තිස්එක්වන මේඝය

Ξεκινήστε από την αρχή
                                    

ඒත් මේඝගේ හිත ඇතුළේ උවමනාවක් තිබුණා.. අවින්දි එක්ක කතා කරන්න.. අවින්දිගේ හිතේ තියෙන දේවල් අහන්න.. එයාගේ හිත පොඩ්ඩක් හදන්න... ඒත්.. කොල්ලට ඒක කරන්න ඕන කොහොමද කියලා හරියටම හිතාගන්න බෑ....

බණ පිංකමට දේවප්‍රිය වගේම අනික් හැමෝමත් සම්බන්ධ වුණත් පන්සිළු ආවේ නෑ.... කොල්ලා කොහේ මොනවා කරනවද කියලා කාටවත් අයිඩියා එකක්වත් තිබුණේ නෑ....

ඒ තරම් සෙනඟක් හිටපු නැති නිසා දහය දහයයි තිහ විතර වගේ වෙද්දි දේවප්‍රිය වගේම පිටින් ආපු හැමෝම අවින්දිගේ ගෙදරින් පිටත් වෙලා තිබුණා...

අවින්දි ගේ ඇතුළට වෙලා පරණ මතක අස්සේ එහෙ මෙහෙ ඇවිදිමින් ඉද්දි.. යශේන් ෆෝන් එකත් අතේ තියන් ඒකේ යස්විත් එක්ක ගත්තු අන්තිම කපල් ෆොටෝ එක දිහා බලන් ඉදියේ ඇස් රතු කරගෙන.. කොල්ලා ෆෝන් එක අල්ලන් ඉන්න අත පවා වෙව්ලන්නේ යශේන් කොච්චර ප්‍රෙශර් එකක ඉන්නවද කියලා පෙන්නන්න වගේ....

මේ අතරේ ගාඩ්න් එකේ තිබුණු බෙන්ච් එකක් උඩට වෙලා අත් දෙකත් බැදගෙන මේඝ මේ හැමදේම බලන් ඉදියා... ඒ වගේ නිස්කලංකව ගෙවුණේ විනාඩි ගාණයි කළුම කළු පාට බයික් එකක් විදුලි වේගෙන් වගේ ඇවිත් අවින්දිගේ ගේට් එක ඉස්සරහා නැවැත්තුවා...

හෙල්මට් එකත් ගලවලා අතට අරගන්න ගමන් බයික් එකෙන් බැහැපු පන්සිළු ඉක්මන් අඩි තියන ගමන් ගේ ඇතුළට ඇවිදගෙන ගිහින් කෙළින්ම නැවතුනේ යශේන් ගාව...

පන්සිළු ඉදියේ එච්චර හොඳ මූඩ් එකක නෙමෙයි කියන එක හොඳටම දන්න නිසා මේඝත් වාඩිවෙලා ඉඳපු බෙන්ච් එකෙන් නැගිටලා ගේ ඇතුළට ආවා.

සාලේ පුටුවක වාඩි වෙලා ඉඳපු යශේන්ගේ අතේ තිබුණු ෆෝන් එක පැත්තකට විසි වෙලා ගියේ පන්සිළු එකපාරටම ඇවිත් කොල්ලගේ ශර්ට් එකේ කොලර් එකෙන් ඇදලා අරගෙන බිත්තියට හිර කරපු නිසා...

"පන්සිළු... මොකද මේ..."

මෝක්ෂ පන්සිළුට ළං වෙන ගමන් ඇහුවා....

"උබ මට ඇත්ත කියපන්.. ඇත්ත.... විතරයි...."

යශේන් එක වචනයක්වත් නොකිය ඇස් රතු කරන් පිළිමයක් වගේ පන්සිළු දිහා බලන් ඉඳපු එක විතරයි කළේ...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα