"මොකක් කිවවා....ඉවරයි....කවුද ඒ අවාසනාවන්තිය......"

"අවාසනාවන්තයෙක්....පව් හැබැයි අහිංසකයෙක්..."

"මොකක්...කවුද ඒ...?"

"zhan ...."

"පිස්සුද යන්ලි...zhan එච්චර මෝඩයෙක් නෙමෙයි....අපේ එකාට කැමති වෙන්න තරම්...."

"අනේ එහෙම කියන්න එපා kuan .යීබෝ දග උනාට එයා හරිම හොදයි.ඔයාගේ dad නිසයි එච්චර මුරණ්ඩු එයා...ඒත් මට තියන ප්‍රශ්නේ zhan ම උනේ ඇයි කියල..."

"දැන් zhan යාලු වෙලාද යන්ලි...."

"මම හිතන්නේ තවම නෑ.මට කතා කරපු විදිහෙන් නම් තවම යාලු වෙලා නෑ වගේ තමයි තේරුනේ."

"එයා යීබෝ දකින්නේ මේ ලෝකේ බයම කෙනෙක් විදිහට..."

"ඒ කිව්වේ...."

"zhan ,yibo ට ගොඩක් බයයි...yibo ගැන zhan ගේ හිතේ හොද ආකල්පයක් නෑ...ඒකෙ පුදුම වෙන්න දේකුත් නෑ.මෙයාල හැසිරුනෙත් එහෙම හොද ආකල්පයක් ඇති වෙන විදිහට නෙමෙයි...ඔයාට yibo කිව්වද?..."

"ඔයා දන්නවනේ මගේ හැටි...මම shape එකේ අහගත්තා...yibo ට ගානකුත් නෑ මට කිවවා කියල..."

"ඔයත් මහා චීත්තේ නේද යන්ලි...ඕනේ නැති දෙයක් නෑ...."

"අනේ මේ...kuan ..මගෙන් ඔක්කොම අහගෙන මෙතන චිත්තේ කියන්න එපා...හ්ම්...."

"මගේ මැණික් කැටේට තරහ ගියාද?අපි ඒ ප්‍රශ්නේ පස්සේ විසදමුකෝ...දැන් අනිත් ප්‍රශ්නේ විසදලා ඉමුකො..."

"මොකද්ද අනිත් ප්‍රශ්නේ..."

"ඇයි බබා princess ට මල්ලි කෙනෙක් ඕනේ කිව්වනේ සෙල්ලම් කරන්න....ඔක්කොටම කලින් ඒක විසදලා ඉමු...හාද?..."

"kuan ....."

"ඇයි බබා....."

"ඇත්තමයි ඔයා නම්....."

"යන්ලි කියල කට ගන්න ලැබුනේ නෑ kuwan අයෙමත් යන්ලිව ඇදේ පෙරලා ගත්තා..."

zhan නම් පුරුදු විදිහටම අයෙමත් එයාගේ දවසේ රාජකාරි පටන් ගත්තා...ආයම campus යන්න තියෙන්නේ හෙට ඉදන් නිසා zhan එයාගේ part time job එකට යන්න ගියා..සුපුරුදු පත්තර බෙදිල්ලට එයා උදෙන්ම ගිහිල්ල ආයම ඊළගට ගියේ kuan ගේ හොටෙල් එකට...මේ මුකුත් නොදන්නා යීබෝ උදේ පාන්දර ලෑස්ති වෙලා ගියේ zhan ගේ චූටි කාමර කෑල්ලට එයාව බලන්න...

කොච්චර door bell එක ගැහුවත් කව්රුත්ම දොර ඇරියේ නැති වෙද්දී යීබෝ ට නම් කේන්ති ගියා හොදටම.

මේ යකා කොහේ ගියාද මේ නිවාඩු දවසෙත්.....call එකක් වත් අරන් බලමු..නිදිද දන්නේ නෑ තව.

rings නම් යනවා...බලමු...

"hello .....යීබෝ කියන්න...''

"කියන්න නෙමෙයි තමුසේ කොහෙද ඉන්නේ..මම මේ ගෙදරට ආවා..."

"මේ මම වැඩනේ යීබෝ...kuan ගගාගේ හොටෙල් එකට ආවා."

"ඉතින් හෙට ඉදන් යන්න තිබුනනේ.office එකෙන් මේ මාසේ පඩියත් දුන්න නේද තමුසෙට...තවත් මොකටද වැඩට යන්නේ..."

"ඒක ඉතින් හැමදාටම මදිනේ යීබෝ..මම ආය පුරුදු විදිහට මගේ ජිවිතේ පටන් ගන්න ඕනනේ..මම ඉතින් වැඩට ආවා...ඇයි ඔයා ආවෙ.හදිස්සියක්ද?..."

"මේ මේ..මමද?ම්...මම ආවෙ..........මේ මේ ....ආ.....project එක ඉවර කරා උනාට ඒක print ගන්නේ නැද්ද.....cover page එකක් වත් හැදුවේ නෑනේ...ඒවා කරන්නේ කව්ද?..."

"ආ...මම ඒවා හැදුව යීබෝ...හෙට මම campus එද්දී අරගෙන එන්නම්... මම තියන්නම් මම වැඩ දැන්...පස්සේ ගන්නම්කො..."

යීබෝ ආයම මුකුත්ම කියන්න කලින් zhan phone එක cut කරා....

අයිෂ්....මේ මනුස්සය නම්.....අපරාදේ..මම මෙච්චර ලස්සනට ඇදගෙන ආව මදැයි කොහේ හරි ඇවිදින්න හිතාගෙන....බඩුත් ගන්න කියල හිතාගෙන ආවෙ...shek ....දැන් ඉතින් මොකද කරන්නේ....චෙනාට වත් ගමු..ජීනුත් ඇති මන් හිතන්නේ ඇවිල්ල....

zhan එක්ක ලෑස්ති වෙලා ඇවිදින්න හිතාගෙන ආව යීබෝ අන්තිමට චෙන් ,ජින්,pat paran එයාගේ යාලුවෝ සෙට් එකත් එක්ක club එක පැත්තට ඇදුනේ ගොඩක් කාලෙකින් කට්ටියට set වෙන්න බැරි උන නිසා...


*********************************************************************


ආයම අලුත් කොටසකින් එන්නම් ඉක්මනටම....

මම

මනු....

Wrong numberWhere stories live. Discover now