අද සොංයී ගෙයි යොන්ජුන් ගෙයි cover dance එකත් එයාලා release කරා.. ඒක දැක්ක ගමන් ටේ පුපුරන්න ගත්තේ ඒ දෙන්නා එකටම ගොඩක් parts වලට හිටිය නිසා. අත් අල්ලගෙන.. අන්තිම part එකේදී යොන්ජුන් ට තිබ්බේ සොංයී ව උස්සගෙන යන්න.. ටේ ඕක දැකලා පුපුරා පුපුර car එකත් අරන් ක්ලබ් එකට යන්න ගියේ. කොල්ලා තිබ්බ කේන්තියට ඇතිවෙනකන් බිව්වා.. ඇස්දෙක ඇරගන්න බැරිවෙන ගානට බිව්වා.. ටේ නොදැක්කට යූරාත් ක්ලබ් එකට ඇවිල්ලා හිටියේ . යූරා ටේව දැක්ක ගමන් ටේ ගාවට ඇවිල්ලා ඉදගත්තත් කොල්ලා දැක්කේ නෑ කවුද ආවේ කියලා.. ඔලුවත් පුටුවට හේත්තූ කරන් ඇස්දෙක වහන් හිටපු කොල්ලට කිසිම දෙයක් පෙනුනෙත් නෑ. යූරා එහෙම්මම දැක්කේ ටේගේ ලග ටේබල් එක උඩ තියලා තිබ්බ ෆෝන් එක..

යූරා ටේගේ  ෆෝන් එක අතට අරගෙන අන්ලොක් කරන්න යද්දී password එකක් වැටුනා..


🐞 : මොකක්ද password එක 🤔 කලින් තිබ්බ එකම ගහලා බලමු



යූරා නිකමට වගේ ගහලා බැලුවේ එයත් එක්ක යාලුවෙලා හිටපු කාලේ ටේ දාන් හිටපු password එක.. වාසනාවට ඒක අන්ලොක් උනා.. යූරා කටකොනේ හිනාවක් දාගෙන


🐞: password එකවත් තාම මාරුකරගෙන නෑ 😏


යූරා ටේගේ ෆෝන් එක ඔබ ඔබ මොනවා හරි හොයද්දි වැරදිලා වීඩියෝ එකක් ඕපන් උනා.. යූරා දැක්කා ඒ මොකක්ද කියලා... ඔව්... ටේ සොංයී ව බ්ලැක්මේල් කරපු වීඩියෝ එක...යූරා අමුතු හිනාවක් දාගෙන ඒක එයාගේ ෆෝන් එකට ශෙයා කරගෙන ටේගේ ෆෝන් එක ආය තිබ්බ විදිහටම තියලා යන්න  ගියා...


යූරා පහුවදා උදේම මොනවද කරන්නෙ කිය කිය කල්පනා කර කර ඉදලා fake account එකක් හදාගෙන ඒ වීඩියෝ එක සෝශල් මීඩියා අප්ලෝඩ් කරලා හයියෙන් හිනාවෙන්න ගත්තේ එයාට තිබ්බ එකම බාධාව උන සොංයී තව ටිකකින් එයාගේ පාරෙන් අයින් වෙන්න තිබ්බ හින්දා..



му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now