්නෙ... ඒකිව ලගට ගන්න පුදුම ආසාවක්නෙ තියෙන්නෙ... කමක් නෑ මං යන්නම්කො ඔය තොරොම්බලේ ලගට... එහෙම කියලා මං යැන්ග්සි ලගට ගිහින් ඒ හොම්මනගෙ ලොකුකම් ඉවසගෙන කරන්න ඕනෙ වැඩ ටික අහගත්තා...

ඊටපස්සෙ මං ගියෙ අපේ කොල්ලො ටිකව හොයාගෙන... ඒ වෙද්දි ලන්ච් ටයිම් එක ඉවර වෙන්න ලං වෙලා තිබ්බත් මං එනකන් ඉන්න කියපු හින්දා උන් ටික කැෆේ එකේම හිටියා... වෙලාවට කෙල්ලො ටික හිටියෙ නෑ... කැෆේ එකටම හිටියෙ ඒ කට්ටිය විතරයි...

ඇයි චාන් ගගා අපිට ඔයා එනකන් ඉන්න කිව්වෙ... මොකක් හරි ප්‍රශ්නයක් ද... කියලා යුවා ඇහුවා....

❤️ නෑ නෑ යුවා ප්‍රශ්නයක් නෙමෙයි... ඒත් මට ඔයාලගෙන් උදව්වක් ඕනේ...

මොකක්ද චාන් වෙන්න ඕනේ... ඕනෙ දේකට අපි ඉන්නවා කියලා දන්නවනේ... කියලා ඩයිලන් කිව්වා...

❤️ වෙන්න ඕනේ දේ කියන්නම්... ඒකට ඔයාලා හවස මාත් එක්ක ගමනක් යන්න එන්න ඕනේ...මොකද ඔෆිස් එක ඇතුලෙ කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක... මේක ගැන අපි කට්ටිය ඇරෙන්න වෙන කවුරුත් දැන ගන්නත් බෑ... කෙල්ලො ටික වැඩ ඉවර වෙලා ගියාම ඔයාලා බොස්ගෙ ඔෆිස් එකට එන්න... එතනදි කියන්නම් යන්න ඕනේ කොහෙටද කියලා... ඔයාලට එන්න පුළුවන් නේද... ඇත්තටම මේක ගොඩක් වැදගත්... මේ දේට බොස් ඔයාලාව සම්බන්ධ කරගන්නෙ එයා ඔයාලව ගොඩක් විශ්වාස කරන හින්දා...

You Are My Life...💚❤️ (Yizhan Ff) Completed  Where stories live. Discover now