මට මගෙ චතූ ඉන්න රූම් එක පවා අමතක වෙලා ගියා ... මොකද මගෙ ඔලුවෙ තිබ්බෙ එයාව දකින එක විතරක්ම වෙද්දි රිසිප්ශන් එකේ හිටපු නර්ස් කෙනෙක් මාව රූම් එක ගාවට එක්ක යද්දි තප්පරයක්වත් නොහිටපු මං රූම් එකේ දොර ඇරන් ඇතුලට ගියා ...

" මගෙ චතූ ... "

මට කතා කරගන්න බෑ .. ඒ තරම් මගෙ කටහඩ වෙව්ලද්දි මගෙ ඇස් වලින් සට සට ගාල කදුලු වැල් කම්මුල් තෙමන්න ගද්දි ඇදේ ඉදන් මං දිහා බලන් ඉදිය චතූ ගාවට ගිහින් මං එයාව මගෙ පපුවට තුරුලු කරගත්ත ..

" මගෙ පණ... මගෙ රත්තරං .. "

එයාව පපුවටම තුරුලු කරන් මං එයාගෙ මුලු මූනම ඉම්බ .. මගෙ සතුට මෙච්චරයි කියල කියාගන්න බැරි වෙද්දි සතුට වැඩි කමටම මං එයාව පුලුවන් තරම් තද කරල බදාගත්ත ..

" අධීශ ...හු..ස්..ම ගන්න බෑ ..ම්හ් "

මේ ලෝකෙ සිහියක් නැතිව හිටපු මං සිහියට ආවෙ එයාට හුස්ම ගන්න බෑ කියද්දි වගේම මං ඉක්මනට එයාව මගෙන් ටිකක් ඈත් කලේ අත් නොහැර ...

" මැනික .. මගෙ පන .. මං ආදරෙයි .. මහ හුගක් ආදරෙයි... ආයෙ මේ වගේ ගින්දරක් දෙන්න එපා රත්තරං ... මගෙ පණ.. "


මං නිවනක් නැතුව එයාගෙ මූන ඉබගෙන ඉබගෙන යද්දි එයා එයාගෙ ඇස් වලින් මගෙ මූන දිහා බලාගෙනම හිටියෙ ඩොක්ටර් අශාද් මට පොඩ්ඩකට එලියට එන්න කියල කතා කරද්දි ... තප්පරේකටවත් මගෙ චතූව මගෙන් ඈත් කරන්න මගෙ හිත මුරන්ඩු උනත් එයාගෙ නලල ඉබල මං ඩොක්ටර් එක්ක රූම් එකෙන් එලියට ආවෙ වැදගත් දෙයක් කියන්න වෙන්න ඇති කියල හිතුන නිසා....

" ඩොක්ටර් අශාද්... ? "

" මිස්ටර් අධීශ ... මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනව .. "

" ම්..මොකක් ගැනද ඩොක්ටර් .. ?.. ම්..මොකක් හරි ප්‍රශ්නයක්ද... ? "


" නෑ නෑ බය වෙන්න දෙයක් නෙමේ.... පොඩි දෙයක්... "


" කියන්න ඩොක්ටර් ... මොකද්ද ඒ
..මගෙ චතූට ... "


"මිස්ටර් අධීශ කාම්ඩව්න්... ඔයාගෙ චතූට කිසිම ප්‍රශ්නයක් නෑ... ම්ම් මේකයි .. එයාගෙ මතකෙ නැති වෙලා...."

HE IS MY SHADOW ( Completed ) ✔ Where stories live. Discover now