" ආව් paran ගහන්න එපා...."

" හොඳ නෑ පැට්...ඔයත් ඔහොමද මට කරේ මම ඉතින් කොහොමත් ඔයාට කැමැත්තෙන් හිටියේ...."

" හරි හරි බබා විහිලුවක් කරේ ඉතින් එහෙම තමයි ආදරේ කරනකොට මොන දෙයක් කරලා හරි ඒ ආදරේ එළියට ගන්න ඕන නේ. .  "

" අනේ උඹල දෙන්න ඔය වලිය නවත්තපල්ලා කෝ ,මගේ ප්‍රශ්නෙට විසඳුමක් දීපල්ලකෝ...."

" ඉතින් යකෝ ඔය තියෙන එකම විසඳුම තමයි දුන්නෙ තෝ හරකෙක් වගේ මඩ නා ගන්නෙ නැතුව මේ පාරවත් හරියට කරපන්....."

" හරි බං එහෙනම් මම තියන්නම් සුභ පතපල්ලා මට...."

" හරි යිබො....පපුව ඉස්සරහට දාලා පස්ස පිටිපස්සට දාලා ගැම්මෙන් පලයන්...."

" උඹලට පින් මචං මං පස්සේ කතා කරන්නම් කෝ......"

" හරි මචං බායි ...කරපු වැඩේ ඉස්සරහට continue කරගෙන යන්නත් ඕනෑ ....තෝ තමයි කෑවේ......ආය දැන් ඉතින් මුල ඉඳන් පටන් ගන්න එපාය....."

" අනේ තියාගනිල්ලා තොපේ මහා ලොකු වැඩේ...මම තිබ්බා එහෙනම් bye...."

යිබො ගහපු පාරට ශාන්ගේ පස්ස කීන් ගාන්න රිදුනා....රිදුන පස්සත් අල්ල අල්ල නැගිටින කොට තමයි එයා දැක්කේ මේසේ උඩ තියලා තියෙන කිරි වීදුරුව....

කිරි ගෙදර තිබ්බේ නෑනේ මේ ඩිංගට එයා මේවත් ගෙනල්ල ද ?...මොනව උනත් කිරි එක රසයි ..මෙයා මට ද දන්නෑ මේක ගෙනාවේ ...මගේ කාමරේ මේසෙ උඩ තියෙන්නේ මට ගෙනාපු හින්ද නේ.. ඔන්න ඔහේ ඔක්කොම බිලා දානවා... ශාන් පාර කාපු පස්සත් අල්ල අල්ල කිරි එක ඔක්කොම බීල දැම්මා....

ඊට පස්සෙ මූනත් හෝදගෙන එයා එලියට ගියේ ප්‍රොජෙක්ට් එක කරන්න පටන් ගන්න යිබො ට අඩ ගහන්න හිතාගෙන...
ඒ උනාට අලුතින් අඬ ගහන්න දෙයක් වුණේ නැත්තේ එයා කාමරෙන් එලියට යනකොටම යිබොත් එලියට ආව නිසා...

" ප්‍රොජෙක්ට් එක කරන්නෙ නැද්ද...?.."

" තමුසෙට දැන්ද පොජෙක්ට් එක මතක් උනේ පස්ස උඩ දාන් නිදාගෙන ඉන්නකොට ඒක මතක් උනේ නැද්ද"

" මොකක්ද කිව්වේ ඇහුනෙ නෑ...."

" තමුසෙට ඉතින් කන් දෙක....."
ඔහ්.... මම මේ මොනවද කියවන්නෙ මටත් කට පියාගෙන ඉන්න බැරි හැටියක් අරුන් දෙන්න කිව්වා නේද හැම වෙලේම උදව් කරන්න කියලා හොයලා බලන්න කියලත් කීවා මම දැන් මේ කරන්නේ බනින එක නේද..?වැරදුනා වැරදුනා....
පොඩ්ඩක් shape කරගන්න ඕනේ...

Wrong numberWhere stories live. Discover now