🥀01❤️

65 19 5
                                    


💚 Tae Appa

💚 බෙයාර්..පුතේ දැන් නැගිටින්න.බලන්න 6.00 වෙලාව.මගෙ මැණ්කට කොලේජ් යන්න පරක්කු වෙනවා..

ටේගෙ තාත්තා ටේගෙ නිදාගන්න කාමරේට ගිහින් ඇදේ ගුලි වෙලා හුරතල් විදියට නිදාගෙන ඉන්න එයාගෙ පුංචි සුරදූතයව ඇහැරෙව්වා..

ඒත් කොහෙද..එහා කොනේ කොට්ටයක් බදාගෙන නිදාගෙන හිටිය හුරතල් කොල්ලට එයාගෙ තාත්තගෙ ආදරණීය කටහඩ ඇහුන ගමන් බදාගෙන හිටපු කොට්ටෙ පැත්තකට දාලා ඇදේ රෝල් වෙලා ඇවිත් ඇදේ ඉදගෙන හිටිය එයාගෙ තාත්තගෙ උකුලෙන් ඔළුව තියාගත්තා.

💚 හනේ මගෙ කොල්ලගෙ හුරතලේ..හරි හරි හුරතල් උනා ඇති බලන්න 6.15 වෙලාව..කෝ නැගිටින්න..

🐯 මොකාක්..ආනි තාත්තා මට පරක්කු වෙලා..

ටේ ඉක්මනින් ඇදෙන් නැගිටලා බාත්රෑම් එකට දිව්වෙ දත් මැදලා මූන හෝදගෙන එන්න.

💚 හනේ හනේ..මම ඔයාව 6ඉදල ඇහැරවන්නෙ..කොහෙද ඉතිම් ඔයාගෙ හුරතලේ එක්ක බෑනේ..හරි හරි ඔයා ලැහැස්ති වෙන්න.මම බත් එක බෙදාගෙන එන්නම් ඔයාට කාලා යන්න.

🐯 හරි තාත්තා..

ටේ බාත්රෑම් එකෙ දොරෙන් එලියට ඔලුව දාලා උත්තර දුන්නෙ දත් බුරැසුවත් කටේ ගහගෙන..

















ටේ ලැහැස්ති වෙලා සාලෙට ආවේ අතේ පොත් ටිකත් අරගෙන..එතකොටම ටේගෙ තාත්තා සාලෙට ආවේ පිගානකට බත් ටිකකුත් බෙදාගෙන..

💚 මෙන්න බෙයා ඊයෙ මට කිව්වනේ කරවල තෙල් දාලා සම්බෝල එක්ක බත් ඕන කියලා..මම උදේ ඒව හැදුවා..කො කාලා යන්න..ආ කියන්න..

🐯 උහ් තාත්තා..ලා යූ හොදේ..

ටේ තාත්තගෙ කම්මුලට පෙක් එකක් තියලා කිව්වේ තාත්තා ටේගෙ මේ හුරතලේට හිනා වෙද්දි.. තාත්තා කවන්න ගත්තම ටේ කෑවා.


💚 පරිස්සමෙන් ගිහින් එන්න බෙයා..

🐯 හරි තාත්තා..ඔයත් පරිස්සමෙන් ඉන්න හරිද..

ටේ තාත්ත ලග දනගහල කකුල් දෙක අල්ලලා වැදලා ගෙදරින් පිටත් උනේ කොලේජ් එකට යන්න...











🐯🐰

හායි...

බායි...

You've reached the end of published parts.

⏰ Last updated: Jan 27, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

💜💚𝗧𝗪𝗜𝗡𝗦 𝗟𝗢𝗩𝗘💚💜 slow update Where stories live. Discover now