"අඬන්න දෙයක් ඇහුවේ නෑ.තවත් ඔහොම පිට්ටු ගිල්ලා වගේ ඉන්නෙ නැතිව කතා කරනවා.නැත්තම් මේ ගෙදර තව කට්ටිය ඉන්නවද බලන්නෙ නැතිව මට කෑ ගැහෙයි තේරුනාද?"

ඇඟිල්ලත් දිගු කරමින් සාරංග අහද්දි අහිංසා හැදුවේ ඔහුගේ ග්‍රහණයෙන් ගැලවෙන්න.

"ඔයා හිතන විදියෙ නරක දෙයක් එතන සිද්ද උනේ නෑ සාරංග අයියේ..මං ඒ හැමදේම යන ගමන් කියන්නම්.මාව අතාරින්නකෝ..මට රිදෙනවා.."

ඒත් ඇගේ වේදනාව දශමයක්වත් ගණන් නොගත් සාරංග ඇයව හුස්මක් දුරට ඇදලා ගත්තේ ඒ දෑස් වලටම එබිලා.

"මං රැවටෙන්න ආසා එකෙක් නෙමේ අහිංසා.මට මේ තියෙන ප්‍රශ්ණ වලින් ගැලවෙන්න විදියක් නැතිව ඉද්දි තමුසෙ මාව නොමරා මරන්න එපා.මං පටන් ගත්ත දවසෙම කිව්වා..මං ඉවසීම අඩු එකෙක් කියලා..හැම හැඟීමක්ම තමුසෙ පිටින් යවයි කියලා..ඒ හැඟීම් අස්සේ කේන්තිය කියන හැඟීමත් තියෙනවා.ඒ නිසා මට ඇත්තම කියනවා..නැත්‍තම් තමුසෙව වෙන එකෙක් උස්සන් යනකන් ඇස් කන් පියන් ඉන්නද තමුසෙ මට කියන්නේ?"

සාරංගගේ හඬේ පෙර තිබූ කේන්තිය ටිකක් අඩු වෙලා තිබ්බත් අහිංසාගේ හිතේ වේදනාව නම් අඩුවෙලා තිබ්බෙ නෑ.ඒත් සාරංග අවසානෙට කිව්ව වචන වලට අහිංසාගේ මුවේ ඇදුනේ හරිම වේදනාත්මක හිනාවක්.

"එහෙනම් මම ඉන්නේ මේ..ඔයා වෙන කෙනෙක්ගේ කියලා දැන දැන ඇස් කන් පියාගෙන..."

හඬ වෙව්ලද්දි අහිංසා හිතට හයිය අරගෙන කිව්වේ ශාදි ආව වෙලාවේ ඉඳන් ඇගේ සහ මිහිරානිගේ හැසිරීම මතක් කරන ගමන්.නිහඬව හැමදේම දරාගෙන උන්නට හිත රිදුනෙ නෑ කියලා පෙන්නගෙන උන්නට අහිංසා ඇත්තටම උන්නේ වේදනාවෙන්.ඇය තේරුව කමිසය ශාදි අතින් සාරංගට දෙද්දි අහිංසාට දැනුනේ හිත කැඩුනා වගේ හැඟීමක්.'ඔයාට දෙන්නෙ නැති ගිෆ්ට් වෙන කාට දෙන්නද?' කියලා ශාදිගෙ මුවෙන් පිට වෙද්දි කැඩිලා තිබ්බ හිත බිඳිලා විසිරිලාම ගියේ අනාගතේ ගැන අවිනිශ්චිත බියක් දැනෙද්දි.ඉතින් ඒ බිදුනු හිතටම තවත් වේදනා දෙන විදියට සාරංග හැසිරෙද්දි ඇයට හිතුනේ හැමදේම දමලා ගහලා ගෙදර දුවන්න.

"මොකක්ද ඒ කතාවේ තේරුම ආ?තමුසෙ හොඳටම දන්නවා මං ශාදිට කැමති නෑ කියලා"

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now