🌀ONE

414 29 4
                                        

"අහ්... මහන්සියි"

"අද මොකද වුණේ ඉතින්"

"සර් අලුත් dance move ටිකක් add කලා බං. ඒත් අකේන් over යනවා වැඩියි.ඒ නිසා එයාට මගේ වේගෙට dance කරන්න බැහැ"

"Over යනවා?"

"ඔව් අකේන් හිතලම සමහර ඒවට වේලාව ගන්නවා.මට නම් දැන් ඇති වෙලා.ඒත් මගේ dance partner ට ගන්න වෙන කෙනෙක් ඇත්තෙත් නැහැ"

"උඹ අකේන් එක්ක වැඩිය කතාවට නොගියොත් හොදයි තවීෂ."

"ඇයි බං එකපාරම"

"නෑ.ලගදි ඉදලා මට ඌ උඹ දිහා බලන විදිහ අල්ලන්නේ නෑ බං"

"උඹ හරි ශානු..තවීෂ මටත් ඕක ඹට කියන්න ඕන වෙලා තිබුනේ...ගානට ඌව තියාගනින්"

"හ්ම්ම ඒක නෙවෙයි බං මොනාද කන්න තියෙන්නේ...මට බඩගිනියි පැලෙන්න"

"ඔය තියෙන දෙයක් කාපන් ඉතින්.උඹේ ඔය ලස්සන ඇස් දෙකට මේ මේසේ උඩ තියෙන කෑම ටික පේනවා ඇතිනේ"

"ලස්සනයි තමා යකූ මගේ ඇස් දෙක"

"ඒ බං උඹලා දන්නවද අපේ කොලේජ් එකට අලුතෙන් ළමයෙක් ඇවිත්"

"කෙල්ලෙක් ද.... ලස්සනයිද....කොණ්ඩේ දිගද...."

"නෑ බං රිෂිත.ඒ කොල්ලෙක්"

"ආආආ එහෙමද...ශිට්.."

රිෂිතගේ කතාවට ශවීන් ගේ මූණ පොඩ්ඩක් වෙනස් වුනාට ශවීන් දිගටම කතා කලා.

"ඒ තවී.. උඹ දන්නවද ඒ ගැන"

"නෑ බං.දැන් උඹ කියද්දී මං දන්නෙත්"

"ශිට් යකෝ.. උඹ මේ කොලේජ් එකේ head prefect කරපු එකාගේ මුත්තට හොඳක් වෙන්න එපා"

"ආනෝර් මිස් ගේ මුත්තා මැරිලා බං.ඒක නෙවෙයි මේ අහපන්කෝ කොල්ලගේ නම අයාන් සචිත්‍ර..

DOOR UNLOCKED Dove le storie prendono vita. Scoprilo ora