මැදියම් රැ⁣ය

323 38 0
                                    

තරුණිය එසේ පැවසුවේ කෘතඥපූර්වකවයි. කාන්තාවද සිනාවක් සංග්‍රහ කර එතනින් නික්මුණාය.

"ඒ ගෑණු කෙනා හරි වෙනස් නේද?"

ඇද මත හිදගෙන හුන් තරුණිය ඇසුවේ කාමරය පුරා තම දෑස් ගෙනයන අතරේදියි.

"ඇයි එහෙම කියන්නෙ?"

"නෑ. බලන්නකො එයාගෙ ඇදුම් පැළඳුම් පවා ගොඩක් ඉස්සර ඒවා වගේ. ඒත් එයා තාම තරුණයිනේ!! මං ඒක ගැන කිව්වෙ"

තරුණිය පැවසීය.

"ගොඩක් වලව් පැලැන්තියෙ අය තමන්ගෙ ආච්චිලාගෙ සීයලගේ ආරෙටමයි යන්නෙ ඒකයි.ඒ !"

"හැබැයි මට මෙහාට ආපු වෙලේ ඉදලා හෙන අමුත්තක් දැනුනා. එක ලයිට් එකක්වත් නෑනේ බලන්නකො.. ලාම්පු විතරයි. ඔයාට තේරෙන්නෙ නැද්ද? හරිම අත්භූතයි."

තරුණිය එසේ පවසන විට, තරුණයා ඇය දෙස අවඥාවෙන් බැලුවේය.

"ඔහ් ගෝඩ්!!! සශී,.. .ඔයා හිතනවා ගොඩක් වැඩියි. මේ රෑ කව්ද කින්ද මංදා කියලා නොබලා අපිට ඉන්න තැනක් දුන්න එකට ඒ ගෑණු මනුස්සයා තෑන්ක්ස් කරනවා!! අඩුපාඩු හොයන්නෙ නැතිව!!"

තරුණයා ඇයට අවවාද කළේය.

"මං අඩුපාඩු හෙව්වා නෙමේ. මං කිව්වෙ මට දැනිච්ච දේ."

"ඕවා ගැන හිතන්නෙ නැතිව නිදාගන්න. අපි හෙට උදෙන්ම වාහනේ හදාගන්න ක්‍රමයක් බලමුකො"

තරුණයා ඇගේ නලලත සිප ගනිමින් පැවසුවේය..

මධ්‍යම රාත්‍රිය ලගා විය.. තරුණිය නින්දෙන් අවදි වූයේ තම උතුර පෙදෙසින් ආ වේදනාවක් ⁣හේතුවෙනි.

"ශිට්!! සීතලේ උන්නු නිසා වෙන්න ඇති!"

ඇය අදුරෙම තම බෑගය සොයමින් තමාටම පවසාගත්තාය.

"කොහෙද මගෙ ලොසින්ජර් එක??"

"අනු... ඔයා මගෙ ලොසින්ජර් එක දැක්කද?"

ගැඹුරු නින්දෙ සිටියද තරුණයා ඇගේ හඩින් අවදි විය. ඈලි මෑලි කඩමින් නැගී සිටි ඔහු,

"මොකද මේ මහ රෑ නැගටගෙන??"

"මගෙ උගුර රිදෙනවා.. ලොසින්ජර් බොක්ස් එක දැක්කද? ඒක තිබ්බෙ මගෙ බෑග් එකේ!"

"මං දැක්කෙ නෑ.."

තරුණයා එසේ පවසත්ම, පහල මාලයෙන් ඇසුණේ වීදුරු බිදෙන හඩකි.

"ඒ අර ගෑණු කෙනාද?"

තරුණිය විමසීය.

"ඔයා ඔහොම ඉන්න, මම ගිහින් බලන්නම්"

තරුණයා ඇදෙන් නැගිටින අතරවාරයේ එසේ පවසන විට, තරුණියද ඇදෙන් බැස්සාය.

"අනූ.. මට තනියෙන් ඉන්න බෑ මාත් එනවා."

ඇය ඔහුගේ අතකින් අල්ලාගන්නා ගමන් පැවසුවේ බිය මුසු හඩකිනි.

"හරි පරිස්සමින් එන්නකො.."

දෙදෙන පහත මාලයට ගියද කිසිවෙකු එහි සිටියෙ නැත.. නැවතත් පෙර ශබ්ධයම ඇසුනද එය ඇසුනේ කාර්යාල කාමරය දෙසිනි.

"අ...අනූ..."

"බය වෙන්න එපා, පිස්සි!! කව්රුත් නෑ.. මීයෙක් හරි මොකෙක් හරි වෙන්නෑ.. බය නොවී එනවා."

තරුණයා තරුණියව අස්වසමින් පැවසීය.

කාර්යාල කාමරයට ගිය දෙදෙන දුටුවේ ලොමු ගැන්වෙන දර්ශනයකි.

අදුරු හෝරා|✔|Where stories live. Discover now