🏆.. දහවෙනි දිගහැරුම ...

Start from the beginning
                                    

.. පුරුදු ලෙසින්ම ශැංහයි එක්ස්ප්‍රස් එක නිසා යීබෝ කල්පනා ලෝකයෙන් මිදුනේය ...පපුව පුරවා හුස්මක් පිටකෙරූ යීබෝ කාමරයට ආවේය ...හැමදාමත් මෙන් පුරුදු දර්ශනය... බින් ඇදේ හරස් අතට නිදාගෙන සිටින අතර බ්ලැන්කට්ටුව බිමට වැටී ඇත...

...

ලබ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලබ්...ඩබ්.................................

කලින් ඩ්‍රාමා එකේ පික්චර් එකක් .....මොන විදිහට ඇන්දත් මේ මනුස්සයා ලස්සනයි අප්පා ...... නපුරුයි.......ඒත් ඒ අස්සෙ වෙන මොකක්දෝ කතාවක් තියෙනවා ....

..  යීබෝ  ශාන්ගේ අද පින්තූරය දිහා බලාගෙනම එලෙසින් කල්පනා කරන්නට විය....

" good morning යීබෝ.......මොකෝ කියන්නේ........ඩෙවල් දානවද බාබකියු දානවද...."

ලින් ශාන්ගේ පින්තූරය දෙස බලාගෙන සිටින යීබෝගේ කරට අතක් දමාගෙන ඇසුවේය ....

" good morning ගගා...."

යීබෝ  ප්‍රශ්නාර්ථයක් මුසු වූ බැල්මක් ඔහු වෙතට හෙළමින් කීවේය....

" නෑ ඉතින් උඹ බොසා දිහා බලන් හිටියේ ඒක හිතාගන්න බැරිව කල්පනා කරන විදිහටනේ......."

යිබෝ  ලැජ්ජාවෙන් අහකබලාගත්තේය ...

" මොකෝ ඊයෙ බොසාගෙ ප්‍රැක්ටිස් ශේප් ද ........."

කරට අත දමා ගැනම විදුලි සෝපානය දෙසට ඇවිදගෙන යන අතර ලින් ඇසුවේය ...

", අවුලක් නෑ ගගා.... සාමාන්‍ය වෙලාවට නපුරු වගේ හිටියට ගෝලයෙක් විදිහට ට්‍රෙන් වුණා..."

‍යීබෝ සිනාසෙමින් කියද්දීම ලින්ගේ දුරකතනයට කෙටි පණිවිඩයක් ආවේය ... එය ඕපන් කෙරූ ඔහු වටපිට බලමින් ඉක්මනින් යීබෝගේ කරෙන් අත ඉවතට ගත්තේය .....

🌟 🌟  The Glory Of a Star 🌟🌟  zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now