තේහ්‍යුන්ග් දත් බුරුසුව අත් අතරට ගුලි කර ගත්තා.. සෙමින් සෙමින් වටපිටාවට දෑස් යොමු කලා.. වටපිටාවම අදුරක ගිලෙමින් තිබුණා.. උදෑසන වුවත් නානකාමරය තුල ආලෝකය කෙමෙන් කෙමෙන් නැති වී ගියා.. ජනෙල් කවුලු වල දියසෙවෙල් වෑස්සුණා.. අමුතු දුර්ගන්දයක් අවටින්ම පැතිරෙන්න පටන් ගත්තා.. තේහ්‍යුන්ග් දොර දෙසට වේගයෙන් ඇවිද ගියා..

ඉරිතලා ගිය බිත්තිත්, ඉරි තැලුණු මුහුණ බලන කණ්නාඩිත් අතරින් තේහ්‍යුන්ග් දොර දෙසට එක එල්ලේ ඇවිද ගියා.. ඊයේ රාත්‍රිය, එයත් මේ වගේමයි.. ඒත් ඇයි මට විතරක්.. තේහ්‍යුන්ග් දොර දෙසට කොයිතරම් ඇවිද ගියත් ඔහුව මුහුණ බලන වීදුරු වල වැදී නතර වුණා.. එය හරියට තේහ්‍යුන්ග් වීදුරු පිරමීඩයක හිර වෙලා වගේ.. ඔහු කෙතරම් වටපිට බලා දොර පෙනෙන දෙසට ඇවිද ගියත් එය ප්‍රතිබිම්භයක් පමණක් වුණා.. ඔහු තදින් දෑස් වසා ගත්තා..

🐯 මට විශ්වාසයි..මෙය හීනයක්...එය එහෙම නෙමෙයි නම් කවුරුහරි ඒවි.. කවුරුමහරි ඒවී.. මෙතනට කවුරුම හරි ඒවී.. 🐯

ඔහු දිගින් දිගටම තමන්ට ම මුමුණ ගත්තා..

" තේහ්‍යුන්ග්... "

උරහිසින් දැනෙන ස්පර්ශය එක්ක තේහ්‍යුන්ග් හැරී බැලුවා... ජන්ග්කුක්... ඒ ඔහු.. ඔහු පැමිණිලා... අදුරු වටපිටාව අතරින් ජන්ග්කුක්ව තේහ්‍යුන්ග් ට පැහැදිලිව පෙනුනා..

" ජන්ග්කුක්.. මන් හිතන්නේ මට මොකක් හරි අසනීපයක් තියනවා.. මේ හැමතැනැක්ම ගරා වැටිලා වගේ.. කවුරුත්ම පේන්න නෑ.. ඒ විතරක්ද.. ඔයා එනකම් කිසිම කෙනෙක් මෙතනට ආවෙවත් නෑ.. මන් හිතන්නේ මට මොකක් හරි ලෙඩක්.. ප්ලීස් මාව බේරගන්න.. "

තේහ්‍යුන්ග් එකවරම ජන්ග්කුක් ගේ පපුවට තුරුලු වුණා.. තේහ්‍යුන්ග් ගේ හිත ගැස්සිලා.. ඔහු හොඳටම බය වෙලා හිටියා.. ඒත් ජන්ග්කුක් සීතලයි.. ඔහු අසාමාන්‍ය ලෙස සීතල වෙලා තිබුණා.. ඔහුගෙන් උණුසුමක් දැනෙන්න ඕනි වුණත් අදික සීතලක් දැනෙන්න වුණ.. පණ ඇති අයෙක් මේ තරම් සීතල විය හැකිද.. එය මනුස්සයෙක්ට දැරිය හැකි යැයි හැඟෙනවාටත් වඩා සිසිල් වුණා.. තේහ්‍යුන්ග් වහා හිස එසවූවා.. ජන්ග්කුක් හරි ලස්සනට හිනා වුණා.. එය පුදුමයක්.. මේ තරම් අමුතු පරිසරයක ඔහු ප්‍රියමනාපව සිනහා වෙනවා.. අනික ඔහු කවදාවත් තේහ්‍යුන්ග් සමඟ එසේ සිනා වී නෑ.. එය ඇත්තෙන්ම පුදුමයක්..

LIES ☠️⏩Место, где живут истории. Откройте их для себя