II -23

5.8K 293 23
                                    

#Mr_and_Mrs_අතිපණ්ඩිත_23

♥️©𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

“තමුසෙව බලන්න ඕනෙ අශූ..ඉන්නවා වීඩියෝ කෝල් එකක් ගන්නම්.”

එහෙම කියලා මට හිතන්නවත් වෙලා නොතියා කෙනාර් කෝල් එක කට් කරේ. ඊළඟ තප්පරේම ආවේ වීඩියෝ කෝල් එක.  කෝල් එක අරන් මොකුත් නොකියම මගෙ දිහා බලන් ඉන්නවා.

“ඇයි?”

මං ඇහුවේ එයා එහෙම බලන් ඉද්දි අමුතු නිසා.කෙනාර් ඔලුව දෙපැත්තට කරේ මොකුත් නෑ කියන්න. ඔහේ කියව කියව හිටියා අපි. අර ආදරේ කරන මුල් දවස් වල කපල් කතාකරනවා වගේ. කෙනාර්ට කලින් නිදියගන්න කීවත් එයා ෆෝන් එක තිබ්බෙ නෑ. අවසානෙට මට නින්ද ගියේ කොයිවෙලේද කියලවත් මං දන්නෑ.

♥️©𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

උදේ තිර රෙදි අස්සෙන් පෙරිලා ආපු ඉරඑළිය පියවුණ ඇස්පියන් උඩට වැටෙද්දියි මට ඇහැරුණේ. කුරුල්ලන්ගේ සද්දෙන් තේරුණා උදේ වෙලා කියලා. ඒත් ඇස් අරින්න කම්මැලියි.

පුරුද්දට වගේ මං ඇස් දෙක පියාගෙනම එහාපැත්තට අත දික් කරේ කෙනාර් ඉන්නවද බලන්න. නිදිමරගාතේ හිටපු නිසා මට එකපාරම අමතක වෙලා තිබ්බේ වෙනදා වගේ කෙනාර් ඇඳේ එහාපැත්තෙ නෑ කියලා. ඊළඟ තප්පරේම කෙනාර් ඉන්නේ මගෙන් ගොඩක් දුරක කියලා මතක් වෙද්දි මහා උදාසීන හැඟීමක් හිතට ගලන් ආවේ. වෙනදට එයාගේ උණුහුම් පපුව අස්සේ ඉඳන්, අත් අස්සේ ඉඳන් නැගිටිනකොට දැනෙන හැඟීමට මම කොච්චර ලෝබද කියලා මට තේරුණේ එවෙලෙ.

කෙනාර් අදත් නෑ හෙටත් නෑ කියලා මතක් වෙද්දි මහ එපාකරපු පාලුවක් එක්ක එපාවෙන හැඟීමක් දැනුනේ හිතට. තාම ඇස් අරින්නවත් හිතෙන්නෑ. මං එහෙමම හුස්මක් හෙළලා හෙමීට ඇස් ඇරියෙ කම්මැලිකමෙන්. ඇඳෙන් බහින්න හිතෙන්නැතිවෙද්දී මං එහෙම සිවිලිම දිහා බලන් ඔහේ තප්පර වලට ගෙවෙන්න දුන්නා.

“මං නැතුව පාලුයිද ම්ම්?”

ඒත් එකපාරම ඇහුණ කටහඬත් එක්ක මං උඩබිම් බැලුවේ මොළෙත් එක්ක තප්පරේකට විකාර වෙලා යද්දි. සිංගපෝ ඉන්න කෙනාර්ගෙ කටහඬ එකපාරම හොල්මන් වගේ කණ අස්සෙන් ඇහෙද්දි බය වෙන්නැද්ද ඉතින්.

Mr & Mrs අතිපණ්ඩිත Where stories live. Discover now