🐯: ඕක නවත්තලා මේක බීලා ඉන්නවා

.ටේ ටැබ්ලට් දෙකක් කෙල්ලට දුන්න පාර කෙල්ල අහක බලාගෙනම

🕊️: මට ඕන මගුලක් නෑ..

🐯: අම්මෙක් අප්පෙක් නැති ලමයෙක් ඉපදෙන්න ඕනනම් නොබී ඉන්නවා

සොංයී ඊටපස්සෙ කොල්ලගෙ අතේ තිබ්බ ටැබ්ලට් දෙක අරන් බීලා දැම්මා..

🕊️: තවත් මොනවද මෙතනට වෙලා බලන් ඉන්නේ...ආ තව මොනවද ඕනේ.. ඔයාට ... අඅ...🥺 මොන කරුමෙකට මන් ඊයෙ තමුන්ගෙ වාහනේට හැප්පුනාද මන්දා...ශික් අරුන්ට අහු උනානම් මැරිලා හරි යන්න තිබ්බා. මෙහෙම දුක් විදීනවට වඩා... ඇයි හැමෝම මාව පාවිච්චි කරන්නම හදන්නේ 😭🥺😭🥺 ඇයි ... ඇයි ඔම්මා අප්පා ඇයි මාව ඔයාලත් එක්කන් අරන් ගියෙ නැත්තේ.. ඇයි දෙයියනේ මාව මේ අපායේ දාලා ගියේ..

කෙල්ල අඩ අඩ කෑගහද්දි ටේට ටිකක් හිත රිදුනා. එයාගෙ ගල් හිත ටිකක් මෙලෙක් උනා. ටේ කෙල්ල ගාවට එන්න හදද්දිම සොංයී එකපාරට ඔලුවත් අල්ලගෙන බිම ඉදගත්තා...

🕊️: අහ්....ආහ්ම් .... මගෙ ඔලුව...ආහ්... ඔප්ප්පා..ම්ම්ම්...අහ් ...රිදෙනව  😖😣

🐯: යා යා සොංයී මොකක්ද උනේ...මොකද මේ...ආහ් යාහ් කතාකරනවා... ....

🕊️: මට ....ආහ්....රිදෙනව ඔලුව....ආහ්  .. 😣😖 ඔම්මා...

සොංයී එකපාරට ෆේන්ට් වෙලා ටේගෙ අත්දෙක උඩට වැටෙද්දි කොල්ලා ඉක්මනට කෙල්ලවත් උස්සන් හොස්පිටල් එකට යන්න ගියේ...කෙල්ලව අරන් ගිය ගමන්ම doctors ලා ඉක්මනට කෙල්ලව චෙක් කරන්න ගත්තා..
ටේ එලියට වෙලා  එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියේ ඩොක්ටර් එලියට එනකන් .. ටිකකින් ඩොක්ටර් ආවම ටේ ඉක්මනට ඩොක්ටර් ගාවට දුවන් ගියා.

🐯 : ඩොක්ටර් මොකක්ද ප්‍රශ්නේ එයාට ...

👨‍⚕️: මන් මේක කලින් mr. jin ට කියලයි තිබ්බෙ. සොංයී ව මෙච්චර stress කරන්න එපා කියලා. එයා  stress උන ගමන්ම ඔහොම වෙනවා  එයාට ගොඩ කාලෙක ඉදන්. කොච්චර කල් ඉදන්ද කියලා නම් මම දන්නැ. හැබැයි සොංයී stress කරන්නත් එපා කලබල කරන්නත් එපා..

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now