යටගියාව

300 29 0
                                    

ඒ 1928 එක් අදුරු සීතල රැයකි. බංගලාවේ විසූ අවසාන පරම්පාරාව වූයේ ඔවුන්ය.. තම පරම්පරාවෙන්ම උරුම වූ මෙම පැරණි බංගලාවෙහිම ඔවුන් තවමත් ජීවත් වූයේ තම පරම්පරාවේ චිරාගත නීති රීති වලට ගරු කිරීමක් ලෙසය.

මධ්‍යම කදුකරයේම හරි අඩකටත් වඩා තේ වතු හෙබවූයේ ඔවුන් විය. මුලු නුවරම සිටි ධනවතුන් අතරින් ඉහලම පෙලේ ධනවතෙකු වූ ඔහු තරමක් කිපෙනසුළු තරුණයෙකු විය.

තම සුරූපි බිරිය සහ දරුවන් දෙදෙන සමග ඔවුන් මෙහි පදිංචියට පැමිණියේ මීට වසර පහකට පෙරය. ඒ ඔහුගෙ පියාගෙ දැඩි පෙරැත්ත මතය. ප්‍රශ්නයක චායාවක්වත් නොමැතිව ඔවුන්ගෙ ජීවිත ගලා යන්නට විය. 'පුංචිහාමු' ගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වන්නට විය.

ගෙවී ගියේ අව්රුදු පහක් වැනි කුඩා කාලයකි. තම පව්ලට කණ කොකා හඩලා ඇති බව 'පුංචිහාමු' ට තේරුම් ගැනීමට ඒ හැටි දවසක් ගත වූයේ නැත. පෙර මෙන් තම සුරූපි බිරිද තමා ළඟ සිටීමට ප්‍රිය නොකරන බව ඔහුට වැටහුනි. එදායින් පසු සෑම රැයකම බංගලාවෙන් නැඟුණේ ගෝරනාඩු පමණි.

තම බිරිද ගැන සෝදිසියෙන් සිටි ඔහුට, තම බිරියගේ වෙනස් වීමට හේතු සොයා ගැනීමට හැකි විය. බංගලාවේ වතු පිටි බලාකියා ගත් තරුණයෙකු සමග ඈ හාද වී ඇති බව වටහාගත් 'පුංචිහාමු' ගේ ඉහමොල රත් වින. කාටත් හොරා එක් අදුරු රාත්‍රියක එම තරුණයාව සහ තම බිරිදව තම කාර්යාලයට ගෙන්වා ගත් 'පුංචිහාමු' ඔහුව වෙඩි තබා ඝාත⁣නය කලේය. එයින් කම්පනවූ තම බිරිද ඔහු සමග අඩදබරයක් පටන් ගත්තාය. 'පුංචිහාමු' ගේ අත වූ තුවක්කුවෙන් ඇගේ හිසට පහරක් එල්ලකර අතර, සිතන්නවත් වේලාවක් ගත වූයේ නැත. ඇයද ඔහු අතින් අවසන් ගමන් ගියාය. මලසිරුර දෙකම ඔහු විසින් කිසිවෙකුටත් සොයා ගත නොහැකි ලෙස වල දමන ලදි.

නැවතත් ඔහුගෙ පව්ල පෙර සිටි තත්ත්වයටම පත් විය. තම දියිණියන් දෙදෙන මව පිලිබදව විමසන විට,ඔහු පැවසුවේ ඇය ඇගේ මවගේ නිවසට ගොස් බවයි.නමුත් ප්‍රශ්නයක් නොමැතිව ජීවත් වීමට හැකි වූයේ කෙටිකලකි.

අදුරු හෝරා|✔|Where stories live. Discover now