"ඔව්...ගඩොල් ටිකක් අරන් ආවා. රූම් එක මැද්දෙන් බිත්තියක් බැඳගන්න."

මං කියද්දී කෙනාර් බැලුවේ ඇස් හීනි කරලා.

"ඒව හීන තමා. යකාගෙ විමානෙට ආවනම් ඒ විදියට ඉන්න කියනවා වගේ මගෙ රූම් එකේ තමුසෙ ඉන්න ඕනෙ මං කියන විදියට."

ආයෙම අර අති පණ්ඩිත කතාවක්. පඩියක් ගාණේ අපි දෙන්නා වචන වලින් ගහගත්තා.

"අශූ කටවහන් එනවා..මම මේක අතාරිනවා පහළට."

කෙනාර්ට තදම වෙලා එහෙම කියද්දි මං බැලුවෙත් රවලා.

"කවුරුත් ඔයාට ඕක අරන් යන්න කීවෙ නෑනෙ. දෙන්න."

මං කේන්තියෙන් කෙනාර්ගෙන් ට්‍රැවලින් බෑග් එක ගන්න හැදුවේ.

"බැරි වැඩ නොකර පැත්තකට වෙලා ඉන්නවා."

"නෑ කෝ දෙන්න කීවම."

කෙනාර්ගෙන් මං ඒක උදුරලා ගත්තා. හැබැයි ඊළඟට සිද්ධ වුණ දේට මට හිතුණේ පොළව පලන් යන්න. ඒක වේගෙන් ඇදලා ගත්තට එකපාරම බෑග් එකේ බර දරාගන්න බැරිවුණා. ඒකෙ බරට මාව පිටිපස්සට විසික්වෙලා වගේ ගියේ මාව වැටෙන්න යනකොට.

♥️©𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"අශූ!"

කෙනාර් එහෙමම මගෙ අත් ගොබේකින් අල්ලගත්තේ සැර කරන ගමන්. ඒත් එක්කම අපි දෙන්නගෙම අවධානය බිඳුනේ පඩිපෙල දිගේ පෙරලිලා ගිහින් බිම වැටුණ බෑග් එක කැඩිලා යද්දි.

ඒක සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් හදලා තිබ්බ බෑග් එකක් නිසා වැටුණ වේගෙට පියන් දෙක පැති දෙකට ගැලවිලා ගිහින් තිබ්බෙ ඒක ඇතුලෙ තිබ්බ බඩු විසිරිලා යද්දි.

"දැන් හරිනෙ...ඔය කරගත්තේ."

ඇඬෙන්න ඔන්න මෙන්න වගේ මූණ ඇද කරන් මං බලන් ඉද්දි කෙනාර් ආයෙම මාව අතහැරලා පහළට බැස්සේ මට බැන බැනා.

මං හිතුවේ එයා මට බැනලා දමල ගහල යයි කියල. ඒත් එහෙම වුණෙ නැති නිසා මට දැනුණේ නියුට්‍රල් හැඟීමක්.

මං එහෙමම පඩිපෙල උඩට වෙලා හිටගෙන බලන් ඉද්දි කෙනාර් වැටිලා තිබ්බු රෙදියි ඇතුළෙ තිබ්බ පොඩි බෑග් ටිකකුයි අහුල අහුල පියන් දෙකට දැම්මා. මං එහෙමම පහළට බහින්න ගත්තේ ඒකෙ ඇතුලෙ වෙනම තිබ්බ ඇතුළත ඇඳුම් මතක් වෙලා.

Mr & Mrs අතිපණ්ඩිත Where stories live. Discover now