01. සීතල නිවාඩුවෙ ආරම්භය

174 44 22
                                    

(A/n- මගේ ඔමේගාවර්ස් වල මේන් ජෙන්ඩර් එක, ඒ කීවේ ගෑනුද පිරිමිද කියන එක සෙක්ෂුවල් රිලේෂන්ෂිප් වලට බලපෑමක් නෙමෙයි. සබ් ජෙන්ඩර් එකෙන් ඒක ඩිසයිඩ් වෙන්නෙ. සබ් ජෙන්ඩර් කීවෙ ඇල්ෆා, බීටා, ඔමේගා. අපි බෝයි-බෝයි හරි ගර්ල්-ගර්ල් හරි රිලේෂන්ෂිප් නොට් සූටබල් කියලා ගන්නවා වගේ මගේ ඔමේගාවර්ස් වලදි ඇල්ෆා-ඇල්ෆා හරි ඔමේගා-ඔමේගා ඒවා නොට් සූටබල්. තේරුනාද දන්නෑ. ඔයිට වඩා කියන්න මට තේරෙන්නෙත් නෑ -_-)

🚫ප්ලීස් ටැග්ස් හොඳට බලලා මේක කියවන්න. ඔයාලගෙ ටේස්ට් එකයි මම ලියන දේවල ටේස්ට් එකයි නොගැලපෙන්න පුළුවන්. අන්තිමට රෙදි උස්සන් එන්න ලෑස්ති වෙන්න එපා හරිද?

***







එදා උදේ වරුවෙ කැම්පස් එකෙන් ළමයින්ට දෙසැම්බර් නිවාඩුවයි කලින් සෙම් එකේ ග්‍රේඩ්ස් ටිකයි දීලා ළමයින්ව නත්තල් නිවාඩුවට ගෙදර යැව්වා. දැන් ඉතින් මාසෙකට විතර ළමයින්ට නිවාඩු. මාසයක් විතර යනකන් ආය ජන්ග්කුක්ට ඒ කෑකෝ පප්පලා ටික මුණගැහෙන්නෙ වෙන්නෙ නැහැ.

ඒ ගැන හිතමින් ජන්ග්කුක් සැනසුම් සුසුමක් හෙලලා සැන් හෝසෙ වල ප්‍රසිද්ධ රාත්‍රී සමාජශාලාවකට ගොඩ වුනේ අදනම් බීලා නාස්ති වෙලා ගෙදර යනවා කියලා හිතාගෙන. මොකද ගෙදර ගියා කියලත් එයාට කරන්න මහ ලොකු වැඩක් තිබ්බෙ නැහැ. කොහෙද ඉතින් ගෙදර ගියාට එයා එනකන් මග බලාගෙන ගෙදරට වෙලා ඉන්න කෙනෙකුත් තාම ජන්ග්කුක්ට නැහැනෙ.

ආ, සැන් හෝසෙ(San Jose) කියන්නෙ කැලිෆෝනියාවෙ කැපිටල් එක වෙලා තිබුන එක සිටි එකක්. වර්තමානෙ, කැලිෆෝනියාවෙ කැපිටල් එක සැක්‍රමෙන්තො(Sacramento). එතකොට ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එක කියලා කියන්නෙ යුනයිටඩ් ස්ටේට්ස් වලට දෙවනියට ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලය. ඒක හාවඩ් යුනිවර්සිටි එකටත් ඉහළින් තියන එකක් කියලා හිතාගන්නකො.

එනිවේ, බැක් ටු ද ස්ටෝරි, ජන්ග්කුක් ගෙදර එනකන් බලාගෙන හිටියේ ජන්ග්කුක්ට හැමදාම උදේට යනකොට වතුර පොඩ්ඩක් දාලා යන්න අමතක වෙන ජන්ග්කුක්ගෙ මල්පැල ටික විතරයි.

ජන්ග්කුක් මෙහෙම තනියම ජීවත් වෙන්න හේතුවක් තියනවා. ජන්ග්කුක් කියන්නෙ අමෙරිකාවට සංක්‍රමණය වුණ ආසියානුවෙක්. ජන්ග්කුක්ගෙ අම්මා තාත්තා ඇතුළු පවුල සම්පූර්ණයෙන්ම ජීවත් වූනේ කොරියාවෙ බුසාන් වල. ජන්ග්කුක්ට ලැබුන ශිෂ්‍යත්වයකට තමයි ජන්ග්කුක් අමෙරිකාවට සංක්‍රමණය වුනේ. ආහ්... ජන්ග්කුක්ට ශිෂ්‍යත්වයක් ලැබුනා නෙමෙයි, ජන්ග්කුක් මහන්සි වෙලා වැඩ කරලා ශිෂ්‍යත්වයක් අරගත්තා.





Doll || jjk [COMPLETED] Onde histórias criam vida. Descubra agora