28

2.4K 402 62
                                    



සති තුනක් ගෙවිලා ගියා... ජන්කූක් වගේම ටේ ආයෙම  පුංචි සූ එක්ක ඩෙගු මැන්ෂන් එකෙන් Seoul ඇවිත් දැනට දවස් 3 ක්‌ වගේ වෙන්න එනවා..

ඒ නිදහස් පරිසරේ දලා එන්න ජන්කූක්ට හිත නොදුන්නත් ඔෆිස් එක නිසාම ජන්කූක්ට එන්න උනා...

"කුකී... Lunch එක වෙලවට ගන්න හරි ද?"

ටේ උදේම ඔෆිස් යන්න ලෑස්ති උන ජන්කූක්ට මේ උපදෙස් දෙනවා කරන්න ඕන මොනාද වෙල්වත් එක්ක..

"7 වෙනි පාර ටේ ඔයා ඔක කියන.."

"හරි මනුස්සයෝ මතක් කරලා වෙලවට කන්න ඕනේ හරිද?"

ආයෙම කියපු ටේ ජන්කූක්ගෙ නහයට කිස් එකකුත් දිහා එහාට උනේ ජන්කූක් වාහනේ නැගලා ඔෆිස් යනකොට..

"මම්මා.."

"සුටි මැණික..." කාමරේට ආපු ටේ ඇද උඩ ඉන්න සූ ලගට ගියා.. කෙලි පොඩ්ඩ මේට්රස් එක උඩ සෙල්ලම් කරන ගමන් හිටියා..

ටේ ඒ අතර සූගෙ ඇදුම් ටිකත්  හෝදලා දැම්මේ සැරෙන් සැරේ කාමරේට ඇවිත් ඇද දිහා බලන ගමන්..

රෙදි හෝදලා පොඩි රැක් එකේ වනපු ටේ පස්සේ සූ ලගට ඇවිත් ඇදේ වැඩි වෙලා කෙලි පොඩ්ඩව උස්සලා උකුලට ගත්තා...

"හම්මෝ හම්මෝ සුටික්කිගෙ ඇදුම් ටික නම් සේදුවා.. යමුද නාම්න.. ම්ම් උදේ dada එක්ක වොෂ් දාන්න බැරි උනානේ.."

කෙලි පොඩ්ඩව වඩා ගෙනම කබඩ් එක ලගට ගිය ටේ පුංචි පැටික්කිගෙ බේබි ශැම්පො, baby සබන්, ටවල්, සේරම අරන් බාත්රූම් එකට ගියා...

බාට් ටබ් එකට උණු වතුර දලා සාමාන්‍ය ගානක් එනකන් ඇල් වතුරත් දලා ටේ ගානට වතුර ටිකත් හදා ගත්තා..

ඒ කරලා කෙලි පොඩ්ඩගෙ ඇදුම් සේරම ගලෝපු ටේ කෙල්ල හිනා වෙනකොටම වතුරෙන් තිබ්බා..

එච්චරයි රස්සනයක් නැති නිසා පුංචි පැටික්කිට දැනුනේ සනීපයක්.. පුංචි අත් ගසන ගමන් කෙලි පැටික්කි වතුර එක්ක සෙල්ලම් කරා..

පස්සේ ටේ ටික වෙලවක් එහෙම ඉන්න දිලා ආයෙම ඉක්මනින් සබන් ගාන්න ගත්තේ වැඩි වෙලා වතුරේ තියන්න හොද නැනේ අසනීප වෙන නිසා..

𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐎𝐓𝐓𝐎𝐌 | 𝘷𝘬 | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now