" නෑ මම කිව්වේ ඔයාට මම නිසා නින්ද ගියානේ හෙට ඔක්කොම කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ඒ නිසා දැන් ඉදන්ම කරන්න පටන් ගම්මු... කරන්න ඕනේ ටික කියන්න කෝ .ඔයාගේ ටිකත් ඔන්න මමම කරන්නම්... ඔයාට මහන්සිද තවම..?"
" මොකක්ද මගේ ටිකත් ඔයා කරනවා...මං හිතන්නේ මම තව ටිකක් රෙස්ට් කරන්න ඕනේ වෙයි වගේ...මට වැරදියට ද මේ ඇහෙන්නේ..."
" නෑ නෑ එන්නකෝ මෙතනින් ඉදගන්නකෝ අපි දැන් ප්‍රොජෙක්ට් එක කරන්න පටන් ගම්මු ඉස්සරෝම කරන්න ඕනේ ටික වෙනම කටු සටහනක් ගහ ගමු ..මේ සතියේ field record book එක පුරවන්නත් ඕනේ.. කෝකද ඉස්සරෝම පටන් ගන්නේ, ඔයාට ලේසි එකක් කියන්න මටනම් කෝකත් එකයි..."
"ම්...යිබො...මට මොකක් උනත් අවුලක් නෑ ඒ උනාට මම හිතනවා ඉස්සරෝම field book එක පිරෙව්වොත් හොඳයි.. නැත්නම් මේ සතියේ ටික ඊලග සතිය වෙනකොට අමතක වෙයිනෙ.අපිට කරන්න බැරි උනාට මේක දවසින් දවස පුරවන පොතක්..."
" හරි එහෙනම් ඉස්සරෝම පොත පුරවලා ඉමු..."
Appartment එකේ සාලෙට වෙලා දෙන්නම දෙපැත්තෙන් ඉඳගෙන දැන් මේ කරන්න පොත පුරවන එක...යිබො නම් පොත පුරවනවට වඩා කරන්නේ වෙන දෙයක්...එයා මේ පොත පුරවන ගමන් බලාගෙන ඉන්නේ ශාන් දිහා....
කාටත් උල් කර ගෙන පෑනෙ පිටිපස්ස හප හප, ඒකත් හරිම හුරතලයක් තමයි....
වෙලාවකට ඔලුවත් කහනව... තොල් දෙකත් පෙරල පෙරල මොනවද කුටු කුටු ගගා තමයි මෙයා ලියන්නේ....
ඒවටම හරියන්න කටට යටින් තියෙන mole එක.. zhan හරිම ලස්සනයි ඒකට... එයාගේ හුරතල් පාට තව වැඩි වෙලාද මන්දා...ඇයි මම මේ ලස්සන කලින්ම දැක්කේ නැත්තේ.....කෙල්ලෙක්ට වඩා හුරතල්....
පෑනෙන් ඔළුවට තට්ටු කර කර යිබො ඉන්නේ වෙනමම කල්පනා ලෝකයක....
"යිබො....ඔයා ලියන්නෙ නැද්ද ඇයි මගේ දිහා ඔහොම බලාගෙන ඉන්නේ මගේ මූනේ මොනවා මොනව හරි තියෙනවද..?යිබො....යිබෝ....ඔයාට මාව ඇහෙනවද? කොයි ලෝකෙද දෙයියනේ ඔයා ඉන්නේ?..."
හයියෙන් කතා කරත් ඇහුනෙ නැති හින්දා ශාන් ,යිබො ව අතින් හොල්ල ලාම කතා කරා...ඒ හෝල්ලපු පාරට එකපාරටම ගැස්සුන යිබො...
"ආහ්.. මොකක්ද කිව්වේ...මට ඇහුනෙ නෑ,...."
" ඇහෙන්න ඉතින් මේ ලෝකේ ඉන්න එපාය ...කොයි ලෝකෙද ඔයා හිටියේ.. මම කොච්චර නම් කතා කරාද ..?මේ field book එක ලියන්නෙ නැද්ද....."
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 24
Start from the beginning
