සොහොන් කොත

Začít od začátku
                                    

Beomgyu : මේක මහ කුණු ගොඩක්නේ..මේ ඇත්තටම මං අහන්නේ  ඇයි දැන් අපි මෙහෙට ආවේ?

Soobin : ආවේද? අපි ආවේ වඩයක් කාලා ප්ලේන්ටියක් බොන්න

Beomgyu : අඩේ නියමයි නේ. කෝ දැන් වඩේ?

Soobin : වඩේ? මං තොට දෙනවා වඩේ මෙතන Library එකක් නොවුණා නම්. දැන් හොයල බලපන් මේක ඇතුලේ කවුරු හරි ඉන්නවද කියලා

:අහ්ම්.. කවුද මේ ළමයි දෙන්නා?

එකපාරටම පිටිපස්සෙන් ඇහුන කටහඬත් එක්ක කොල්ලෝ දෙන්නා ගැස්සිලා බැලුවේ පිටිපස්ස.

එතන හිටියේ වයස අවුරුදු 85ක්‌ විතර කියන්න පුළුවන් වයසක මනුස්සයෙක්.

:ඔය දෙන්නා මෙතනට ආවේ සෙල්ලම් කරන්න නම් අර දොර ඇරලා තියෙනවා ඔයාලට යන්න පුළුවන්.

Soobin : නෑ.. ඇත්තටම සර්, අපිට මේ දැනගන්න පුළුවන් ද පොඩි විස්තර ටිකක් ? පුළුවන් නම් ලොකු උදව්වක්.

:ඒක ඇත්තටම පුදුමයි. ඔය වයසේ ළමයි ඇවිත් පොත් ගැන අහන එක.හොඳයි, මොනාද ඔයාලට දැනගන්න ඕන?

Soobin : ඇත්තටම සර් ඔයා ළඟ තියෙනවද මේ පැත්ත ගැන ගොඩක් ඉස්සර ඉඳන්ම විස්තර තියෙන පොත්?

: ඇත්තටම ඔය ළමයි මෙහේ අය නෙවෙයි නේද?

Beomgyu : නෑ. අපි ආවේ සෝල් වලින්.

: දන්නවද මේ වගේ පොතක් ගැන ගොඩක් කාලෙකට කලිනුත් කෙනෙක් මගෙන් ඇහුවා. මට ඒ දවස තාම මතකයි.

Beomgyu : ඕ එහෙමද? මාරයිනේ සූබින් හ්යෝන්ග්. කවුරු හරි අපි වගේම ඒ මාලිගාව ගැන විස්තර හොයල වගේ.

: මාලිගාව???

Soobin : නෑ ඇත්තටම මෙයා සමහර වෙලාවට විකාර කියවනවා. අපිට ඒ පොත තියෙනවා නම් දෙන්න පුලුවන්ද?

: අහන්න දරුවනේ, ඔයාලා ඇත්තටම අර මාලිගාව ගැන මොනවා හරි හොයනවා නම් ඒක නවත්තන්න. ඒක භයානක වෙන්න පුළුවන්. දැන් ගෙවල් වලට යන්න. එළියේ හොඳටම හිම වැටෙනවා.

Soobin : සර්, කරුණාකරලා අහන්න. අපිට ඇත්තටම ඒක ගොඩක් වටිනවා. මේක නිසා අපේ යාලුවෙක් කරදරේක වැටිලා ඉන්නේ. අපිට එයාව බේරගන්න ඕන. ඒ නිසා අපිට උදව් කරන්න

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Kde žijí příběhy. Začni objevovat