18

818 137 53
                                    

මාස හයකට පසු ...

" චතූ .. කෝ නැගිටින්න ඉතින් .. කෝ කෝ කම්මැලිය නැගිටපිය.. දෙනව මං දැන් හොද ගුටියක් හොදේ .. කෝ නැගිටින්න ඉතින් .. "

" අනේ තව ටිකක් නිදාගන්න දෙන්නකො අනේහ් .. මට බෑ .. "

" මොනාද බැරි .. ආ කම්මැලියො .. නැගිටින්න ඉතින් මට පාලුයි ඔයා ඔහොම නිදාගෙන හිටියම ... චතූ .."

" අනේහ් ඉන්න දෙන්නකො .. "

මං කොච්චර අව්ස්සල අව්ස්සල මගෙ කොල්ලව නැගිට්ටවන්න හැදුවත් කම්මැලිකමට එයා තවත් ඇදේ ගුලි වෙද්දි මං හිනාවෙලාම එයාගෙ තරහටම රතු උන මූන දිහා බලන් හිටිය ...

" යන්නකො අනේ නිදාගන්න දීල ම්හු .. "

" එහෙම යන්න බෑ කෝ නැගිටින්න උදේ දහයත් පහුවෙලා කම්මැලියො .. කෝ ඉතින් ..  මගෙ පණ .. "

මං එයාගෙ නලලට හාදුවක් තියල බලන් ඉද්දි මගෙ චතූ තොල් උල් කරන් බලන් ඉද්දි මං පාත් වෙලා එයාගෙ තොල් මගේ කරගත්තෙ ඇද උඩ දිහා වෙලා හිටපු එයාගෙ මතට යන ගමන් ...

චතූට සිහිය ඇවිත් දැන් මාස හයක් .. මේ මාස හයට හුගක් දේවල් වලට අපිට මූන දෙන්න සිද්ද උනා .. අම්ම නැති උනා කිව්ව එක දැනගත්තම චතූව ආයෙම අසනීප උනා ..  අඩල අඩලම අසනීප වෙලා ආයෙම සති දෙකක් විතර චතූට හොස්පිට්ල් ඉන්න උනා ..

ඒ අතර තුර මෙච්වර කාලයක් මං දස වද විද විද හිටපු කාලකන්නි දෙන්නත් අවසන් යැව්වෙ තවත් ජීවත් කරල තියාගෙන මේ ප්‍රශ්නෙ දුර අරන් යන්න බැරි නිසා ... දැන් හැම ප්‍රශ්නයක්ම ඉවරයි ..

චතූව හොද වෙලා මාස දෙකක් ගිය ගමන් නීති පොතේ අත්සන් කරල මං චතූව සදහටම මගේ කරගත්තෙ තාත්තගෙ සතුටු කදුලු මැද්දෙ.. අම්මත් කොහෙ හරි ඉදන් අපි දිහා බලන් සතුටු වෙනව ඇති ...

" අනේ එහාට වෙන්නකො අනේ හැබැයි මං කෑගහනව හරිද .. "

" මොනා කියලද කෑගහන්නෙ දැන් .. ම්ම් "

" අතවර කරන්න හදනව කියල මට .. "

" කසාද මිනිහ අතවර කරන්න හදනව කියලද කෑගහන්නෙ මගෙ මැනික ම්ම්... ? "

" කසාද මිනිහට උනත් බලහත්කාරකම් කරන්න බෑනෙ හහ්  !"

චතූ කට එහෙ මෙහෙ කර කර හුරතලේට කියවද්දි ආයෙ මං ඒ තොල් වලට හාදුවක් තියල ඇදෙන් බැස්සෙ චතූ ඇස් දෙකත් ලොකු කරන් මං දිහා බලන් ඉද්දි ...

HE IS MY SHADOW ( Completed ) ✔ Where stories live. Discover now