විසිහත්වන මේඝය

Почніть із самого початку
                                    

ආයේ තිබ්බ විදියට හදන්න තුන් හිතකවත් අදහසක් නොතිබ්බත් මන් ටිකක් හයියෙන් කළුකුමාරයටත් ඇහෙන්න කෑගැහුවා....

"ෆෝ ගෝඩ් සේක්.. යනවා එළියට..."

හරි හරි මහත්තයෝ මටත් ඕන වුණේ ඔය වචනෙම තමයි.. මන් ඉතින් හිනා වෙවී ම එළියට ඇවිත් පට ගාලා මගේ රූම් එකට ගියා...

එහෙමම මන් ඩොක්ටර් නුගාරට ඒ ෆොටෝස් ටික යැව්වේ ඇත්තටම ඒ බෙහෙත් ගැන තව විස්තර දැනගන්න ඕන හින්දා.. වැඩක් නෑ.. ඒ මනුස්සයා කවද්ද ඕන වෙලාවක ඔන්ලයින් ඉදියේ.. මන් ඒ හින්දා ෆොටෝස් ටික යවලා කෝල් එකක් ගත්තා...

"හෙලෝ ඩොක්ටර් වැඩක්ද.."

"නෑ අවී.. කියන්න...."

"මන් ඔයාට ෆොටෝස් වගයක් එව්වා.. පොඩ්ඩක් චැට් එක ඕපන් කරලා බලනවද..."

"ඕකේ ඕකේ...."

කෝල් කට් කරලා විනාඩි දෙක තුනකින් ඩොක්ටර් නුගාරගෙන් මැසේජ් වගයක් ආවා...

"මේ ස්ලීපින්ග් ටැබ්ලට්ස් වගයක්නේ... කව්ද යූස් කරන්නේ.. මොනා වුණත් ලෝන්ග් ටයිම් යූස් කරන්න මේවා හොඳ නෑ...

බ්‍රේන් සෙල්ස් ඩැමේජ් වෙන්න පුළුවන්... අනික මන් හිතන්නේ නෑ මේක ඩොක්ටර් කෙනෙක්ගේ ප්‍රිස්ක්‍රිප්ශන් එකකට අනුව යූස් කරන එකක් කියලා..."

"මේඝගේ බෑග් එකේ තිබිලා ඩොක්ටර් මන් හොයාගත්තේ.."

මන් රිප්ලයි කළා..

"ඕ ගොඩ් රියලි... ඕවා යූස් කරන්න දෙන්න එපා... සයිඩ් ඉෆෙක්ට්ස් දරුණු වේවි...."

"මන් මොකක්ද ඩොක්ටර් කරන්න ඕන..."

"ම්ම්... එයාට ඇත්තටම නින්ද යන්නේ නැති කේස් එකක් තියෙනවනම්.. මන් ඔයාට රෙකමන්ඩ් කරපු බෙහෙත් දෙක තියෙනවනේ... අන්න ඒක එයාටත් දෙන්න.. ඒක අවුලක් නෑ එච්චරම... ඒත් මේ එයා පාවිච්චි කරන්නේ සෑහෙන සැර හයිඩෝස් ටැබ්ලට්ස් වගයක්..."

"හරි ඩොක්ටර් මන් මගේ ඒවා මාරු කරන්නම්..."

"ඔයත් තාම යූස් කරනවද...."

"ආ නෑ ඩොක්ටර් එදා ඩොක්ටර් ටැබ්ලට්ස් ගන්න කිව්වට පස්සේ ඉඳන් සතියක් විතරයි බිව්වේ...ඒක හරි ගියපු හින්දා මන් බිව්වේ නෑ.. හැබැයි දැන් නම් යූස් කරන්න වෙනවා වගේ ආයෙම.. නින්ද යන්නේ නෑ ඩොක්ටර්..."

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now