🎭 " බලට් බස්සන්න කලින් කන් දෙක උබේ කන් දෙක බේරගෙන හිටපන්.. Idol කෙනෙක් උනානම් රැප් කියන්න යවන්න තිබ්බා.. මේ ගෙදර වසන මිනිස්සු මේක කොහොම අහන් ඉන්නවද මන්දා.. "

" උන්ට හුරු ඇති.. පේන්නේ නැද්ද නෝමල් එකේ ඉන්න විදිහ.. මගේ කෙසේ වෙතත් උබේ කන් තමා පරිස්සම් කරගන්න වෙන්නේ මේ යන විදිහට.. "

🎭 " දෙවියනේ මගේ කන් දෙක ඔබතුමන්ට භාරයි.. "

" ඊයා යකෝ සාතන් කවද්ද දෙයියන්ගෙන් දෙයක් ඉල්ලුවේ.. "

🎭 " මේ යන විදිහට දෙයියන්ගෙන් නෙවේ යමරජාගෙනුත් ඉල්ලන්න වෙන සීන් එකක් තියෙන්නේ.. යකෝඔ පොඩිකමටද සද්දේ මුන්ගේ.. "

ජන්කුක් ජැක්සන් කිසිම වෙනසක් නොපෙන්වා කතා බහා කලේ මීට පැය කිහිපයකට පෙර ගහ මරාගත්ත දෙදෙනද මේ කියලා කියන්න බැරි වෙද්දි.. ජිමින් හෝසක් යුන්ගී ටෙහ්‍යුන් මේ මිතුරන් දෙදෙනා දිහා බලාන් හිටියේ ජන්කුක් හා ජැක්සන් හට ඔව්න් වෙත එල්ල වී තිබෙන ඇස් අටක් අමතක වී ගොස් තිබුනා.. ජන්කුක් හා ජැක්සන් සිනහා වෙමින් කතා කලේ අවුරුදු ගනනකට පෙර වල දැමූ ඒ මිත්‍රත්වය යලි පණ නගා වැඩෙද්දි..

ʙʀᴇᴀᴋɪɴɢ ɴᴇᴡs..

" මීට අවුරුදු 15 කට පෙර මුළු පව්ලක්ම අමු අමුවේ විනාස කල ලී වූන් නැවත ද.කොරියාවට පැමිණ ඇති බව විදේශ ආරංචි මාර්ග පවසා සිටිනවා.. එස් තොරතුරු තහවුරු කරමින් ඔහු seoul national airport එකේ සිටින දර්ශන කිහිපයක්ද අප වෙත ලැබී ඇත.. "

සාලයේ ක්‍රියාත්මක වෙමින් තිබූ රූපවාහිනියේ ගිය පුවත අසා ඉදගෙන සිටි ජන්කුක් මෙන්ම ජැක්සන්ද අකුණක් ගැසුවාක් මෙන් නැගී සිටියේ අවුරුදු ගානක් ඔව්න් දෙදෙනාම බලාපොරොත්තු වූ පුද්ගලයා ඔහු වූ නිසා.. පියාගේ ධනයෙන් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරපු ලී වූන් ජන්කුක්ගේ මෙන්ම ජැක්සන්ගේ එකම සතුරා වී තිබුනා.. මෙය දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලෙන යුද්ධයේ ආරම්භය වේවි.. එක් දුෂ්ටයෙකුට විරුද්දව යන තවත් දුෂ්ටයන් දෙදෙනෙක්..

" ඌ ඌ කොහොමද බය නැතුව ආපහු කොරියාවට ආවේ.. "

🐯 " ඔය යස අගේට ඇවිත් තියෙන්නේ දෙයියන්ගේ පිහිටෙන්.. "

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now