Part 01🥀

67 18 53
                                    

Someone's pov:

කාර්යබහුල දවසක සීතල සුළගක් එක්ක මේ අවුරුද්දේ ප්‍රථම හිමපතනය පටන් ගත්තේ හරියට මට ඔයාගේ පොරොන්දුව මතක් කරන්න වගේ. හරියටම අවුරුදු තුනක් ගෙවුනා ඔයා නැතුව. ඔයා අද හිටියානම් ගොඩාක් සතුටු වෙයි කියලා මට විශ්වාසයි...

මම එහෙම්ම ආවේ ලොකු ගේටුටවකින් වගේම ලොකු තාප්පයකින් වට වෙච්ච හිස් ඉඩමකට. එතන තමයි මට මේ ලෝකේ හිටපු එකම කෙනා දැන් ඉන්නේ. මන් එයා ගාවට ගිහින් දණ ගහගෙන අරගෙන ආපු ලිලී මල් පොකුර එයා ගාවින් තිබ්බේ ඇස් වල තිබ්බ කඳුළු මගේ කම්මුල් දිගේ ගලාගෙන ඇවිත් එයාගේ ඇඟට වැටෙද්දි. විනාඩි කිහිපයක් මන් එහෙම්ම ඉදගෙන බලාගෙන හිටියේ සුදු පාට පසුබිමේ කළු පාටින් කොටලා තිබුණ ඒ අකුරු දිහා. "කිම් යොන්හී" ටිකක් වෙලා ඒ නම දිහා බලාගෙන හිටපු මන් මගේ අතින් ඒ නම කොටලා තිබුන තැන අතගෑවේ හරිම සිනිදුවට. ඔව් එයා මාව දාලා ගිහින් දැනට අවුරුදු තුනක් වෙනවා. මට ඕනිම කරපු හැම මොහොතකම එයා මගේ ළඟ හිටියා හැබැයි දැන් එයා මන් ගාව නෑ. එයා නැත්නම් හරිනම් මන් අද ජීවතුන් අතරවත් නෑ. ටිකක් වෙලා  නිශ්ශබ්දව හිටපු මම එයත් එක්ක කතා කරන්න පටන් ගත්තා.

??? : යෝහී! ඔයාට කොහොමද? ඔයා ඔහේ සතුටින් ඉන්නවද? මන් නම් මෙහෙ සතුටින් ඉන්නවා ඔයාගේ කරදරේ නැතුව. අනේ මගේ පිස්සු කෙල්ල! මන් විහිළුවක් කරේ.මන් කොහොමද ඔයා නැතුව සතුටින් ඉන්නේ මෝඩියේ? උබ නම් ඔහේ සතුටින් ඇති මන් නැතුව! කොහොමත් උබට ඕනි වුනේ මාව දාලා යන්නනේ. මන් තරහයි යෝහී ඔයත් එක්ක. කොහොමද ඔයා ඔයාගේ ලොකු නංගිව ඔහොම දාලා යන්න තරම් නපුරු වුනේ? හ්ම්ම්... දන්නවද යෝහී! ඔයා අද හිටියනම් ගොඩාක් සතුටු වෙයි. මන් ඒක කරා යෝහී! මන් දැන් ඩොක්ටර් කෙනෙක්. මන් දන්නවා ඔයා හිටයනම් මට රසම රස ටොබොකි හදලා දෙනවා කියලා. ඒත්.. ඔයා මාව දාලා කොච්චර දුර ගිහින්ද? ඔයාට මන් නැතුව පාළු නැද්ද යෝහී! මට සමාවෙන්න යෝහී! තවත් මට මේක ඉවසගෙන ඉන්න බෑ. එයාලා හැමදාම රණ්ඩු වෙනවා. මට තවත් බලාගෙන ඉන්න බෑ. මන් මේක කියනවා යෝහී එයාලට. ඔයාට බෑ මාව දැන් නවත්තන්න. ඔයා අවුරුදු ගාණක් තිස්සේ කරපු කැප කිරීම එයාලා දැනගන්න ඕනි යෝහී. ඇයි? ඇයි? ඔයා මෙච්චර අහිංසක වුනේ? ඇයි ඔයා ඔයාගේ නංගි වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කලේ? ඇයි?.. මට ඔයාව අදටත් තේරුම් ගන්න බෑ යෝහී! ජීවිතේ විදින්න ඕනි කාලේ ඔයා ලෝකේ තිබුනු විකාරම ලෙඩේ හදාගෙන දුක් වින්දා! මන් කිව්ව දේ කරා නම් අද ඔයා මාත් එක්ක ඉන්නවා නේ? ඇයි ඔයාට එච්චරටම එයාව ලොකු වුනේ? මගෙයි වැරුද්ද! හැමදේම දැනගෙනත් කටවහගෙන හිටපු එක. ඔයා කියන දේ අහන්නේ නැතුව මන් එයාට එදා කිව්ව නම් අද මේ දෙකෙන් එකක් හරි විසඳිලා යෝහී! මට සමාවෙයන් උබව මරලා දැම්මට! මන් හැමදේම දැනගෙනයි උබ මැරිලා යනකන් බලාගෙන හිටියේ! ඇයි මන් එදා උබව බේර ගත්තේ නැත්තේ! මේ ප්‍රශ්න ඉක්මනට ඉවර කරලා මාත් එන්නම් උබ ගාවට. එතකොට අපි දෙන්නට පුළුවන් එකට ඉන්න ඉස්සර වගේ. අනිත් අයගෙන් අපිට වැඩක් නෑ. මන් හරි උබව බදින්නම්, එතකොට මන් මිනිහා උබ ගෑනි.

Finally Over🥀 ||CYJ~ Oneshot ✔️Where stories live. Discover now