ටිකෙන් ටික දෙන්නගෙ සද්දෙ වැඩි වෙද්දි දෙන්නට ලැබුණු අවධානයත් ටිකෙන් ටික වැඩි වුනා. ප්‍රේක්ෂකාගාරයෙන් බාගයක්ම ඒ දිහා බල බල කුටු කුටු ගාද්දි සින්දුව අවසාන කරපු ටේහ්‍යුන්ග්නුත් ඒ දිහා බැලුවා. ටේහ්‍යුන්ගේ අවධානය යොමු වුණේ තමන්ගේ තරමට වඩා ලොකු රෝස පාට ටී ෂර්ට් එකකුත්, කොළ පාට පොකට් කලිසමකුත්, ඒ දෙකට කොහෙත්ම ගැලපෙන්නෙ නැති දම් පාට ස්නිකර් සපත්තු ජෝඩුවකුත් පැළඳගෙන හිටපු දුඹුරු කොණ්ඩකාරයා දිහාවටයි. තමන්ට වඩා චුට්ටක් උස ලස්සන කෙල්ලෙක්ට ඇඟිල්ල දික් කර කර බනින ඒ දුඹුරු කොණ්ඩකාරයා ටේහ්‍යුන්ට නම් හුරතල් කොල්ලෙක් වුණා. ඒ නිසයි ඒ කොල්ලට කතා කරලා බලන්න ටේහ්‍යුන්ග්ට ආසාවක් ආවෙ.

"හේයි යූ!!! මිස්ට බ්‍රව්න් හෙයා..."

මයික් එකෙන් ටිකක් සද්දෙට කියපු ටේහ්‍යුන්ග් නැවතත් මුළු ප්‍රේක්ෂකාගාරයේම අවධානය තමන් වෙතට යොමු කරගත්තා. මුලු ප්‍රේක්ෂකාගාරයේම විතරක් නෙවෙයි, මෙච්චර වෙලා රණ්ඩු වෙවී හිටපු ඩබලගෙත්... ස්ටේජ් එක දිහා බලපු දුඹුරු කොණ්ඩකාරයා පුදුම වුනා. ටේහ්‍යුන්ග් බලන් ඉන්නෙ තමන් දිහා නිසා. ඒ කතාකරේ තමන්ටමද කියන සැකය නැති කරගන්න ඕන නිසා එයා තමන්වම ඇඟිල්ලෙන් පෙන්නන ගමන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

"යේඅහ් කියුටී... ඔයා තමා... ඉස්සරහට එන්න චුට්ටක්..."

මෙච්චර වෙලා මීයට පිම්බාක් වගේ තිබ්බ ප්‍රේක්ෂකාගාරය මහා ප්‍රීති ඝෝෂාවකින් දෙදුරුම් දෙද්දි ඒ ප්‍රීති ඝෝෂාව මැද පුංචි දුඹුරු කොණ්ඩකාරයා ස්ටේජ් එක දිහාවට ඇවිදගෙන ගියා. ප්‍රේක්ෂකයො එයාට ඉස්සරහට යන්න දීලා චියර් කරන ගමන්ම දෙපැත්තට වුණා. ස්ටේජ් එක ළඟටම ගිය දුඹුරු කොණ්ඩකාරයා ඊටපස්සෙ බැලුවෙ ටේහ්‍යුන්ග් දිහා. හිනාවෙනගමන් ඉස්සරහට ආපු ටේහ්‍යුන්ග් පුංචි දුඹුරු කොණ්ඩකාරයා දිහාවට අත දිගු කළේ එයාව ස්ටේජ් එක උඩට ගන්නයි. දුඹුරු කොණ්ඩකාරයා පුදුමයෙන් ඇස් ලොකු කරන් බලන් ඉඳිද්දි ටේහ්‍යුන්ග් ආයෙමත් කතා කළා.

"මාත් එක්ක එකට සින්ග් කරන්න එනවද?"

ටේහ්‍යුන්ග් කියන වචනයක් වචනයක් ගානෙ කෑගහන ඕඩියන්ස් එක දිහාත් ටේහ්‍යුන්ග් දිහාත් බලපු දුඹුරු කොණ්ඩකාරයා අන්තිමට හිනාවෙනගමන් ටේහ්‍යුන්ගේ අතින් අල්ලගත්තා. පහසුවෙන්ම එයාව උස්සලා ස්ටේජ් එකට නග්ගගත්ත ටේහ්‍යුන්ග් එයාවත් එක්කගෙන ස්ටේජ් එකේ මැදට ගියා...

"ඕකේ... ෆෑන්ස්... අද මම මේ බටුඇටේ එක්ක සින්ග් කරනවා....... මගේ friends සෝන්ග් එක!!! ඉතින් මිස්ට... බටුඇටේ... වට්ස් යෝ නේම්?"

ටේහ්‍යුන්ග් මයික් එක දුඹුරු කොණ්ඩකාරයට අල්ලද්දි තමන්ගේ මූණ චුට්ටක් රතු කරගත්ත එයා ටිකක් ගොතගහද්දි ප්‍රේක්ෂකාගාරයෙන් ආපු ප්‍රීතිඝෝෂා මුලු ක්‍රීඩාංගණයම දෙදරන තරම් සද්දෙට පැතිරිලා ගියා.

"කමෝන් බ්‍රව්න් හෙයා!!!!!"

"බ්‍රව්න් හෙයා!!! යු'ර් සෝ කියූට්!!!!"

ප්‍රේක්ෂකයෝ ඒ විදිහට කෑගහද්දි පුංචි දුඹුරු කොණ්ඩකාරයට දැනුනෙ පුදුම සතුටක්. තමන් ස්ටේජ් එකෙන් ඇදලා එළියට දාන්නෙ නැතුව මෙහෙම පිළිගත්ත එක ඒ කොල්ලට මහමෙරක් වගේ වුණා.

"අහ්... අම්... ම- මගේ නම... ජන්ග්කුක් ජියොන්...."




_________________________________________________________

Demon Bby♥️{taekook}Where stories live. Discover now