Washroom එකට ගියපු zhan ට යිබෝ බෙරිහන් දිලා කිව්වේ රෙදි ටික අතින් හෝදන්න කියලා...සතියක් ඇදපු රෙදි ගොඩ zhan ටත් වඩා උස වෙද්දී zhan හිතුවෙ අද නම් බේරිල්ලක් නෑ කියලා....යිබෝ ට නම් zhan මේ විදිහට එයාට බය වෙලා ඉන්න එක සතුටක් උණා...එයා එකෙන් අමුතුම වින්දනයක් ලැබුවා....ඒත් එයාට අමතක උණ දෙයක් තිබුණා...ඒ zhan කියන්නේ මේ වෙනකොටත් අසරණ උණ කෙනෙක්....එයාලා නිසාම ජීවිතේ අන්තිම තිතටම දුක් විඳින කෙනෙක්...ඉතිං මෙහෙම කරන එකෙන් එයා තවත් දුක් විදිනවා කියන්න යිබෝ ට අමතක උණා.අමතක උණා ටත් වඩා යිබෝ දන්නේ නෑ.තනි කෙනෙක් ලොකු රෙදි ගොඩක් හෝදනවා කියන්නේ ඒකත් අතින්...එකට ලොකු මහන්සියක් ලොකු වෙලාවක් වැය වෙනවා කියලා....යිබෝ සතුටු උණා zhan තමන්ට බයෙන් රෙදි ටික හොඳන්න ගිය එක ගැන....
"තමුන්ව මෙහෙට නොමිලේම ගෙන්නුවට මට ඔහොම තමයි ගෙවන්න ඕනේ.... ඕවා ඉවර වෙලා මුළු ගේම අස් කරනවා...හොදට මොප් කරන්න ඕනේ tile ටික....දුවිලි චුට්ටක් වත් තියෙන්න බෑ...මතකනෙ කිව්ව දේවල්....
"මුළු ගේම....."
"ඔව්...මුළු ගේම...." එහෙම කිව්ව යිබෝ ගියේ එයාගෙ කාමරේට....ඇදට පැන්න යිබෝ එයාගෙ phone ඒකත් අරගෙන game එක්කට ඔට්ටු වේන්න පටන් ගත්තා...
ඇස් වලින් වැටුණ කඳුලු එයාගේම පිටි අල්ලෙන් පිහා ගත්ත zhan ඉදගෙන එයාටත් වඩා උස රෙදි ගොඩ හෝදන්න පටන් ගත්තා....
යිබෝ ට වඩා බරයි එයාගේ රෙදි ගොඩ..මේ යකා මේවා කොහාට අදිනව ද මන්දා....කොන්ඩත් රිදෙනවා....අපොයි...ඊයා....යටට අදින එව්වත් දාල මේකට...මේ සෙංකොට්ටං ටිකත් මමද හෝදන්න ඕනේ...කොන්දත් රිදෙනවා....ගොඩක් තියනවා අප්පා....එහෙන් බඩගිනියි...උදේට කාලත් නෑ...අපරාදේ...xuan ගගා කතා කරපු වෙලාවෙ යන්න තිබුණෙ...මමත් හිටිය පණ්ඩිතය වගේ project කරන්න...දැන් කොරයි project ම...මේව කරල සතියක් නිවාඩු ගන්න වෙයි.....සල්ලිකාරයන්ට ඉතිං හැම අතින්ම සැප......හ්ම්....
බඩගින්නේ හුල්ල හුල්ල zhan පැය 2කින් විතර රැදී ටික හෝදලා ඉවර කරා...ඒ ටික කරල ඉවර උනාට පස්සෙ zhan ගේ හොඳම පණ ටික ගිහිල්ලා තිබුණා...ඉලඟට තියෙන්නේ මුලු ගෙදරම mop කරන්න....kitchen එකේ කන්න මුකුත් තියනවද බැලුවත් මුකුත්ම තිබුනේ නෑ....fridge එකේවත් මුකුත්ම තිබුණෙ නෑ...ඊයේ රෑ කන්න ගෙනාව පීසා එකේ මම චුට්ටයිනේ කෑවේ... ඉතුරු ටික මම මේකට දැම්මනේ...කෝ ඒක.....බඩගින්න ඉවසන්න බැරුව වතුර බෝතලයක් පිටින්ම බිව්ව zhan යීබෝ මොකද්ද කරන්නේ බලන්න ඒ කාමරේ පැත්තට ඇදුනා...බාගෙට ඇරිච්ච දොරෙන් එයා දැක්කේ pizza කකා phone එකත් ඔබ ඔබ ඉන්න යිබෝ ව.....
VOUS LISEZ
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
part 23
Depuis le début
