"සරන්ග්හේ ටේහ්‍යුන්ග්!!!!!!"
"මැරි මී ඔප්පා!!!!!!"
"වී ලව් යූ!!!!!!"
මහා ක්‍රීඩාංගණයක් දෙදරන්නම තිබුණෙ 'ටේහ්‍යුන්ග් රසිකයන්ගෙ' ඝෝෂාව විතරමයි.
ටේහ්‍යුන්ග්...
ඔව්. ඒ ඔයාලා හැමෝම දන්න ලෝකප්‍රසිද්ධ ටේහ්‍යුන්ග්. ජීවමාන අනර්ඝ සිතුවමක් වගේ රූපයකට හිමිකම් කියන ඉතාමත් සාමාන්‍ය ටේහ්‍යුන්ග්. එක්වතාවක් ඇහුවොත් ජීවිත කාලයටම මතක තියෙන ගැඹුරු, සුන්දර ගී හඬක් තියෙන ටේහ්‍යුන්ග්....
ස්ටේජ් එකේ හිටියෙ ටේහ්‍යුන්ග් විතරක් වුනත් ඒ හොඳටම ප්‍රමාණවත් සිත් වශී කරන ඉදිරිපත් කිරීමකට. මොකද ටේහ්‍යුන්ග්ට සහයකයින් ඕන නැහැ මිනිසුන්ව පිනවන්න... දිග රිදී සළුවක් අතේ තියන් හිටපු ටේහ්‍යුන්ග් මුළු ප්‍රේක්ෂකාගාරයේම අවධානය පැය කිහිපයක් තිස්සේ තමන් වෙතට යොමු කරවගෙන සිටියා. තනි කළු පාට ඇඳුමක් ඇඳන් හිටියත් ඔහුව පෙනුණේ සුන්දර දේවදූතයෙක් වගේ. ඩිජිටල් තිරයෙන් පෙනෙන ටේහ්‍යුන්ගේ හිනාව දිහා හැමෝම බලන් හිටියේ වශී වෙලා වගේ.
"ඒ බටුඇටේ චුට්ටක් එහාට ප්ලීස්... ඔයාගෙ ඔය පොල් ඔලුව නිසා මට ටේහ්‍යුන්ග් ඔප්පව පේන්නෙ නැහැ"
"නූනා මේ, ඔයා වගේම තමයි මාත් මේ කොන්සර්ට් එක බලන්න ආවෙ සල්ලි ගෙවලා... එනවා මෙතන පොෂ් ලයින් දාන්න..."
ප්‍රේක්ෂකගාරය මැද්දෙ රණ්ඩු වෙන තරුණ ගෑනු ළමයත් පිරිමි ළමයත් එතන හිටපු බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වෙද්දි සමහරු ඒ දෙන්නට බනින්න ගත්තෙ දෙන්නගෙ සද්දෙට ටේහ්‍යුන්ගේ සිංදුව ඇහෙන්නෙ නෑ කියලා. ඒත් ඩබලට ඒ ගැන නම් ගානක් නැහැ වගේ.
"චිප්... තර්ඩ් ක්ලාස් බෝයි. වැඩිහිටියන්ට කතා කරන්න ඉගෙනගන්නවා මුලින්..."
"ඔක්කොටම කලින් තමුසෙ ඉගෙනගන්නවා හැම මනුස්සයෙක්ටම ගරු කරල කතා කරන්න. මොකද මේ ලෝකෙ ගරුත්වයක් තියෙන්නෙ තමුසෙට විතරක් නෙවෙයි"
YOU ARE READING
Demon Bby♥️{taekook}
Fanfictionසුන්දරත්වය තිබෙන්නේ හදවතේ මිස හැඩරුවේ නොව.... ඉතින් සුන්දරත්වය මෙසේ වචන කරන්නම්.... TAEKOOK......... top -KOOK!!!😒(එයා පොඩි උනාට ටොප් වෙයි හරි කාලෙට) bottom - tae