🐯 " ජැක්සන් හ්‍යුන් කෝ.. "

ටෙහ්‍යුන් අහද්දි හැමෝම වගේ වටපිට බැලුවේ හෝසක් පුටුවෙන් නැගිටලා ජැක්සන්ගේ කාමරේ දිහා බලද්දි.

" නිදි වෙන්න ඇති. හෝසක් පොඩ්ඩෝ මේ කෑම එක ජැක්සන්ගේ ඒක එයාට ගිහින් දෙන්නකෝ.. "

හෝසක්ගේ හැගීම් තේරුම් ගන්න ජන්කුක්ට වැඩි වෙලාවක් ගියේ නෑ ඒ නිසාම කෑම එකක් පිටින් දාල හෝසක්ව ජැක්සන්ගේ කාමරේට යැව්වේ අනික් අයට සැක නොහිතෙන විදිහට. ජැක්සන්ගේ කෑම එකත් අරන් ජැක්සන්ගේ room එකට ගිය හෝසක් දැක්කේ නිදාගෙන ඉන්න හෝසක්ව. කෑම එක night table එක උඩින් තියලා ඇදේ කොනකින්ම ඉද ගත්තේ ඒ සිනිදු කොන්ඩේ අස්සෙන් තමන්ගේ ඇගිලි ගෙනියන ගමන්.

🦄 " මේ කොන්ඩේ තාම තෙතයිනේ. "

හෝසක් එහෙම හිතලා සුව නින්දක හිටපු ජැක්සන්ව ඇහැරෙන්නේ නැති විදිහට ටවල් එකක් අරන් ඔලුව හොදට පිහලා දැම්මේ කොට්ටෙත් මාරු කරද්දි. ජැක්සන්ගේ ඇගෙන් අමුතු රස්නයක් ආව නිසාම හෝසක් ජැක්සන්ගේ නලලට අත තියලා බැලුවේ නලල ගිනි කබල වගේ රත් වෙලා තියෙද්දි.

🦄 " හොදටම උනනේ. ඒත් උදේ හොදට හිටියනේ. "

ජැක්සන්ව නැගිට්ටවන්න ෆුල් ට්‍රයි එක දුන්න හෝසක්ට ජැක්සන්ව නැගිට්ටව ගන්න පුලුවන් වුනා.

🦄 " හ්‍යුන් මේ කෑම එක කාලා ඉන්නකෝ. "

කෑම එක කාගන්න තරම්වත් පණක් ජැක්සන්ගේ ඇගේ නොතිබ්බේ ඊයේ දවල්ට කාපු පාර ඉදන් තාම කුසට අහරක් නැති නිසා. ජැක්සන්ගේ ඇග තමන්ට බර කරගත්තු හෝසක් ජැක්සන්ට කෑම එක ටික ටික කවන්න ගත්තේ ජැක්සන් වුනත් උණ විකාරෙන් ඔක්කෝම කද්දි. කවලා බෙහෙත් හොයලා ඒකත් පෙව්ව හෝසක් කාමරෙන් යන්න යද්දි යන්න බැරි වුනේ ජැක්සන් හෝසක්ගේ අතින් අල්ල ගත්ත නිසා.

🎭 " ඔම්මා මාව දාලා යන්න එපා. "

ජැක්සන් හෝසක්ගේ අත බදාගෙන අඩන්න ගත්තේ හෝසක් ජැක්සන් ඉන්න ඇද ගාව බිම ඉදගනිද්දි. කදුලු ගලන ඇස් දෙක පිස්ස හෝසක් ජැක්සන්ගේ ඔලුව අත ගාන්න ගත්තේ ජැක්සන් සන්සුන් වෙද්දි.

🎭 " මාව දාලා යන්න එපා. "

🦄 " මම මෙතන ඉන්නවා හ්‍යුන්. "

හෝසක් හිමීට ජැක්සන්ගේ ඔලුව අත ගාද්දි ජැක්සන්ට නින්ද ගියේ හෝසක් ජැක්සන්ගෙන් තමන්ගේ අත මුදාගෙන kitchen එකට ගිහින් ආයෙත් උණුවතුර භාජනයක් අරන් ආපහු ජැක්සන්ගේ කාමරේට එද්දි.

රෙදි කෑල්ලක් අරන් උණු වතුරේ පොගවලා හොදට වතුර මිරිකලා ඒක ජැක්සන්ගේ නලලේ තිබ්බේ ඒකෙන් හරි ජැක්සන්ගේ උණ බහී කියලා හිතුන නිසා. රෑ එලි වෙනකම්ම ජැක්සන්ට සාත්තු කරපු හෝසක්ට ජැක්සන්ගේ ඇද ලගම බිම නින්ද ගියේ ජැක්සන්ගේ ඇදට ඔලුව තියාගෙන.

ජනෙල් රෙදි අතරින් ඉර එළිය තමගේ මූණට වැටෙද්දි ජැක්සන් ඇහැරුනේ ඇස් ඇරගන්න අමාරු වෙද්දි. එහෙම්ම අනිත් අතට හැරෙන්න ගියත් බැරි වුනේ හෝසක්ගේ ඔලුව ජැක්සන්ගේ අතේ වැදුන නිසා. ජැක්සන් තමන්ගේ ඇදට ඔලුව තියාන් නිදාගෙන ඉන්න හෝසක් දිහා බලාන් හිටියේ ඔහු මුලු රෑම මේ විදිහට ඉන්න ඇත්තේ කියලා තේරෙද්දි.

🎭 " මුලු රෑම මෙතනද ඉදලා තියෙන්නේ. "

ජැක්සන් තමන්ගේ ඔලුවේ තිබුනු රෙදි කෑල්ල අයින් කරලා නැගිට්ටේ හෝසක්ගේ සාත්තුවලට පිං සිද්ද වෙන්න ජැක්සන්ගේ උණ හොදවෙලා තියෙද්දි. බිම වුන්නු හෝසක්ව අත් අතරට අරන් ජැක්සන් තමන්ගේ ඇදෙන් තිබ්බේ පොරෝනයද පොරවමින්. හෝසක්ව ඇදෙන් තියලා රෙද්දත් පොරවපු ජැක්සන් bathroom එකට ගියේ හොදට නාගන්න.

ඉර එලිය මූණට වැටෙන නිසා ඇහැරුනු හෝසක් දැක්කේ තමන් ඇදේ ඉන්න විදිහත් ජැක්සන් ඇදේ නැති විදිහත්. ඇදේ වාඩි වුනු හෝසක්ට bathroom එකේ වතුර වැටෙන සද්දේ ආවේ ජැක්සන් bathroom එකේ කියලා කියන ගමන්මයි.

🦄 " උණ අඩු වෙලා ඇති. "

හෝසක් එහෙම හිතලා ඇදෙන් නැගිටලා තමන්ගේ කාමරේට ගියේ නාගන්න. නාගන පිරිසිදු වුණු හෝසක් ආයෙත් ජැක්සන්ගේ කාමරේට ගියේ ජැක්සන් හොදින්ද බලන්න. ගියාට වඩා ඉක්මනට ආපහු හෝසක් කාමරෙන් එලියට ඇවිත් දොර වැහුවේ මේ වෙලාවෙම කාමරේට ගිය තමන්ටම දෙහි කපන ගමන්.

___________________________________________________________________________________..

C/N ✍🥀

ඔන්න දුන්නා. එහෙනම් මම කැපුනෝ.. ඊලග episode එකෙන් හම්බෙමු. 🥰 vote comments ඉල්ලන් නෑ ඉල්ලුවත් තොපි දෙන්නේ නැති නිසා. 🤗

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now