🦄 " ක්..කව්ද තමුන්.. මොකද.. ම්..මෙතන කරන්නේ.. "

හෝසක් වචන ගැට ගසාගෙන පැටලි පැටලි ඇසුවත් සාතන් කලේ සිනාසුන එක පමනයි.. ඒ සිනා හඩට ඇතුලේ වූ පස් දෙනත් හෝසක්ට පිටුපසින් හිටගත්තේ හිත සාතන් දැන් ගැස්සෙද්දියී..

🎭 " හ්හ්.. හ්හ්.. මාව දන්නේ නැද්ද පොඩි කොල්ලෝ.. මේ සාතන්ව දන්නේ නැද්ද.. "

🐥 " ස්.. ස්.. සාතන්.. මොකෙක් කිව්වා.. "

🎭 " ඔහ් හෝ.. අනේ පොඩි බබෝ ඔයා දන්නේ නැහැයි කියන්න එපා.. මොකද මම දරුවෝ හුරතල් කරන්න ආව ගමනක් නෙවෙයි මේක.. "

පලවෙනිම ටික කිසිම කලබලයකින් තොරව හිනාවෙන්ම කීවත් අන්තිම ටික අතේ තිබුණ කිනිස්සත් ජිමින් දිහාට උලුක් කරගෙන සාතන් ගිගුම් දෙද්දි ජිමින් බයටම යුන්ගිගේ පිටිපස්සට ගියේ ඔහුට ආරක්ෂාවක් දැනුන එකම තැන ඒ පපුතුර වෙද්දි..

🐱 " ආව කාරනාව කීවනම් mr. සාතන්.. "

කටවචනෙන් කියනවානම් යකෙකුටවත් බය නැති යුන්ගී සාතන් හටවත් බිය වූයේ නැහැ.. යුන්ගී ඉදිරියේ සාතන්ගේ ඇස් ගැස්සුනත් ඔහුට ඒ බව නොපෙන්වා ඉන්නට ඔහුගේ වෙස් මුහුණ උපකාරී වූවා..

🎭 " මගේ වැඩ වලට බධාවක් වෙන්න එපා.. මේ මගේ පලවෙනි වගේම අන්තිම wearing එක.. ඊලග මම මෙහෙම නෙවේ මගේ ක්‍රමේට තමුන්ලව නතර කරනවා.. "

🐱 " මිස්ටර් තමුන්ට මිනිස් ජීවිත සෙල්ලමක් වෙන්න ඇති.. නමුත් දවසක තමුන්ට පසෙ තැවෙන්නම වේවි මේ කරන අපරාද වලට.. "

🎭 " නොදන්න දේවල් කියවන්න එපා පොඩි එකෝ.. මම මේ වෙනකම් සාධාරණ ජීවිතයක් බිලි අරන් නෑ.. දෙලොවටම බරක් වුන උන්ව විතරයි මේ සාතන් දෙවියෝ ගාවට.. උප්ස්ස්.. සොරි නැහැ යම රජා ගාවට ඇරියේ.. "

ඔව් සාතන් නිවැරදී.. පිටින් බලන අය මිනිස් ජීවිතයක් කියා පොදුවේ ගත්තත් සාතන් එසේ නැහැ.. ඔහු ලෝකය දැක්කේ වෙනම කෝනයකින්.. සත්‍යයනම් සාතන් කියන්නේ psycopath කෙනෙක් නොවීමයි.. ඔහු හැගීම් දැනීම් වල දාපු එක් ජීවිතයක් වගේම ඔහු කර්මයට නඩු විභාග කලා.. එම නිසාමයි ඔහු සාතන් වූයේ.. මිනිස් වේසයෙන් මිනිසුන් අතරම ගැවසෙන සාතන් වූයේ.. ඔව් ඔහුගේ මනස විකෘති.. නමුත් ඔහු මේ වෙනකම් මැරුවනම් මැරුවේ සමාජයට අසාධාරණකම් කල අයව පමණමයි.. සාතන් යනු කුඩා කල ජන්කුක් ටෙහ්‍යෝන් ජිමින්ලා වගේම කුඩා සාමාන්‍ය දරුවෙක්.. නමුත් ඔහුගේ වටපිටාව නිසාම ඔහු ලේ පිපසිතයෙක් වුණා.. නමුත් ඔහු ඝාතනය කලේ වැරදි කල අය පමනයි.. නිවැරදි අය අල්පමාත්‍රයක් වෙද්දි වැරදි කරන අය ඕන තරම් සමාජයේ හිටියා.. සාතන්ටත් ඔහුගේ පිපාසය නිවා ගන්න ඒ මිනිසුන් ප්‍රමාණවත් වුණා..

🐱 " කවුරු වුනත් ඒත් මිනිස් ජීවිතයක් සාතන්.. "

යුන්ගීගේ හඩ උස් වෙනවත් එක්කම සාතන් අත රැදි කිසිස්ස යුන්ගි දෙසට ඇදුනි..

" අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් "



















( C/N : ඔන්න ඉවරායි.. එහෙනම් දරුවනේ මම යනෝ.. පරිස්සමින් ඉන්න ඈ..
කතාව ගැන vote comment කරන අයට ආදලෙයි ඈ.. 😘.. කතාව ගැන comment එකක් කොටාගෙනම යන්න දරුවෝ ඔය අත ගෙවෙන්නේ නෑ.. 🥺 )

                                   ✍ _ 𝕮𝖍𝖎𝖒𝖒𝖞 _

                  

        

         

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now