II - 06

1.8K 115 0
                                    

#Mr_and_Mrs_අතිපණ්ඩිත_06
[Mr.අතිපණ්ඩිත දෙවන දිගහැරුම]

♥️©𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

එතනින් නවතින්නැතුව එයාගෙ ඇඟිලිතුඩු මගෙ ඉණේ නතරවෙනවා දැනෙද්දි මං ඉස්සරහට පැන්නේ ඉක්මනට.
මං ඇස් ලොකුකරන් බලන් හිටියෙ කෙනාර් දිහා.

"පිප්පුවට කරන්න දෙයක් නෑ. මට ඕන්නම් මං කිස් කරනවා!"

♥️©𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඒකට පපුවත් එක්ක සීතල වෙලා ගියේ එක එක ඒවා හිතෙද්දි. කෙනාර් කියන්නේ එයාට ඕනෙ දේ කරන කෙනෙක්. එහෙම කෙනෙක් එක්ක එක රූම් එකක ඉද්දි...

කෙනාර්ට මොකුත් කියන්නවත් හිතුණෙ නෑ මට. මොකද හිතට දැනුනෙ බයක්. ඒ බය සාමාන්‍ය ගෑණු ළමයෙක්ට හනිමූන් මතක් වෙද්දි දැනෙන බයට එහා ගිය බයක්.

හිත කල්පනාවෙන් බර වුණේ එක එක දේවල් හිතෙද්දි. මුළු හිතම පිරිලා තිබ්බෙ බයක් මුහුවුණ අනාරක්ෂිතයි වගේ හැඟීමකින් කීවොත් හරි.

'ඔයා මෙහෙම කරන එක වැරදියි කෙනාර්...'

හිත එහෙම කීවෙ මැරි කරන්න කලින් කෙනාර් හැසිරුණ විදියත් එක්ක අපි දෙන්නා අතර ලොකු දුරස් බවක් ඇතිවුණ නිසා.

මට මතක් වුණේ මුල්ම කාලේ. පුංචි කෙනාර්ගෙ ප්‍රපෝසල් එක ගෙනත් මාස ගාණකින් පස්සෙ මැරේජ් එක ෆික්ස් වුණේ අපි දෙන්නගේ. ඊට පස්සෙ වෙඩින්ග් එකට දින දාගත්තා.

ඒ වෙනකන්ම කෙනාර් එක්ක ලොකුවට සම්බන්ධ වෙන්න හම්බුණේ නෑ. එයා ගෙදර ආවමත් ඉස්සර වචනයක් දෙකක් කතාබහ කරනවා. 

වෙඩින් රින්ග්ස් හදන්න දෙන්න ගිය දවස මට මතක් වුණේ. එදා තමා මට කෙනාර්ව එපා වුණේ. ඒ දවස්වල මාත් එක්ක තරහකින් හිටියා වගේ. කතාකරෙත් හරහට. මම මුල් ටිකේ ඉවසන් ඉඳලා වෙඩින්ග් රින්ග් හදන්න දෙන්න ගිය දවසෙ මගෙත් ඉවසීමේ සීමාව පැන්නා.

එදා මම කෙනාර් එක්ක කටගහන් ගියේ ඉවසන්නම බැරි තැන. ඒත් එදා කෙනාර් හැසිරුණේ ගොඩක් පහත් විදියට. මට ඒක අද වගේ මතකයි.

රණ්ඩුවෙලා එයා මගෙ කට මිරිකුවා. මට රිද්දුවා. බැන්නා. පස්සෙ මම එයාටත් කියන්න ඕනෙ ටික කියලා වාහනෙන් බැහැලා ගියේ කෙනාර්වත් එපා, වෙඩින්ග් එකත් එපා කියලා.

Mr & Mrs අතිපණ්ඩිත Where stories live. Discover now