💚 ඕනෙ දඩුවමක් දෙන්න චාන්ගා ඒත් මාව ඔයාලගෙන් ඈත් කරන්න නම් එපා... මට බෑ ඔයාලා නැතුව ඉන්න...

❤️ නෑ බෝදි එහෙම දඩුවමක් නෙමේ... මුලින්ම මං ඔෆිස් එකට එන්න කැමති උනෙත් ඔයාගෙන් පලිගන්න ලේසි වෙයි කියලා හිතලා... ඒත් ඇතුලට ගියාම තමයි මට තේරුණේ ඔයා ඉන්නෙ මොන තරම් ප්‍රශ්න ගොඩකද කියලා... මටත් සමාවෙන්න බෝදියෝ මං ගෙදරට වෙලා ඔහේ හිටිය එකට කිසිම දෙයක් හොයලා බලන්නෙ නැතුව ඔයාව සැක කරපු එකට... අඩුම තරමෙ ඒන්ජල් කතා කරපු පමාවට ඔයාට එතනට යන්න බැරි උනේ ඇයි කියලවත් අහපු නැති එකට වගේම ඔයාට ඒකට හේතුව කියන්නවත් අවස්ථාවක් නොදුන්න එකට...🥺 ඒත් මං දැන් දන්නවා එදා ඔයාට එතනට එන්න බැරි උනේ ඇයි කියලා...

💚 ච්... ච්... චාන්ගා... ඔයා... ඔයා කොහොමද ඒක දැනගත්තෙ...

❤️ එදා යද්දි ඔයාගෙ කාර් එක ඇක්සිඩන්ට් උනා කියලා මං දන්නවා බෝදි... අනිත් එක තමයි ඔයා හිතන් ඉන්නවා වගේ ඒක වැරදීමකින් උන එකක් නෙමේ බෝදි... ඒක ප්ලෑන් කරලා කරපු එකක්... මොකද කූ ගගාව මරපු අයට ඕනෙ උනේ ඔයාවත් මරන්න නැත්නම් ඔයා කූ ගගාලා හිටපු තැනට යන එක නවත්තන්න... ඒත් එයාලාට ඔයාව මරන්න ඕනෙ උනේ නෑ කියලාමයි මට හිතෙන්නෙ... මොනා උනත් එයාලා එයාලට ඕනෙ දේ කරගත්තා... මගෙ ඒන්ජල්වයි කූ ගගාවයි උන් මරාගත්තා... උන්ට කවදාවත් සමාවක් දෙන්න එපා බෝදි... නීතියෙන් බැරි නම් වෙන විදිහකට හරි උන්ට දඩුවම් ලැබෙන්න ඕනෙ යීබෝ.... ඒක තමයි මං ඔයාට දෙන දඩුවම... මේ වෙච්ච අසාධාරනේට සාධාරනයක් කරන්න බෝදි... අපේ සතුට නැති කරපු මිනිස්සුන්ට අල්ලගන්න බෝදි... අපේ ප්‍රින්සස්ව උන්ගෙන් ආරක්ෂා කරගන්න බෝදි... උන්ගෙ ඊලග ටාගට් එක ප්‍රින්සස්... එයාට කරදරයක් වෙන්න දෙන්න බෑ බෝදියෝ... අනේ එයාව බේරගන්න...

එහෙම කියන ගමන් මං එයාව බදාගෙන අඩන්න ගත්තා...

💚 චාන්ගා ඔයා මොනවද මේ කියන්නෙ... කව්ද එහෙම කරන්නෙ... ඔයා මොනවද දන්නෙ මට දැන්මම කියන්න මොකක්ද උනේ... ඔයා කොහොමද ඔය හැමදේම හොයාගත්තේ...

❤️ ඊයෙ බිනා අපිව අනිත් සෙක්ෂන් වලට එක්කන් ගියපු වෙලේ අර ෂින් කියන එකා කාත් එක්ක හරි කෝල් එකක හිටියෙ... ඒකාගෙ හැසිරීම මට ඇල්ලුවෙ නෑ ඉතින් මං හොරෙන් එයා කතා කරන දේවල් අහන් හිටියා... එයා කතා කරේ කාත් එක්කද කියලා නම් මං දන්නෙ නෑ... එයා කාට උනත් කතා කරේ මාස්ටර් කියලා... එයාලට නූරි බබා ගැන සැකයි... ඔයා ඊයෙ නූරිට පපාට කතා කරන්න කියලා ෆෝන් එක දුන්නත් උන්ට සැකයි ඒ ගැන... ඉතින් එයාලාට පොඩි හරි සැකයක් ආවොත් මේ ඉන්නෙ වන්ග් පවුලෙ තනි හිමිකාරි කියන එක උන් අපේ මැනිකව අපෙන් උදුරගන්න දෙපාරක් හිතන්නෙ නෑ බෝ මැනික...

You Are My Life...💚❤️ (Yizhan Ff) Completed  Where stories live. Discover now