'ඇයි මෙතන?' වගේ බැල්මක් මං කෙනාර් දිහාවට දැම්මේ.
"අම්මටයි අප්පච්චිටයි මොනවහරි අරන් යන්න ඕනෙ... එදත් මොනවත් අරන් යන්න බැරිවුණානෙ."
මං කෙනාර් එක්ක ශොපින් මෝල් එකට ගියා. එයාටත් මහ අමුතු අමුතු දේවල් හිතෙන්නේ. මැරි කරලා ඉස්සරලම ගෙදරට යද්දිත් අපි කෑම බීම විතරලු අරන් ගියේ. මොනවත් අරන් යන්න බැරිවුණ නිසා අද මොනවහරි ගමු කීවා.
අප්පච්චිට ශර්ට් එකක් ගන්න ඉස්සරලම ගියේ.
"අප්පච්චිගෙ ශර්ට් සයිස් එක කීයද?"
කෙනාර් අහද්දි මං කෙනාර් දිහා බැලුවේ ගැස්සිලා වගේ.
"තව එයා අඳින ස්පෙෂල් බ්‍රෑන්ඩ්, මෙටීරියල් තියනවනම් කියන්න."
ලිෆ්ට් එකෙන් බැහැලා ෆ්ලෝ එක දිහාවට ඇවිදන් යන ගමන් කෙනාර් අහන්නේ. ඒත් මට එවෙලෙ දැනුන හැඟීම මාවම එපාකරවන හැඟීමක්. මං මොන ජාතියෙ දුවෙක්ද කියලා හිතුණා. මං අප්පච්චි අඳින ශර්ට් සයිස් එක දන්නෑ. සුදුඅයියා අසනීප වෙන්න කලින්, අපි සතුටින් හිටපු කාලෙනම් මං එයාලා ගැන හැම පුංචි දෙයක්ම දැනන් හිටියා. ඒත් ගෙවිල ගිය අවුරුදු අට... ඒ අවුරුදු අටේ මට හැමදේම මග ඇරිලා.
"අශූ ඇයි?"
මගෙ ගමන බාල වෙද්දි කෙනාර් ඇහුවේ එයාට මගෙ මූණෙ වෙනස තේරෙන්න ඇති.
"අප්ප..ච්..චිගෙ ශර්..ට් සයිස් එක ම්..මං දන්නෑ.."
මගෙ කටහඬත් බිඳුනා. පපුව ඇතුලෙන් හීනි වේදනාවක් කොණිති ගහනවා වගේ. ඇසුත් යන්තම් බොඳ වෙනවා දැනුනේ මගෙ දිහා බලන් ඉන්න කෙනාර්ගේ මුණත් බොඳවෙලා වගේ යද්දි. හුස්මක් හෙළලා කෙනාර් මගෙ අතින් අල්ලගත්‍තා.
"හරි හරි යං.. ගෙස් කරලා ගමු. කොහොමත් එක්ස්චේන්ජ් කරන්න පුළුවන්නෙ සයිස් මැච් වෙන්නැත්තම්."
කෙනාර්ට එවෙලෙ හොඳට තේරුණා මම හිටපු සිටුවේෂන් එක. එයා ඊට පස්සේ ඒ ගැන මගෙන් ඇහුවෙ නෑ. අම්මගෙ ඇඳුම් සයිස් ගැන අහන්නැතුව එයා කීවා සාරි එකක් ගමු කියලා. අඩුම අම්මා කැමති පාටවත් මං දන්නෑ. කෙනාර් ඒක ඇහුවෙ නැතත් මං හිටියේ මං ගැන ගොඩක් ලොකු කළකිරීමකින්. මට මගෙම අම්මයි අප්පච්චියි කොච්චරනම් මගඇරිලද...
II - 22
Start from the beginning