ඇත්තටම ඒක දැක්කම zhan ට දුකක් නොහිතුනා කිව්වොත් බොරු....මොකද zhan ට උයන්න පුලුවන් කමක් තියෙන නිසා එයා යීබෝට කිව්වා ගෙදර උයාගෙන කමු order කරන්න ඕනේ නෑ කියලා..ඒ කියන එක අහන්නෙ නැතුව යිබෝ බඩු ගත්තෙ නෑ...මේ වෙලාවෙ වියදම් කරන්න තරම් සල්ලියක් ඇත්තටම zhan අතේ තිබුණෙ නෑ...ඒ නිසා යිබෝ කියන දේකට හා කියනවා ඇරෙන්න zhan ට කරන්න දෙයක් තිබුණෙ නෑ...යිබෝ ගෙනාවොත් කනවා නැත්තම් නෑ...ඒ ඇරෙන්න දෙයක් මේ නොදන්නා රටක zhan කරන්න දෙයක් වත් ඒ භාෂාවක් වත් දැනගෙන හිටියෙ නෑ....බර හුස්මක් හෙළපු zhan ගියේ ඉක්මනට ගෙදර අස් කරන්න.....
පැය ගානක් යද්දී මුලු ගෙදරම අස් කරා..දැන් ⁣ඉතුරු යීබෝගෙ.කාමරේ විතරයි....zhan හෙමින් හෙමින් ගිහින් යිබොගෙ බාගේට ඇරපු දොරත් ඇරගෙන කාමරේ ඇතුලට ගියා....phone එකේ සිහියෙන් හිටපු යීබෝට zhan එනවා ගානක්ම උනේ නැති වෙනකොට zhan හෙමීට කතා කරා....

"යීබෝ....මේක විතරයි අස් කරන්න ⁣ඉතුරු උනේ......"

"හ්ම්....අස් කරනවා එහෙනම්....."

යීබෝ phone එක දිහාම බලාගෙන උත්තර දුන්නා....ඇත්තටම යිබොට ඕනේ උණේ zhan,xuan එක්ක යන එක වළක්වන්න වගේම zhan යන්න කැමති උණ නිසා ඒකට පලි ගන්න.... බිම බලාගෙන කාමරේ දුවිලි පිහල බිම මෝප් කරන zhan දිහා යිබෝ ඇස් කොනකින් බලාගෙන හිටියා....රතු උණ තොල් එයාගෙ රෝස පාට උණ කම්මුල් වලට අමුතුම ලස්සනක් එක් කරා...ඇත්තටම හාවෙක් වගේ තමයි...ජින් කියන කතාව ඇත්ත කියලා යිබොට හිතුණා...යිබෝ ගේ හිත කිව්වෙම රෝස පාට උණ කම්මුල් අල්ලලා බලන්න කියලා වෙද්දී යිබෝගේ මොලේ කිව්වේ වෙනමම කතාවක්....එයාගෙ අණට කීකරු වෙලා වැඩ කරන zhan දැක්කම අමුතුම සතුටක් දැනුණා...කල්පනා ලෝකේ ඉන්න අතරෙ යිබෝ මුළු කාමරේ ම එක දුවිලි පොදක් නැතිවෙන්න අස් කරල මොප් කරා...වැඩ ඉවරයි කියල දැනුණ යිබෝ....

"පල්ලහා මගේ මල් වලට වතුර දානවා ගිහිල්ලා....ඒවා වේලිලා ගිහිල්ලා...."

"මම ටිකකින් යන්නද?"

"නෑ...දැම්මම යනවා....ටික්කින් වෙන කෙනෙක් ඇවිල්ලා කරල දෙනවද...."

"හ්ම්....යන්නම්...."

එහෙම කිව්ව zhan ගියේ එළියට....වතුර දාන්න හිතාගෙන....zhan යන දිහා බලාගෙන ඉන්න යිබෝ ට නම් හරිම සතුටුයි....මම කියන හැම දේම කරන්නේ එයත් මට කැමැති ඇති.... බනින්නේ වත් නෑ...බෑ කියන්නෙත් නෑ....යිබොට හිතුණේ එහෙම....ඒ උණත් ඇත්තටම උණේ zhan මෙහෙට ආවේ යිබෝ නිසා කිව්ව එක පිනට කකා ඉන්නව වගේ දෙයක් නිසා යිබෝ කිව්ව එකට දුක හිතුණ එකයි...

Wrong numberDonde viven las historias. Descúbrelo ahora