ජන්ග්කුක් රාත්‍රී හත පසු වි ගෙවෙන හෝරාවේදී කාමරයෙන් පිටතට පැමිණ ජිමින් සොයා ඔහුගේ කාමරය දෙසට ගියා..

ඒ යනවිටත් ජිමින් හෝසොක් සමඟ ජන්ග්කුක් සිටින දෙසට එමින් සිටියා..

" ජන්ග්කුකා.. "

" මොකද තාරාවෝ බෙරිහන් දෙන්නේ මාස ගාණකින් දැක්කේ නෑ වගේ.. පැයක්වත් ගියාද නෑනේ.. "

" උබ නොදකින පැයත් මට කල්පයක් වගෙයි සත්තලනේ.. "

" අනේ උබේ කිඹුල් කඳුළු පිහිදගනින්.. යමන් කන්න.. "

හෝසු යන්තමින් හිනා වුණා..

" අහ් අමතක වුණානේ.. කුකී මේ ඉන්නේ හෝසොක්.. එතකොට හෝසුවෝ මේ ඉන්නේ ජන්ග්කුක්.. අහ් උබලා කලිනුත් අදුර ගත්තා නේ.. "

" කොහොමද හෝසු.. "

" හොදින් ඉන්නවා කූ.. ඔයාට කොහොමද "

" වරදක් නෑ...ඔයා ගිය යුනි එකට වඩා මෙහේ හොඳයිද "

" අම්මෝ දාහෙන් සම්පතක්.. වෙලාවට ඔයාගේ ඔම්මා අපේ ඔම්මාට පැහැදිලි කලේ.. "

" හෝව් හෝව්.. ඔයාලා දන්නවද ? "

" ඔව්.. ඇයි.. "

" එතකොට කලින් නොදන්නවා වගේ හැසිරුණේ.. මන් අහන්නේ අර පඩිපෙලේදී.. "

" අපි...මේ අපි.. එහෙම කලාද කුකී.. "

" මට නම් මතකයක් නෑ.. "

" මේක යකාගේ මඩුවක් වුණානේ.. උබලා මාවත් ඇන්දුවා එහෙනම්... "

" පොඩි වෙලාවකටනේ කොල්ලෝ.. "

" අනේ පල ගස් හාවා.. බලාන් මන් උබ ගැන දාහක් කතන්දර කිව්වා හෝසුට...සැක් ලැජ්ජාව බල්දියෙන් එකයිනේ.. "

" ගස් ගෙම්බෝ නෙමෙයිද බන් ඉන්නේ.. "

" ඔය මොකෙක් හරි.. "

ජිමින් ගස්සගෙන ළමයි රැස් වුණ විශාල ආපන ශාලාව මැදින් ඇවිද ගියා..ජන්ග්කුක් හෝසොක් සමග ජිමින්ගේ වැඩ වලට මහ සද්දෙන් හිනා වුණා..

---

සියළුදෙනාම සෙමින් සෙමින් කෑම කන්න පටන් ගත්තා.. එකිනෙකාට වෙන් කල කෑම මේස අතරේ ජන්ග්කුක්, ජිමින්, හෝසොක්, තේහ්‍යුන්ග්, ඒ වගේම සුගා, ජින්, නම්ජුන්, බෝගම් සියල්ලම වාඩි වී සිටියා..

LIES ☠️⏩Where stories live. Discover now