🦊 " හරි හරි අප්පා ඒ දෙන්නව ඇදලා ගන්න එපා.. "

ජැක්සන් ඒ පව්ලේ වැඩිමලා.. නංගි මල්ලි වගේම අම්මායි තාත්තයි එක්ක සතුටින් ජීවත් උන තවත් එක කොල්ලෙක්.. තාත්තාට පුංචි coffee shop එකක් තිබුනා වගේම මෙයාලා හුගක් සරලවයි ජීවත් වුනේ.. ජැක්සන් කොලේජ් යද්දි නංගී මල්ලි 13 ක් වෙන පාසල් ශිෂ්‍යයෝ උනා.. ඒ දෙන්නා නිව්න්නු නිසාම ඒ දෙන්නා හුගක් එක වගේම ගති පැවතුම් පෙන්නුම් කලා.. කොච්චර දඩබ්බර චරිතයක් වුනත් ජැක්සන් තමන්ගේ නංගිටයි මල්ලිටයි නොසෑහෙන්න ආදරේ කලා..

ජැක්සන් සාලයෙන් පැමිණ තමන්ගේ කාමරයට ගොඩ වී බෑගය පසෙකින් තබා ඇදට වැටුනේ ගතට දැනුන මහන්සිය නිසාමයි.. කාමරයේ දොර විවර වනවත් එක්කම සුපුරුදු සුවදකින් කාමරය පිරී ගියේ ආවේ කවුරුන්ද කියා ජැක්සන් සුවදින් දැන ගනිද්දි..

🦊 " චූටි.. "

👱‍♀️ " ඔප්පා.. ඔයා දැන්ද ආවේ.. මහන්සි නැද්ද.. ඇග සේදුවද.. කෑවද.. "

කෝච්චිය වගේ එක දිගට තමන්ගෙන් ප්‍රශ්න කරන තමන්ගේ සොයුරිය දිහා ජැක්සන් බලා සිටියේ සිනහවකින් මූණම සැරසෙද්දී.. මල්ලි නංගීගෙන් වැඩිමලා මල්ලි වෙද්දි පව්ලේ පොඩිම කෙනා නංගි වුනා.. ජැක්සන් දෙන්නටම එක හා සමාන ආදරයක් දුන්නත් කිසිම දවසක ඒක කියන්න ගියේ නෑ..

🦊 " යාහ් කෝච්චිය වගේනේ.. එක පාරකට එකක් අහනවා.. ඔව් දැන් ආවේ.. මහන්සී තමා.. ඇග හෝදන්න කලින් තමා තමුසේ මේක අස්සට කඩාගෙන බිදගෙන ආවේ.. කන්න ඕන.. "

👱‍♀️ " ඔප්පා.. "

🦊 " මොකද වදේ.. "

👱‍♀️ " අද යූන්ට ඉස්කෝලේ ලමයි කට්ටියක් ගැහුවා.. "

🦊 " ආශ් ඒ මෝඩයා බලාන් හිටියද.. යූන් යූන්.. කොහෙද ඉන්නේ.. ඉන්න තැනකින් දැන්ම එනවා මගේ කාමරේට.. "

ජැක්සන් ගේම දෙදරලා යන්න කෑ කැහුවේ ඔහු කිසිසේත්ම තමන්ගේ මල්ලිටයි නංගිටයි වෙන කවුරුත් අත තියනවට කැමති නැති නිසයි.. ඒ එක්කම තමන්ගේ කාමරේ දොර අසල සිට කාමරේට බයෙන් බයෙන් ඔලුව දාන තමන්ගේ මල්ලිව දැක්කාම ජැක්සන්ගේ කේන්තිය ඉයවහා ගියේ තමන්ගේ සොයුරාගේ මුහුණ දැකලා.. එක් ඇසක පහලට වෙන්න නිල් වෙලා තිබුනා වගේම තොලත් පැලිලා තිබුනේ වැදුන පාරවල් වල දරුණු බව කියාපාන්න වගේ.. මුහුණේ පැත්තක් ඉදිමී තිබුනේ මේ දෙස බලා සිටි ජැක්සන්ගේ කදුලු තම්න්ගේ කොපුල් දිගේ රූටා වැටෙද්දී..

🦊 " උන් ගහනකම් බලාන් හිටියද මෝඩයෝ.. එනවා මෙහෙට.. "

සොයුරාව තමන් අසලට ඇද ගත්ත ජැක්සන් නංගිට කියා බෙහෙත් පෙට්ටිය ගෙන්වාගෙන සොයුරාගේ තුවාල පිරිසිදු කර බෙහෙත් දැමීමට පටන් ගත්තේ බොහොම පරිස්සමටයි..

🧑 " ඌහ් රිදෙනවා.. හිමීට දානවකෝ.. "

🦊 " ගුටි කද්දි රිදෙන්නේ නෑ බෙහෙත් දාද්දි තමා රිදෙන්නේ.. බලනවා ඉදිමිලත් එක්ක.. "

🧑 " එයාලා මට වඩා වැඩිමල් හ්‍යුන්.. "

හීන් කටහඩකින් යූන් පැවසුවේ සොයුරාගේ කේන්තිය තවත් වැඩි කිරීමට ඔහුට අවැසි නොවුන නිසයි.. ඔහු පාසලේ තමන්ට වෙන කරදර කිසිම දෙයක් පව්ලේ අයට නොකීවත්.. අවාසනාවකටද වාසනාවකටද අද සිද්දිය යූරා දැක තිබුනා වගේම.. අම්මාට තාත්තට නොපවසා තමන්ගේ වැඩිමහල් සොයුරාට කීවේ මව පියාට කීවොත් අනිවාර්යයෙන් යූන් නැවතත් ගුටිකන නිසයි..

🦊 " ආය මොකා ගැහුවත් බලාන් ඉන්නේ නැතුව ඇවිත් මට කියනවා හරිද.. මම තමුසෙගේ අයියා.. මේ අයියට තමුසෙලා වෙනුවෙන් මැරෙන්න උනත් පුලුවන්... "

🧑 " මම දන්නවා.. මම කීවේ නැත්තේ ඔයා ගැන බයට නෙවේ ගුටි කන උන් ගැන තිබුන බය නිසා.. තමුසේ ගැහුවොත් ආය සතියකට නැගිටින්න හම්බෙන්නේ නෑ උන්ට.. "

🦊 " කටනම් තියනවා සීයකට ගහන්න වගේ.. ඒත් මොකෙක් හරි ගැහුවම උට ගහන්නේ නැතුව බකන් නිලාන් ඉන්නවා.. "

ජැක්සන් තමන්ගේ සොයුරාට බැන වැදුනේ ඔහුට තිබෙන සෙනෙසහ නිසා.. ජීවිතේ තමන්ගේ වටිනම දේකට කවුරු හරි අත තිබ්බොත් අපි කුමක්ද කරන්නේ ඒ හා සමානව ජැක්සන්ද කරනවා.. ඔහුගේ පව්ල ඔහුගේ මුලු ලෝකෙම.. ඉතින් පව්ලේ කාට හරි අත තියන කෙනෙක්ව ජැක්සන් ලේසියෙන් අත අරින්නේ නැහැ.. අවුරුදු 15 කලින් ඉදන්ම සාතන් ජැක්සන්ගේ ඇග ඇතුලේ හිටියා.. නමුත් ජැක්සන් සාතන් හට ඉඩක් ලබා දුන්නේ නැහැ.. නමුත් වර්තමානයේ සාතන්ට ජැක්සන්ගෙන් ඉඩක් නැහැ.. අනාගතයේ එය වෙනස්වේයැයිද කිව නොහැකී..

🧑 " මට ගැහුවේ _______ එයා හුගක් වැඩිමල්නේ.. "

🦊 " මම ඌ ගැන බලාගන්නම්.. තමුසේ ඉන්නවා බය නැතුව.. "













( C/N : එහෙනම් ලමයි අතීතෙට ට්‍රිප් එකක් යමු නේද.. බස් එක මම ගානේ..
ඔන්න සාතන් කියන්නේ කවුද කියලා දුන්නා.. සාතන්ගේ පරම හතුරව ඊලග ep ඉදන් බලාපොරොත්තු වෙන්න.. 😁
Comment කරන්න මෙයැයිලා.. ඔයාලා නිසානේ මේ මහා රෑ type කරලා දුන්නේ.. රෑමත් නෙවේ නේ කොහොම හරි රෑනේ.. 😂

එහෙනම් comment එකක් කොටාගෙනම යන්න.. මම ගියා.. පරිස්සමින් ඉන්න.. බායි.. )

                      
                                 ✍ _ 𝕮𝖍𝖎𝖒𝖒𝖞 _

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now