🦊 " අම්මා "

👩 " ල්..ලොකූ.. "

🦊 " අම්මා මට සමාවෙන්න අම්මා.. "

👩 " ලොකූ අහන්න.. ස්..සමාව ඉල්ලන්න.. එ.ඒපා.. පුලුවන් නම්.. මේ කරපු දේට උන්ට දඩුවම් ක්..කරන්න.. "

තමන්ගේ උකුල උඩම තමන්ගේ මවගේ අන්තිම හුස්ම වාතයට මුසු වෙද්දි ජැක්සන් කලේ කෑ ගහලා අඩපු එක.. අම්මා නංගි මල්ලි තාත්තා හැමෝම එක තත්පරෙන් ඔහුව දමා සදහටම යන්න යද්දි ජැක්සන් කලේ ඇඩුව එක.. අඩලා අඩලා අන්තිමට තීරණක් අරන් නැගිට්ට ජැක්සන් කලේ කදුලු පිස දමාගෙන තමන්ගේ පව්ල තමන් අතින්ම වල දමා ගෑස් ලීක් කර නිවසින් එලියට පැස්සේ ඔහුගේ මුලු ලෝකයම පැය ගනනකදි කඩා වැටුන දුක හිතේම හිර කරන්.. අඩි කිහිපයක් යනවත් සමගම නිවස විශාල ශබ්දයක් සමග ගිනි ගෙන දැවෙන්න පටන් ගත්තේ ජැක්සන් හැගීමක් නොමැතිව ඒ දෙස බලා සිටියදී..

🦊 " වූන් ඇති තරම් විනෝද වෙයන්.. සාතන් ලගදිම කරලියට එනවා... එතකන් සතුටු වෙයන්.. මොකද පස්සේ උබට අඩන්න වෙන නිසා.. "

කුරිරු සිනහවකින් මුවම සරසා ගත් ජැක්සන් එතැන් පටන් සාතන් වී මිනිසුන්ගේ කර්මය විසදුවේ මිනිපිට මිනිස් වෙසින් ජීවත් වන සාතන් ලෙසටමයි.. වැඩි කාලයක් නොයාම මුලු seoul නගරයම සාතන් හට බිය වූයේ සාතන් නිහඩ වනවාත් එක්කමයි.. නමුත් වූන් නැවතත් seoul වෙත එන්නේ නිදා සිටි සාතන් නැවතත් වදි වද්දී..

________________________________________________...

Present__

🎭 " හැමෝටම සුන්දර ජීවිත ලැබෙන්නේ නෑ පොඩ්ඩෝ.. "

අවුරුදු 15 ක් අතරේ අතරම් ව සිටි ටෙහ්‍යුන්ලා නැවත මේ ලෝකයට ආවේ සාතන් නැතිනම් ජැක්සන්ගේ කට හඩින්..

🎭 " ජීවිතේ පුදුමාකාරයි.. ජීවිතයක් ලස්සන කරන්න වගේම ජීවිතයක් අපායක් කරන්නත් කාලයට යන්නේ ඇසි පිය ගහන මොහොතක් විතරයි.. ලස්සනට තිබුන මගේ ලෝකේ කඩා වැටෙන්න ගියේ පැය කිහිපයක් විතරයි... නංගි මල්ලි අම්මා තාත්තා වුන් මගේ ඉස්සරහම මගේ ලෝකේ විනාස කරලා දැම්මා.. අනිවාර්යයෙන් මං පලිගන්නවා.. "

🐹 " ඒත් කිසිම දේකට සම්බන්ද නැති මිනිස්සුන්ව අල්ල ගත්තේ ඇයි.. "

🎭 " නැහැ.. මම මේ වෙනකම්ම අපායට යැව්වේ වැරදි කරපු මිනිස්සුන්ව.. සාතන් කර්මය විසදුවේ වැරදි කරපු අයගේ සහා කරන අයගේ.. "

ʙʀᴇᴀᴋɪɴɢ ɴᴇᴡs..

" මේ වන විට අනාවරනය වී ඇත්තේ දැනට ඝාතනයට ලක් වූ සියලුම පුද්ගලයන් නීතියෙන් සැගවී.. අවයව ජාවාරම්.. මිනිස් ජාවාරම්.. මත්ද්‍රව්‍ය ජාවාරම් සහා කාන්තා දූෂන නඩු වලට සැක කල පුද්ගලයන් බවයි.. වැඩි දුර පරීක්ෂණ මගින් හෙලි වී ඇත්තේ ඔවුන්ගේ ජාවාරම් පිලිබද සියලුම තොරතුරු නාදුනන ලිපිනයක් මගින් පොලීසියට ලැබී ඇති බවයි... "

සාලයේ හිටපු හැමෝගෙම අවධානය TV එක දෙසට දුවද්දි හැමෝම බැලුවේ ජැක්සන් දිහා.. සුලු මොහොතකට පෙර කියූ සියල්ලම සත්‍ය බව ඔවුන්ට වැටහුනේ ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුවයි..

දැඩි නිහැඩියාවක් එතැන් පටන් පැවතුනත් සාතන්ගේ උදරය පසාරුකරගෙන යන්න වැදුනු බුලට් එක නිසාම ජැක්සන් විසි වී ගොස් බිම ඇද වැටුනේ හොබී ජිමින් ජින් හෝසක් ජැක්සන් ලගට දුවද්දි වගේම යුන්ගී ජූන් දෙන්නා දොර දෙස බැලුවේ නිවසකට කඩා වැදී හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වෙඩි තියන පෝරිසාදයා මොකාද බලන්න වගේ..

?? " ඔහ් සාතන් එහෙනම් අපි හම්බුනා.. මොකදේ මේ පොඩි උන් ටිකක් පිරිවරාගෙන.. "

🎭 " කිසිම දෙයක් නොදැන කියවන්න එපා මිනිහෝ.. "

?? " බුලට් එකක් ඇග ඇතුලේ තිබුනත් කටනම් අඩු වෙලා නෑ.. "

🎭 " අහනවා තමුසේ හිතාන් ඉන්නේ වැරදියට ________ මම ගෑස් එක ලීක් කලා තමයි.. ඒත් මගේම මල්ලිව මම මැරුවේ නෑ මනුස්සයෝ.. "

?? " ලේ විලක් මැද මගේ මැණික පණ අදිද්දි උබ කලේ බලාන් හිටිය එක.. "










( C/N : ඔන්න අනිත් දුෂ්ටයත් කරලියට ආවා.. කවුද කියලා ගෙස් කරමුද..

Vote comment කරන්න ලමයි.. එහෙනම් මම කැපුනා.. බායි.. පරිස්සමින් ඉන්න.. හෙට පුලුවන් වුනොත් දෙන්නම් ඈ.. ✌ )

              
                                ✍ _ 𝕮𝖍𝖎𝖒𝖒𝖞 _

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now