#3-Memorizing

52 14 14
                                    

At the entrance of ?? highschool ⤵

?? : ඔප්පා? ඔයා මොකටද මේ ගෑනුන්ගෙ කතාවල් හොම්බ කට ඇරන් අහන් ඉන්නෙ??ඇයි කටක් නැද්ද ඔයාට??

Hoshi : නෑ නෑ ඉතින්.. කෙල්ලො එක්ක වාදකරන එකත් හරියට කුණාටුවකට බලෙන්ම අහු වෙනවා වගේ වැඩක්නෙ ස්වීටි?? මේ නම්කිලා මොනාදෝ කීවා..මම නම් ගණන් ගත්තෙ නෑ හැබයි !

A girl : ආව්ව් ! හසෝ !! අතාරිනවා මගෙ කොන්ඩේ ‍!!!

ඒ ආවෙ හෝෂි අර කලින් කීව හොට් චොක්ලට් කෑල්ල.එයාගෙ නම හසූ.හෝෂිගෙ උරහිස ළඟටවත් උස නැති එයා හෝෂිට නොදෙවෙනි කටකාර චණ්ඩි කෙල්ලෙක්..

චණ්ඩිකම කොච්චර ද කියනවනම් තවම අර කෙල්ලගෙ කොණ්ඩෙ නම් අතෑරියෙ නෑ එයා..

Hazoo : හොඳයි එහෙනම් මේ පාර අතාරින්නම් ! හැබැයි මට ආයෙනම් අහුවෙන්න එපා මේ වගේ වැඩ කරලා !

හසූගෙ කටේ සද්දෙට ඒ වටේ පිටේ හිටිය සේරමලා එතනින් යන්න ගියේ හෝෂිව විතරක් එතන තනි කරලා..

Hazoo : ආ.. ඔය මහත්තයා !? මම කොහොමත් ඔයාවත් අල්ලගන්න තමා හිටියෙ !! කොහෙද මගෙ ෆෝන් එක උස්සන් ගියේ??

අද හසූට අර කෙල්ලො ටිකගෙ තරහ යවාගන්නත් පාවිච්චි කරන්න වුනේ හෝෂිවම තමා.ඉන්නෙ කොහෙද වෙන්නෙ මොනාද අදාලම නැති එයා කට ඇරියෙත් ෆෝන් එක ගැන අහගෙනමයි.

Hoshi : ඇයි යකූ ඔයාමනෙ කීවෙ මේක දවසකට තියාගන්න කියලා?දැන් කෝ මගේ ෆෝන් එක??

හෝෂි එහෙම කීවෙ හසූගෙ ෆෝන් එක ආපහු එයාටම දෙන ගමන්..

Hazoo : අහ්? ආ මෙන්න ! ආයෙ එහෙම අර නංගියි මේ නංගියි එක්ක චැට් බෑ හරිද !!

හසූ එහෙම කියන් එයා ළඟ තිබුනු හෝෂිගෙ ෆෝන් එකත් ආපහු හෝෂිට දුන්නා..

Hoshi : මොන නංගිද?මම දන්නෙ එක නංගියයි ! ඕනිනම් මගෙ ඇස් දෙකෙන් පෙන්නන්න පුලාම් !

Hazoo : අනේ මේ ! පිස්සු නටන්නැතුව පරිස්සමින් ගිහින් එන්න ! මම දැන් යන්න ඕනි !! හවසට හම්බෙමූ ! බායි ඔප්පා !!

හසූ එහෙම කියන් පිස්සු පූසියක් වගේ උඩ පැන පැන ස්කූල් එක ඇතුළට දිව්වා.ඒත් හෝෂි එතනින් යන්න ගියේ හසෝ එයාට නොපෙනනකන් ඈතට ගියයින් පස්සෙ..

Survived by 24 Hours | Mystery | SVT 🍃Where stories live. Discover now