"මට බඩගිනි නෑ...මම පීසා කෑවානෙ...zhan කෑවෙ නෑ කියලා මම දන්නෙ නෑ....."

"තමුසෙල යාළුවෝ කිව්වට පේන්නේ හතුරෝද කොහේද....හතුරෙක්ටවත් කන්න නොදි ඉන්නවද යිබෝ....ඉන්නවල මම කෑම order කරණකම්...කාල නැතුව මේ....මාත් එක්ක යන්න ඕනේ නෑ...කනව ඉස්සර වෙලාම.....ටිකක් විවේක ගන්න....මම යනවා...මට යන්න ඕනේ site එකට...එයි දැන් කෑම.....ඔහොමම ඉන්න....නැත්තම් මම ඉඳලම යන්නම්...."

"නෑ මට පුළුවන්....ගඟා යන්න...."

"එහෙනම් යමු කාමරේට..මම එක්ක යන්නම්"

"නෑ ගඟා...මම කාලම යන්නම්...මෙහෙම ටිකක් ඉඳල යන්නම් කාලම කාමරේට..."

"හ්ම්...මම යනවා එහෙනම්....හතුරො උනාට කමක් නෑ...යිබෝ ටිකක් බලන්න zhan දිහා..."

එහෙම කිව්ව xuan හිත නොහොදින් උණත් කරන්නම දෙයක් නැති නිසා යන්න වගේම....යිබෝ ට නම් උණ දේට හිතට හොඳ නෑ වගේම යිබෝ ගේ හිතත් හොදටම රිදිල තිබුණෙ..ඒ ගමන්ම වගේ දොරේ බෙල් එක වැදුනා...

"Zhan....කෑම ඇවිල්ල වගේ...ඔයා කාල නිදාගන්න ටිකක්"

"හ්ම්...."

යිබෝ දිහා නොබලම හා කිව්ව zhan ඉක්මනට ඉක්මනට කෑම එක කෑවේ හිර වෙවීමයි.... ඒ තරම් එයා බඩගින්නේ හිටියෙ...කාල ඉවර උණ ගමන් zhan කාමරේට යන්න ලෑස්ති උණා....යිබො නම් පස්සෙ කන්නම් කියල හිටියෙ එයාට බඩගිනි නැති නිසා...

"මම ඔයාව කාමරෙට එක්ක යන්නම් zhan...ඉන්න...."

"නෑ.දැන් මට හොදයි....යන්න පුළුවන්...අවුලක් නෑ...මම ටිකක් නිදාගන්නම්..."

"හ්ම්....ඕනේ උනොත් කතාකරන්න එහෙනම්..."

"හරි...."

Zhan ....කෙටි වචනෙන්ම උත්තර දිලා කාමරේට ගිහිල්ල නිදාගත්තා...ඇගේ අමාරුවත් එක්ක කාපු නිසා එයාට ටික වෙලාවක් යනකොටම නින්ද ගියා...කාපු තැන් අස් කරලා කාමරේට ගිය යිබෝ නම් හිටියෙ හොදින් නෙමෙයි....

Yibo pov....
මම හිතුවෙ නෑ zhan ට ඒ වගේ දෙයක් කරන්න..එහෙම බැලුවාම මගෙයි අර කෙල්ලොන්ගෙයි කිසිම වෙනසක් නෑ.මම කළෙත් ඒ වගේ දෙයක් තමයි....පොඩි කාලෙ ඉදන්ම සපට හැදුණ මට zhan ගේ අමාරුව නොතේරුන එක මහ ලොකු දෙයක් නෙමෙයි... එයා,මම කියන වැඩ ඔලුව වැනල පිළිඅරගෙන කරපු එක මට විනෝදයක් උණා.මම ඒ විනෝදේ නිසා එයාව කොච්චර රිද්දුවද...සම්පූර්ණම වරද මගේ..මම එයාට ගොඩක් ලොකු වරදක් කරේ....කාගෙන් වත් සමාව නොඉල්ලන මම අද zhan ගෙන් සමාව ඉල්ලනවා....ඇත්තටම මට zhan ගේ දුක තෙරුණේ නෑ...උදේ නොකා මැග්ව රෙදි ඔක්කොම හොදල මේ මුළු ගේම මොප් කරල තව එළියේ වතුරත් දැම්මෙව්වා මන්...එච්චර කරලත් මට කටින් චුට්ටක් වත් නොබැන්නේ ඇයි zhan...කටින් පොඩිම හරි දෙයක් කියල බැන්න නම් මට දුකක් නෑ.....

හිතෙන් පසු තැවිලි වෙන ගමන් යීබෝ කෙලින්ග ආයම ගියේ zhan ගේ කාමරේට...එයාට ඕනේ උණා සමාව ගන්න.ඒත් එනකොට දැක්කේ හා පැටියෙක් වගේ වකුටු වෙලා නිදාගෙන ඉන්න zhan ව.හෙමින් හෙමින් නිදාගෙන ⁣ඉන්න zhan ළඟට කිට්ටු කරපු යිබෝ එයාගේ ඇද ලගින් බිමින් ඉදගෙන zhan දිහා බලාගෙන හිටියා....zhan ගේ ඔලුව අතගාන ගමන් හෙමිට ඇහෙන නෑහෙන ගාණට මුමුණන්න උණා..

zhan ගේ ඔලුව අතගාන ගමන් හෙමිට ඇහෙන නෑහෙන ගාණට මුමුණන්න උණා

Alamak! Gambar ini tidak mengikut garis panduan kandungan kami. Untuk meneruskan penerbitan, sila buang atau muat naik gambar lain.

"zhan... මට සමවෙන්න...මම එහෙම කළේ හිතල නෙමෙයි..මම අද ඉදන් ඔයාට පොරොන්දු වෙනවා...ඔයාගෙ ඇස් වලින් කිසිම විදිහකින් එක කදුලක් වත් වැටෙන්න මම ඉඩ තියන්නේ නෑ ආයි.ඔයාට දුකක් දීල මම විනෝද උනා.ඇත්තටම එකෙන් ඔයාට වේදනාවක් උනා කියන එක මට මතක් උනේ නෑ...මම දන්නේ නෑ..ඔය දන්නවා මම පොඩි කලේ ඉදන්ම දුක කියන දේ විදලා නෑ.මට සමාවෙන්න zhan.ආය එහෙම වෙන්නේ නෑ.

එහෙම මුමුණපු යිබෝ නිදාගෙන උන්නු zhan ගේ නළලට පාත් උනා....යිබෝ ගේ ඇස් වලින් වැටුන කදුලක් zhan ගේ නළලට වැටුන වගේම ඒ මතට යිබෝ ගේ තොල් තද උනා.

මම ඔයාට ආදරෙයි zhan...

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

යිබෝ ලට වගේම ඔන්න මටත් project එකක් හදන්න වෙලා.exam නිසා මම මේ ටිකේම busy උනා.

ඒ නිසයි කතාව පරක්කු උනේ..මගේ කතාව කියවන ඔයාල හැමෝගෙන්ම මම සමව ඉල්ලනවා.

ආයම එන්නම්....

කියවන ආය comment එකකුත් දාලම යන්න කතාව ගැන...

මම

මනු...

Wrong numberTempat di mana cerita hidup. Terokai sekarang