විසිවන මේඝය

Start from the beginning
                                    

බෑග් එකත් කවුච් එක උඩින් තියලා මන් මල් බොකේ එක ඒ පැත්ත මේ පැත්ත හරවලා බැලුවේ මේක කාට එවපු එකක්ද කියලා හොයාගන්න...

Happy Birthday Megha
From : Vihangi Adithya

ටැග් එකේ ගහලා තිබුනේ එහෙම.. මන් ඒක දැකලා සලිත උනේ නෑ කිව්වොත් ටොම්බ පචයක්.. මැරිච්ච මිනිහෙක් කොහොමද යකෝ මෙහෙම මල් එවන්නේ.... ඇරත් අද මේඝගේ බර්ත්ඩේ එකත් නෙමෙයි...

එදා මේඝගේ බයික් එක ඇක්සිඩන්ට් වුණ දවසෙත් මේ වගේම මල් බොකේ එකක් අපේ ගෙදරට ආවා මට මතකයි... ඔව්... ඒකේ ටැග් එකේ තිබුණේ FROM : VA කියලා...

V...A ..... V...A.... ඕ ගෝඩ්... V...A..

Vihangi Adithya.... හරිනේ .. ඒත් එයාම තමයි... මොකක්ද යකෝ මේ හුටපටේ.. මෙහෙම මල් බොකේ එවන්නේ පිස්සුවකටද.. අනික එයා මැරිලත් දැන් දවස් පහකට වැඩි... එහෙව් එකේ මේ මල් බොකේ එක කොහොමද එයා එවන්නේ.. එක්කො මැරෙන්න කලින් කරපු ඕඩර් එකක්ද.. ඔක්කොම හරි විහඟි මොකටද මේඝට මල් එවන්නේ...

ආශ්ශ්.... අවින්දි තවෞසෙට ඕවා ඕන නෑ... අනුන්ගේ මල ඉලව් ඕනෙම නෑ.. අර පිස්සගේ විකාර කන්ට්‍රැක්ට් එක ඉවර වුණ ගමන් මන් ආයේ මගේ පරණ ලයිෆ් එකටම යනවා.. රෙද්ද..  ඒක හින්දා.. මේ අනුන්ගේ කුණු අපුල්ලන්න ඕනම නෑ.. ඕනම නෑ...

මන් මල් බොකේ එක මේඝගේ ඇඳ උඩින් තියලා වොශෲම් එකට වෙලා සුපිරියට නාගත්තා.. හැමදේම අමතක වෙලා යන්නත් එක්කම.. මේ විකාර මගුල් හින්දා මන් නිකන් මොකටද මගේ මානසික නිදහස නැතිකරගන්නේ කියලා හිතුවට.. ඒ අදහසේ මට වැඩිවෙලා ඉන්න බෑ ඒකනේ කරුමේ කියන්නේ... පව තමයි ඒක....

මන් නාකියාගෙන කොණ්ඩෙත් වේලගෙන ලැප් එකත් අරන් කවුච් එකෙන් වාඩිවෙද්දි අටයි තිහත් වෙලා මේ පොල් බූරුවා තාම නෑනේ.. මොන මඟුලක ගිහින්ද...

අනේ කොහේ ගියාම මට මොකද.. His කාර් His පෙට්‍රෝල්.. ඕන තැනක යන්න බැරියෑ.. අවින්දි ජස්ට් මයින්ඩ් ur own බිස්නස්....

මන් මටම කියාගෙන හිත සන්සුන් කරන් වැඩේට බහින්න හැදුවා විතරයි කොහෙද.. මගේ මොළේ අර කළුකුමාරයා ආක්‍රමණය කරපු හින්දා නියුරෝ ට්‍රාන්ස්මීටර්ස් හරියට වැඩ කරන්නේ නෑ.. මේ හිතන මගුල නෙමෙයි වෙන්නේ වෙන එකක්... ආයෙම ඔලුවට ආවේ කළුකුමාරයට සම්බන්ධ මගුලක්මයි..

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now