𝙴𝙿𝙸𝚂𝙾𝙳𝙴 𝟶𝟽

799 181 73
                                    

සති කිහිපයක් ගත වී ගියා..ජන්කුක් ශිල්ලාවට පැමිණ සති තුනක් පමණ ගත වී තිබුණා..කිම් පවුලේ අය වගේම ජියොන් පවුලේ අයත් හිටියේ හුගක් සතුටින්..ඒ සතුටට ලොකුම හේතුව වුනේ ජන්කුක් ගෙයි තේහියොන් ගෙයි විවාහය..අදින් මාස දෙකකට පසුව යෙදෙන නැකැත් දිනයක ඔවුන්ගේ විවාහය කරලීමට තීන්දු කර හමාරයි..

මීට සතියකට පෙර ජන්කුක් රාජ්‍ය විමර්ශන මණ්ඩලයේ ප්‍රධාන නිලධාරිවරයා හැටියට පත් වුනා..
ඒ ගැන පුංචි කුමරු නම් හිටියේ ලොකු දුකකින්..මොකද ජන්කුක් ව ඔහුට දකින්න ලැබෙන වෙලාව අඩු නිසා..උදේ ඉදන් රෑ වෙන තුරුම ජන්කුක් ඉන්නේ මාලිගාවේ ඉතින් පුංචි කුමරු ට ඔහුට හිතෙන හිතෙන වෙලාවට ජන්කුක් ව හම්බවෙන්න යන්න බැරි වුණා..එහෙම ගියත් ජන්කුක් ඒ දේට පොඩ්ඩක් වත් කැමති වුනේ නැත්තේ පුංචි කුමරු මාලිගාවට ආව හැම පාරකම වගේ අතරමං වුන නිසයි..අනික් පැත්තෙන් කුමරු තාම පොඩි ළමයෙක්..ඔහුට මාලිගාවේ ඉන්න මිනිස්සු ගැන හරි හැටි අවබෝධයක් නෑ ඉතින් කුමරුට මොකක් හරි කරදරයක් වෙයි කියලා ජන්කුක් බයයි..ඒ නිසාම ජන්කුක් පුංචි කුමරුව මාලිගාවෙන් ඈත් කරලයි තිබුණේ..

අනෙක් පැත්තෙන් යුව රජ යුන්ගි කුමරු ජන්කුක් මාලිගාවට ආව එක ගැන හිටියේ ලොකු සතුටකින්..ඔහු හැම නිතරම වගේ කාලය ගත කලේ විමර්ශන මණ්ඩල කාර්යයාලයේ.. ජන්කුක්ගේ වැඩ වලට උදව් වෙනවා කියලා ආවත් ඔහු නිසා ජන්කුක් ගේ වැඩ ගොඩක් වෙලාවට අවුල් වුන එකයි වුණේ..ඒත් කුමක් කරන්නද?? ඔහු යුව රජු නේ..ජන්කුක් ඒ හැමදේම කලමණාකරණය කරගෙන තමන්ගේ වගකීම් උපරිමයෙන්ම ඉෂ්ට කළ නිසා මහ රජතුමා ගෙන් පවා ගෞරව නාමයන් ජන්කුක් ට පිරිනැමුනා..

ඒ හේතු නිසාම ජන්කුක් ව වර්ණනා කරන පුද්ගලයන් වගේම ඔහුට මහත් සෙයින් ඊර්ෂ්‍යා කරන පුද්ගලයන් ද බොහොමයක් ඔහු වටා ඇති වුනා..
.
.
.
.
.
.
.
.

" ස්වාමීනි ~ "

" ම්ම්..."

පුංචි කුමරුගේ උකුල මත හිස හොවාගෙන සිටි ජන්කුක් දෑස් පියාගෙනම එලෙසින් මිමිණුමක් පිට කලේ ඔහුට දෑස් විවර කරන්නට පවා මැලි බවක් දැනුන නිසයි..පුංචි කුමරුගේ සිනිදු අතැගිලි ජන්කුක් ගේ ඝන හිසකෙස් අතර සැඟව ගොස් තිබියදී කුමරුගේ සිනිදු දෑත් වල පහසට ජන්කුක් ගේ දෑස් ඉබේටම පිය වුනා..

Naabot mo na ang dulo ng mga na-publish na parte.

⏰ Huling update: Dec 23, 2023 ⏰

Idagdag ang kuwentong ito sa iyong Library para ma-notify tungkol sa mga bagong parte!

𝗪𝗵𝗶𝘁𝗲 𝗥𝗼𝘀𝗲 || ⓉⓀ ||Tahanan ng mga kuwento. Tumuklas ngayon