විසිනවවන මේඝය

Начните с самого начала
                                    

"ඒ කියන්නේ.. තව කවුරු හරි මැරෙනකන්ද..."

"ඔව්...."

"පිස්සුද.. මනුස්සයෝ... එහෙම තව එක එක්කෙනා මැරෙනකන් බලන් ඉන්නේ කොහොමද.."

"එක්කෙනයි..."

"ඒ කියන්නේ.."

"මැරෙන්නේ තව එක්කෙනයි..."

"පිස්සු උබට..."

"පිස්සු බල්ලෙක්ව අල්ලන්න පිස්සු නොවැටි බෑ..."

"ඒත්.. කවුද මැරෙන්නේ ඊළඟට... අඩුම මන් ඒ මනුස්සයට ගාඩ් එකක්වත් දෙන්න ඕන... මට බෑ මෙහෙම බලන් ඉන්න.. මිනිහෙක් මැරිලා යනකන්..."

"ම්ම්ම්.. දේවප්‍රියගේ ෆැමලි එකේ ගත්තොත් එයාගේ ෆස්ට් වයිෆ්....

එයා වෙන රටක ඉන්නේ.. දැන් අවුරුදු පහක් හයක් විතර වෙනවා.. මෙයාලා එක්ක කිසි කනෙක්ශන් එකක් නෑ ..

හරි.. දැන් ඉතුරු වෙලා ඉන්නේ... දේවප්‍රිය... විහඟි... යස්වින්දි... ඇන්ඩ්...."

"තව කවුද..."

"ම්ම්ම්... අවින්දි...."

"අවින්දි... එයා කොහොමද ඒ ෆැමලි එකේ වෙන්නේ..."

"දේවප්‍රියගේ ස්ටෙප් ඩෝටර් නේ අවින්දි කියන්නේ...."

"ඒත් ඉතින්.. මේන්ලි ෆැමලි එකට අයිති නෑනේ නේද..."

"අපි බලමුකෝ..."

"දැන් එතකොට ඔය කියන්නේ.. ඊළඟට අවින්දි මැරුණත් කමක් නෑ කියලද... අවින්දි මැරෙනකන් බලන් ඉන්නවද එතකොට..."

"ඒක මන් බලාගන්නම්... දැන් යන්න පුළුවන්.."

"උබ නම් ජීවිතේට හැදෙන මිනිහෙක් නෙමෙයි..."

"ඕහ් මිස්ටර් මයින්ඩ් යුවර් ලැන්ග්වේජ්... අම් නොට් යුවර් ෆ්‍රෙන්ඩ්.. ඩෝන්ට් ෆොගෙට් දැට්..."

"ඕ...කේ අම් සොරි මට ඒක අමතක වුණා...... මිස්ටර් මේඝාදිත්‍ය එහෙනම් අපි පස්සේ හම්බුවෙමු..."

එහෙම කියලා මෝක්ශ මේඝගේ රූම් එකෙන් එළියට ගියා...

මෝක්ෂ රූම් එකෙන් පිටත් වෙලා යන සැනින්ම... මේඝට කෝල් එකක් ආවා...

"හෙලෝ කේශර අයියා..."

"කියන්න.."

"අවීට කොහොමද..."

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Место, где живут истории. Откройте их для себя