විසිනවවන මේඝය

Začít od začátku
                                    

"මෝක්ශ.. මට ආයේ අර ෆුටේජස් බලන්න ඕන.. නිරෝධගේ ගෙදර ඉස්සරහා කැම් එකේ...."

"ඉන්න..."

ෆෝන් එකේ තිබුණු ෆුටේජස් ඩෙස්ක්ටොප් එකට දාලා මෝක්ෂ ඒක රෙඩි කරද්දි මේඝ ඇවිත් ඔෆිස් චෙයා එකෙන් වාඩි වුණා...

නිකටටත් අත් දෙකත් තියාගෙන මේඝ ඒ දේවල් දිහා බලාගෙන ඉදියේ බොහොම අවධානෙන්...

"ඔයා කිව්ව එක හරිනේ... දවස් දෙකකට කලින් මිනිහා මෙහෙට ඇවිත් තියෙන්නෙ..."

මේඝ මොකුත් නොකියම ඒ දිහා බලන් ඉදියා...

"ශිට්.... මූව අඳුනගන්න පොයින්ට් එකක් නෑනේ..."

නොඉවසිල්ලෙන් මේසෙටත් පාරක් ගහලා මේඝ පුටුවේ පිටිපස්සට හේත්තු වුණා...

"ඕහ්.. වේට් අ මිනිට්...."

එහෙම කියලා ආයෙම මේසෙට බරවෙලා ස්ක්‍රීන් එක දිහාට එබුණ මේඝගේ ඇස්වල තිබුණේ අමුතු දිස්නයක්.....

"ඇයි මන් මේක කලින් නොදැක්කේ..."

තනියමම මුමුණන ගමන් මවුස් එක එහෙට මෙහෙට කරවන මේඝ දිහා මෝක්ෂ බලන් ඉදියේ මොකුත් හිතාගන්න බැරුව...

"මොකුත් වැදගත් දෙයක් හොයාගත්තද..."

මෙච්චර වෙලා පුටුවට බර වෙලා කල්පනා ලෝකෙක ගිලිලා හිටපු මේඝගෙන් මෝක්ශ ඇහුවා..

"මොනවද..."

"පස්සේ... "

"ඒත් ඔහොම පස්සට දාලා අපි කොහොමද මේ කේස් එකෙන් ඉස්සරහට යන්නේ.... මට තේරෙන්නේ නෑ..."

"මෝක්ෂ..... මෝක්ෂ..... මෝක්ෂ...."

එහෙම කියන ගමන් මේඝ ආයෙම මේසෙට බර වුණා...

"තමුන් හැමදාම මෙහෙමද... මොළේ පාවිච්චි කරන්න තේරෙන්නේ නැද්ද... එහෙමත් නැත්තන් මොළයක් නැද්ද..."

"හ්හ්.. මගේ මොළෙන් මෙතනට වැඩක් නෑනේ.. අනික මේ කේස් එක ගැන මට වඩා වැඩි දැනුමක් තියෙන්නේ උබට... ඒක හින්දා මට තනියෙන් ඉස්සරහට යන්න අමාරුයි..."

"බ්ලා බ්ලා... බ්ලා..... වට්-එවර්"

"හරි.. අපි මොකක්ද ඊළඟට කරන්න ඕන ආහ්..."

"බලන් ඉන්න..."

"ඒ මොකටද...."

"මේ මනුස්සයා නෙක්ස්ට් ස්ටෙප් එක ගන්නකන්..."

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Kde žijí příběhy. Začni objevovat