කොයි තරම් හිනා වෙලා zhanjin ඒක කිව්වා උනත් එයාගේ මුනේ තිබුන කපටි පෙනුම නම් කවරුවත්ම දැක්කේ නෑ.කට්ටියත් එක්ක හොදටම බීව යිබෝ කෙලින්ම ගියේ එයාගේ ගෙදරට නෙමෙයි kuan ගේ ගෙදරට....

පහුවදා සුපුරුදු විදිහටම zhan ලෑස්ති උනේ campus එකට යන්න.හදාගත්ත project ඒකත් අරගෙනම zhan එලියට බැහැල උදෙන්ම ගියේ මාසෙකට පස්සේ බින් ව දකින්න ලැබෙන සතුටත් එක්කමයි....වෙනද බින් උදෙන්ම ඇවිල්ල zhan එනකම් බලාගෙන ඉන්නකොට අද zhan උදෙන්ම ඇවිල්ල gate ඒක ගාව ඉදන් බින් එනකම් බලාගෙන හිටියා.මේ වෙනකොට යිබෝ එයාගේ byk එක park එකෙන් නවත්තල ඒක උඩ ඉදගෙන යිබෝ ගේ සෙට් එකයි zhan නුයි එනකම් බලාගෙන හිටියේ phone එකට එබිගේනමයි.

මගේ මැණිකේ .....

පිටිපස්සෙන් ඇවිල්ල zhan ගේ කනට ලං වෙලා කිව්ව බින් හෙමිට zhan ගේ කන් පෙත්තට තට්ටුවක් දැම්මා..

"බිනා.....අනේ බන් උබ දැක්ක කල්.....මම ගොඩක් පාලුවෙන් හිටියේ බිනෝ...."

"zhan ටක් ගාලා කළේ බින් ව බදාගත්ත එක...."

"හරි හරි ඇති බන්...එහාට පලයන් උබ නාල නෙමෙයිද අවේ...ශ්...ගදේ බෑ...."

"අනේ පලයන් බන් යන්න..මම උදෙත් wash දැම්මා..උබ තමයි නාන්නේ නැත්තේ වල් නරියා....ඉතින් කියපන්කො..කොහොමද උබේ training එක...."

"හොදයි....සුහො silent කෙනෙක්නෙ මචන්...ඌ එක්ක ගානට කරගත්තා.මම ගැන නෙමෙයි..මම උබ ගැනයි බයෙන් හිටියේ,....අපේ dad එක්ක මට phone එකක් use කරන්න වත් නිදහසක් ආවේ නෑ...අපරාදේ කියන්න බෑ dad ගේ තැන උනාට හොදට මට training එක දුන්න බන්."

"මට අවුලක් උනේ නෑ බන්.යිබෝ හිතපු තරම් නපුරු නෑ.මට හොදට සැලකුවා.ආ....උබ දන්නවද?යිබෝ මාව ඇවිදින්නත් එක්ක ගියානේ...බන් එහෙ namsam tower කියල තැනක් තියනවා.එහෙත් ගියා.එහෙ කෑම මාරම රසයි...."

zhan රස කර කර කියවන දිහා බින් නම් පුදුම තරම් අසාවෙන් තමයි බලාගෙන හිටියේ.

මේ ගත වෙච්ච මාසේ බින් හිටියේ පුදුම තරම් වේදනාවක් හිතේ හිරකරගෙන.මේ මාසෙට එයාට දැනුනේ එයාගේ ලෝකෙම කඩාගෙන වැටිලා වගේ වෙනකොට මාසේ ඉවර වෙන්නේ කවද්ද කියල ඇගිලි ගණන් කර කර තමයි බින් හිටියේ...හැමදාම උදේට දකින zhan ගේ සිරියාවන්ත මුණ මාසයක් පුරාවට දකින්න නැති වෙනකොට ඒ අඩුව බින් ට ගොඩක් තදින්ම දැනිල තිබුනේ..ඉතින් අද උදෙන්ම දුවගෙන ආවේ මාසයක් පුරාවට ඇගිලි ගැන ගැන බලන් හිටපු රූපය හිත පුරා දකින්න වෙනකොට ආව වෙලාවේ ඉදන්ම යීබෝ ගැන කියවන එකට නම් බින් පොඩ්ඩක් විතර ඉරිසියා උනා.

Wrong numberWhere stories live. Discover now