Junkook pov :
ඔක්කොටම කලින් ලෝර්ඩ් වුන සූ බර නැති කරන් මං ජිමිනා එක්ක අපේ පළවෙනි ලෙක්ච එකට ආවා. ම්ම්ම් හිතුව තරම් අවුලක් නොතිබුණු හින්දා ලෙක්ච එක ඉවර උන ගමන්ම අපි දෙන්නා ආවෙ කැෆටේරියා එකට . සේරටම වඩා කෑම තමයි වැදගත් ...
වැඩිය දෙයක් කන්න බැරි හින්දා අපි ඩෝනට්ස් එක්ක මිල්ක් ශේක් දෙකක් අරන් කොණකට වෙන්න තිබුණ ටේබල් එකකට ආවා. අපි අපේ පාඩුවේ කෑම එක කකා ඉන්න කොට එකපාරටම කවුද මන්ද කෙල්ලෙක් ගිරිය යටින් කෑ ගහනවා ඇහිලා බය වෙච්ච පාර මට බිබී හිටිය මිල්ක් ශේක් එකත් හිර වුණා. මම වගේම මිනීත් ඒ සද්දෙට බයවෙලා කියලා උගෙ මූණ දැක්කම මට තේරුණා..
තප්පරයක් යන්නත් කලින් ගිරිය කඩාගෙන කෑගහන ප්රතිශතය වැඩි වෙද්දි මාත් පොඩ්ඩක් ඇහැ දාලා බැලුවා සෙලිබ්රෙටි කෙනෙක්වත් කඩා පාත් වෙලාද කියලා . ඇයි ඉතින් අපේ උන්ට චුට්ටක් හරි ප්රසිද්ධ එකෙක්ගෙ නියපොත්තක් දැක්කත් ඇතිනෙ බෙරිහන් දෙන්න. ටිකක් හොම්බ දාලා බලද්දි මම දැක්කා කැෆටේරියා එක ඇතුළට එන ඩයල් එකක්.මේ මොකෙක්ද අනේ මේ 😐 පොඩි දැකල පුරුදු ගතියකුත් තියෙනවා හැබැයි.. මලෝත්තයි දෙයියනේ ඒ ආවෙ ජෝශු හ්යුන්ග්නෙ බොලේ..
"ජිමිනෝ ආන් උඹේ මස්සිනා පොඩ්ඩ. පොරව දැකල තමයි මේ ගෑනු ටික ඇටයක් හිර වෙලා වගේ කෑ ගහල තියෙන්නෙ "
"ජෝශු හ්යුන්ග් එක්ක තව දෙන්නෙක් එනවා උඹට පේන්නෙ නැද්ද ? උන් තුන්දෙනාම මේකෙ බ්රයිට් කේස්ද කොහෙද බං "
ජිමිනගෙ පැත්ත හැරිලා මං දැකපු එක කිව්වට පස්සෙ ඌ කියන අනිත් ඩබල කෞද බලන්න මම ආයෙමත් දොර පැත්තට හැරුණා..
"දෙයියනේ මිස්ට සිගී!! "
මම කිව්වා නෙවෙයි එහෙම කියලා කෑ ගැහුවා. හරි . ඇත්ත වශයෙන්ම කිව්වොත් මට කෑ ගැස්සුනා. 🥲 කොච්චර හිමීට මම කෑ ගහලද කියනවා නම් මුළු කැෆටේරියා එකේම ඉන්න කට්ටිය මගෙ දිහා බැලුවා. මම කිව්ව නමේ අයිතිකාරයත් ඇතුළුවම ! දැන් හරිනෙ අමාරුව කුකියෝ.. 🥲
මොනා කරන්නද ඉතින් හැමෝටම නර්වස් හිනාවක් දාලා මම ආයෙ අනිත් පැත්ත හැරිලා කන්න ගත්තා.
ටිකකින් මට ඇහුනා අපේ පැත්තට එන අඩි සද්ද වගයක්. ඒත් මම නෙවෙයි මූණ ඉස්සුවෙ. ආවෙ කවුරු වුනත් ඒ ආව අයගෙන් කෙනෙක් මගෙ එහා පැත්තෙ පුටුවෙන් වාඩි වෙද්දි දෙන්නෙක් වාඩි උනා ජිමිනගෙ පැත්තෙන්. ඒකෙනුත් කෙනෙක් මගෙ කෙලින්ම ඉස්සරහ පුටුවෙන් තමයි වාඩිඋනේ..
BINABASA MO ANG
Mr. Cigarette & His Little Lilly 🌷
Romance"ඔයා කියන්නෙ මම හාවෙක් වගේ කියලද මිස්ටර් සිගී? 😓" " පළවෙනි එක, ඔව් තමුසෙ හාවෙක් වගේ නෙවෙයි , තනිකරම හාවෙක්... දෙක මගෙ නම #කිම් ටේහ්යුන්ග්!! නැතුව මිස්ටර් සිගී නෙවෙයි.. 🤨" "😒" • taekook rpf • bl • slow updates 🥹