🎭 " උබ කියන්න ඕන නෑ.. "

ජැක්සන් එසේ පවසා පඩිපෙල නැග උඩු මහලයේ ඇති ඔහුගේ කාමරයට ගියේ wash එකක් දාගෙනම හෝසක්ව බලන්න යන අරමුණින්.. ජැක්සන් තමන්ගේ ඇදුම් මාරුකරගෙන නැවත පහල මාලයට ආවේ හෝසක් බැලීමටයි..

🎭 " තාම සිහිය ආවේ නැද්ද.. "

" උබ හිටිය විදිහ දැකලා දැන්ම සිහිය ආවොත් තමා පුදුමේ.. "

🎭 " අනේ පල.. "

ජැක්සන් ජන්කුක් දෙන්නාගේ රණ්ඩුව අතරෙන හෝසක්ට සිහිය ආවේ හැමෝම හෝසක්ගේ මූණට එබෙද්දි..

🦄 " අහක්කට පලයව් මට හුම්ම ගන්න බෑ බල්ලනේ.. "

හෝසක් එහෙම කිව්වට පස්සේ කට්ටිය එයා ගාවින්ම සෝෆා එකේ ඉද ගත්තේ හෝසක් වට පිට බලමින් කෙනෙක්ව හොයද්දි..

🐱 " ඔය බෙල්ල ගැලවෙයි යකෝ.. කාවද තෝ ඔය බෙල්ලත් කරකව කරකව බලන්නේ.. "

🦄 " කැතම කැත සොම්බියෙක් හිටියා.. කෝ දැන් ඌ.. "

" ඔය ඉන්නේ ඉස්සරහම.. "

ජන්කුක් හෝසක්ට ඔලුවෙන් ජැක්සන්ව පෙන්නුවේ ජැක්සන් ජන්කුක් හට හොදම එකෙන් රවද්දි.. හෝසක් සෝෆා එකෙන් බැහැලා ජැක්සන් ගාවට ගිහින් බිම දණගහගෙන ජැක්සන්ගේ කම්මුලකට අත තිබ්බේ ජැක්සන් වගේම ඒ වැඩෙන් හෝසක්ද ගැස්සෙද්දි..

" තොපි පෙම් කෙලිනවද යකෝ.. "

හැම ආදර කතාවකට හොදම මිතුරු හෙන හුරෙක් ඉන්නවා වගේ ජන්කුක් කෑ ගහද්දි හෝසක් ජැක්සන්ගේ කම්මුලින් අත ගත්තේ ජැක්සන් ඒ උණුහුම අහිමි වෙලා යන එකට ජන්කුක්ට රවද්දි..

" තෝ මොකද මට රවන්නේ.. "

ජන්කුක් ජැක්සන්ගෙන් රහසින් වගේ අහද්දි ජැක්සන් ජන්කුක්ගේ අත හිමීට උනත් තදට කෙනෙත්තුවේ ජැක්සන්ගේ නියපොතු පාරට ජන්කුක්ගේ අත තුවාල වෙද්දි..

🦄 " ජන්කුක් හ්‍යුන් ඇයි අඩන්නේ.. "

හෝසක් ඇසුවේ ඇස් දෙකේ කදුලුත් පුරවන් රතු වෙකා ඉන්න ජන්කුක් දිහා බලලා.. ජැක්සන් ජන්කුක් දිහා බලලා කට කොනින් හිනා වෙලා කට ඇරියේ ජන්කුක්ව හොදම එකෙන් නෝණ්ඩි කරන්න..

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now