ජැක්සන් සද්දක් නැතුවම ඇස් පියාන හිටියේ ආපු කෙනා ජැක්සන්ගේ ඇදේ එක් පසෙක වාඩි වී යමක් ඇදෙහි තබා ඔහුගේ අත අල්ල ගනිද්දි.. ජැක්සන් නිදි වගේ හිටියේ ඒ මේ ගෙදරම එක්කෙනෙක් කියලා ඔහුට තේරුන නිසා..

🦄 " හ්‍යුන් මෙහෙම තුවාල කර ගන්න එපා.. ඔයා මොනා කරන්නත් ශක්තිමත්ව ඉන්නෝන.. මෙහෙම තුවාල කර ගත්තාම ඇත්තටම ඔයාගේ පව්ලේ අයට දුක හිතෙයි.. "

🎭 [ ඔහ් මේ අශ්ව පැටියානේ.. ඒත් කොහෙද මගේ තුවාල වෙලා තියෙන්නේ.. මම දැක්කේ නෑනේ.. ]

ඇස් දෙක විතරක් පියාන හිටපු ජැක්සන්ට හෝසක් හිමීට කිව්වත් කිව්ව එක ඇහුනා.. තමන්වත් නොදැක්ක තුවාලයක් කොහොමද හෝසක් දැක්කේ කියලා ජැක්සන්ට අහන්න හිතුනත් හෝසක් කරන්නේ මොනාද කියලා බලන්න ජැක්සන් එහෙන්මම නිදි වගේ හිටියා..

🦄 " කවුරු හරි ඇවිත් මරලා යනකම්වත් දන්නේ නැති වෙයි.. ඒ තරමට නින්ද ලොකුයි වගේ.. "

🎭 [ මරලා යනකම් බලාන් ඉන්න මේ සාතන්.. හීනෙන් තමා.. ]

හෝසක් කියන හැම එකටම ජැක්සන් හිතින් පිලිතුරු දුන්නත් ඔහු හෙලවීමක්වත් නොකලේ හෝසක් ජැක්සන්ගේ අත රැගෙන ගෙනා firsted box එකේ තිබුනු පුලුන් වලට බෙටඩීන් ටිකක් දමා තුවාලය පිරිසිදු කලේ ජැක්සන්ට කිසිදු වේදනාවක් නොදැනෙද්දි.. ඒ තරමට පරිස්සමින් හෝසක් ඒ වැඩේ කල නිසා.. තුවාලය පිරිසිදු කල පසු ඒ මතින් ප්ලාස්ටර් එකක් ගසා ජැක්සන්ගේ අත නැවත තිබූ පරිදිම පොරෝනය තුලට දැම්මේ ජැක්සන් මේ හැමදේම ඇස් දෙක පියාගෙන උනත් දැක ගනිද්දි..

🦄 " ඔයා මෙහෙම මිනී මරන එකේ කෙලවරක් තියෙන්නෝන හ්‍යුන්.. ඉක්මනටම ඔයාගේ පලිය අරගෙන මේ දේවල් නවත්තන්න.. "

🎭 [ මටත් ඕන මේ දේවල් නවත්තන්න.. ඒත් දන්නවද අශ්ව පැටියෝ මේ සමාජෙට සාතන්ව ඕන.. මට මේකෙන් ගැලවීමක් නැහැ.. මම හිතනවා මට මේක නතර කරන්නතරම් වටින හේතුවක් නැහැයි කියලා.. ]

ජැක්සන්ට හිතින් හිතුව දේ කටින් කියන්න ඕන උනත් හෝසක් ඔහුගේ හිස පිරිමදින්න ගත් නිසා ජැක්සන් හට නින්ද ගියේ ඔහුත් නොදැනීම..

🦄 " good night hyung.. පරිස්සම් වෙන්න.. "

හෝසක් ජැක්සන්ට පවසා firsted box එජද රැගෙන නැවත ඔහුගේ කාමරයට ගියේ ජැක්සන් නිදි නිසයි..

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now