විසිහත්වන මේඝය

Start from the beginning
                                    

දොර ඇරලා තිබුණ නිසා මන් කෙළින්ම ඇතුළට ගිහින් බෑග් එක ඇඳ උඩින් තියලා එන්න හැරුණා...

"මේ මගේ බොඩි ලෝශන් එක දෙනවා..."

කළුකුමාරයා වොශෲම් එක ඇතුළේ ඉඳගෙන එකපාරටම කෑගැහුවා... මල සමයම... මේ මහ රෑ නානවද කොහෙද... අනික සබන් ටිකක් ගාගෙන එන්නේ නැතුව අහවල් මගුලකටද බොඩි ලෝශන් උලන්නේ....

මන් බෑග් එක ඇඳ උඩ තියාගෙන ඒක ඇරලා බැලුවා... එක එක විදියේ බෝතල් වගයක් නම් පිළිවෙලට පැක් කරලා තිබුණා... මන් ඒවගෙන් ලෝශන් එක තෝරගෙන බෑග් එක වහන්න හදනකොට තමයි දැක්කේ කළුකුමාරයගේ ඇඳුම් අස්සේ පොඩි බෝතලයක් එළියට මතුවෙලා තියෙනවා....

මන් කළුකුමාරයට ලෝශන් එක දීලා ඇවිත් අර බෝතලේ එළියට ඇදලා බැලුවා.. ඒත් එක්කම යට තව බෝතල් දෙකකුත් තිබුණා... ඒවගේ ඇතුළේ තිබුණේ බෙහෙත් පෙති වගයක්...

බෝතල්වල පොඩිවට ගහලා තිබුණු ලේබල් ටික මන් ඇස්දෙක පුංචි කරගෙනම කියෙව්වා...

වට්....!! ස්ලීපින්ග් ටැබ්ලට්ස්...

ඒ කියන්නේ මේ මනුස්සයා ඒවත් යූස් කරනවද.. මට නම් පේන්නේ ඩේලි යූස් කරනවා වගේ.. නැත්තන් යන යන තැන අරන් යන්න උවමනාවක් නෑනේ...

ඒත් නින්ද යන්නැති තරමටම මේ මනුස්සයට ස්ට්‍රෙස්ද.. මොකක්ද දන්නෑ අවුල.. ඩිප්‍රෙශන්වත් තියෙනවද දන්නෑ.. මොන... මාව ආතල් එකට ගන්න හැටියට එහෙම දෙයක් වෙන්න බෑ... මන් පට ගාලා ෆෝන් එකේ බොට්ල්ස් තුනේම ෆොටෝස් ගත්තා...

මල හුට්ටප්පරයයි.. දැන් කොහොමද මේක තිබුණ තැනම තියන්නේ.... එහෙම තිබ්බොත් අනිවා මන් මේක ඇද්දා කියලා අහුවෙනවා....

හැබැයි මටත් තියෙනවනේ එක්තරා ආකාරයක කුල්ල කුජීත මයින්ඩ් එකක්... මන් බොට්ල්ස් තුන කලින් තිබ්බ වගේ ම නැති වුණත් ඒ තිබ්බ තැනින්ම තියලා එහෙමම ටක් ගාලා ඇඳ උඩ තිබුණ බෑග් එක බිමට පෙරළුවේ ඒකේ ඇතුළේ තිබුණ ඇඳුම් අනම් මනම් ලට්ට ලොට්ට බිමට වැටෙන විදියට.. එතකොට එයාට කියන්න බෑනේ මන් ඇද්දා කියලා...

"හයියෝ මේ... සොරි.. මගේ අතින් බෑග් එක පෙරළුණානේ.... මන් ආයේ හදලා යන්නම් තිබුණ විදියටම.."

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now