කන්නාඩිය

Start from the beginning
                                    

Kai : ඉතින් මං මෙහෙම වෙයි කියලා හිතුවේ නෑනේ.. අපි මැරෙයිද?

Beomgyu : මැරෙයිද? නෑ අපි අමරණීය වෙන්න යන්නේ

ඒ වෙලාවේ බොම්ග්යූට නම් කායි එක්ක ගොඩක් තරහ ගිහින් හිටියේ.

Yeonjun : හරි හරි දැන් රණ්ඩු වෙලා වැඩක් නෑ. මේක නවත්තන්න ක්‍රමයක් හිතමු

එන්න එන්න බිත්ති ටික ලං වෙද්දී කොල්ලෝ ටිකට ඉතුරු වෙලා තිබුනේ තව පොඩි ඉඩයි. වෙන කරන්න දෙයක් නැති නිසා කට්ටියම කරේ ඇස් වහගන්න එක.

ඒත් ඒ වෙලාවේම සූබින්ගේ සාක්කුවෙන් පැන්න ඕඩි එක බිත්තියක පහලින් ගලක් ඇඟින් තල්ලු කරන්න ගත්තා. ඒත් එකක්ම බිත්ති ටික ලං වෙන එක නැවතුනේ ඉබේටමයි.

ටික වෙලාවක්‌  ඒ විදිහටම ඇස් දෙක වහන් හිටපු කොල්ලෝ ටික ආයෙමත් ඇස් ඇරියේ එක පාරටම බිත්ති ලං වෙන සද්දේ නතර වුණ නිසා

Soobin : ඒක නතරවෙලා.

Yeonjun : කොහොමද එකපාරටම මේක නතර වුණේ?
අන්න අතන ඕඩි ඉන්නවා

බිත්තියක් මුල්ලට වෙලා හිටපු ඕඩිව පෙන්නලා යොන්ජුන් කිව්වා.

Soobin : ඔයා කොහොමද සාක්කුවෙන් එලියට ආවේ?
එන්න පැටියෝ ඇතුලට

සූබින් ආයෙමත් ඕඩිව අරන් සාක්කුවට දාගත්තා. ඒත් කවුරුත්ම දැනගෙන හිටියේ නෑ එයාලට උදව් කරේ ඕඩි කියලා.

( ඕඩි තමයි වීරයා😎)

ඉතින් ඔය විදිහට ඒකෙනුත් බේරිලා ආපු කොල්ලෝ ටික හිත හිත හිටියේ ඊළඟට මොකද්ද කරන්නේ කියලා.මොකද එයාලට තව දොරවල් දෙකක්‌ ඉතුරු වෙලා තිබුනා.

Taehyun : දැන් මොකද්ද කරන්නේ බන්? අපිට හරියටම තව ඉතුරු වෙලා තියෙන්නේ විනාඩි 35යි

Yeonjun : ඒත් තව දොරවල් දෙකක් තියෙනවා. මේ වගේ කරුමෙට ඊළඟ දොරත් මරාලයක් වෙයිද දන්නෑ

Beomgyu : ඔව් බන්.. අද දවසට මේ වුණ කරදර හොඳටම ඇති..

Kai : මොනවා වුණත් අපි මේක කොහොමහරි කරන්න ඕන

Soobin : ඔව් කායි. මොනවා වුණත් කමක් නෑ අපි හැමෝම එකතු වෙලා පුළුවන් තරම් උත්සහ කරමු. බය වෙන්න එපා කොල්ලනේ අපිට පුළුවන්

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Where stories live. Discover now