27 වන මෙහෙයුම

Start from the beginning
                                    

"පරිස්සමෙන් ගිහින් එන්න පුතේ... තෙරුවන් සරණයි දෙන්නටම....... "

මම ඔලුවෙන් හා කියලා තොල හපාගන වීල් එකට නැග්ගා... හිත පුදුම විදිහට නොසන්සුන්....

"දනු...."

"ෂ්..... මුකුත් කියන්න එපා... මට අවුල්...."

අපි සද්ද නැතිව ස්ටේෂන් එකට ආවා..... හැමදේම ආයෙමත් පටන් ගන්න වෙනවා කියලා මට දැනුනා..... කෑම්ප් එකට ඇවිත් ආයෙමත් වැඩ පටන් ගන්න කොට ඒ දුරස් බවනම් දරාගෙන ඉන්න බෑ....

හැමදේම වෙලාවත් එක්ක කරන යුද්ධයක් වගේ කියලා මට දැනුනේ.... 

ජීවත් වෙනවා කියන්නෙත් එක්තරා මෙහෙයුමක් වගේ කියලා මට දැනෙනවා.... එදා මෙහෙන් ගිය දෙන්නා නෙවේ අද ඉන්නේ.....

"මොකෝ බන් උඹලා දෙන්නා ආපු වෙලාවේ ඉදලා බලාගත්ත අත බලාන ඉන්නේ....."

"ආ... තිනෝල්... උඹ ආවද බන්...."

"ආ...මෙන්න අලුත් ශෙඩියුල් එක උඹලා දෙන්නගේ.... මම යනවා බන් නාගන්න... ට්‍රෙන් එකේ ඇවිත් මුලු ඇගම ගදයි වගේ... උඹලා දෙන්නත් ඇදුම් මාරු කරගනිල්ලා බන්..."

මගේ අතට දුන්න ශෙඩියුල් එක මම බලන්නෙවත් නැතිව දනුට දුන්නා.... යන්තම් ඇස් කොනොන් මූ හිනා වෙනවා දැක්කම මම ගැස්සිලා හරියටම බැලුවේ මේකා අඩනවද හිනා වෙනවද කියලා.....

"මොකද බන් වෙලා තියෙන්නේ....."

"නෑ මුකුත් නෑ.... අපිට අපිව ඕන නැති වෙනකොට එකට ඉන්න ලැබුනා... ඒත් අපිට දැන් එකට ඉන්න ඕනෙ කියලා හිතන කොට ඉන්න ලැබෙන්නේ නෑ...."

"මොනද බන් කියවන්නේ...."

"මේක බලහන්.... මේකේ හැටියට උඹයි මායි එකට දාපු හැම වැඩකටම මම වෙනුවට තිනොල්ව දාලා...."

"නෑ......"

මම කොලේ උදුරගෙන බැලුවේ මූ විහිලුවක්ද කරන්නේ කියලා....

"ඒත් ඇයි බන් මෙහෙම කරන්නේ....."

"ඒකේ පුදුම වෙන්න දෙයක් නෑ... සමහරක් විට අන්තිම වෙනකොට මේ හැමදේම වෙනස් වෙයි...."

"ඒත් බන්...."

"අවුලක් නෑ කොහොම උනත් අපි දෙන්නට අපි දෙන්නව දකින්න හරි ලැබෙනවා කියලා හිතහදා ගමු බන්... යමු වොෂ් එකක් දාගෙන එමු...."

Beyond Duty || YizhanWhere stories live. Discover now