ක්ලෙයා

Start from the beginning
                                    

ගෑනු ළමයා කිව්වා.

“ක්ලෙයා මගෙ දරුවෝ ඔයා  ගැන මං ගොඩක් ආඩම්බර වෙනවා. ”

ගෑනු කෙනා එහෙම කියලා ක්ලෙයාව ඒ කියන්නේ අර ගෑනු ලමයව බදාගත්තා.

ඒත් එක පාරටම මුළු පරිසරයම අඳුරු වෙන්න ගත්තා.කළු පාට අඳුරු දුමක් වගේ දෙයකින් හැමතැනම වැහෙන්න ගත්තා.

ඊටපස්සේ මට ඇහුනේ අර ගෑනු ළමයා කෑගහනවා. මට‍ දුම නිසා කිසිම දෙයක් හරියට පෙනුනේ නෑ.

මං අමාරුවෙන් දුම අතරින් කට හඬ පැත්තට ඇවිදගෙන ගියා. එතකොටම මං දැක්කේ අර හිටපු හැම නයිට් කෙනෙක්ම වගේම දුම වෙලා වාෂ්ප වෙලා යනවා. ඒ වගේම ක්ලෙයා ලඟ හිටපු ගෑනු කෙනත් ඒ විදිහටම අතුරුදහන් වුණා.

ඒත් ක්ලෙයා ඒ විදිහටම රෝස මල් පඳුර ළඟ බිම වැඩිවෙලා හිටියේ. ඒත් එයා අඬනවා.

මං එයා ළඟට ගිහින් එයා ළඟ වාඩි වුණා.

“හෙලෝ ඔයා හොඳින්ද? ”

මං දන්නවා එයාට ඇහෙන්නේ නෑ කියලා. ඒත් මං එයාට කතා කරා.

“අනේ මාව තනිකරන්න එපා. මාව දාලයන්න එපා”.

එයා මගෙ දිහා බලන් කිව්වා.

මට‍ පුදුමයි. එයාට මාව ඇහිලා මාව පේනවා. ඒත් එකක්ම අයෙමත් අර දුම වගේ හුළඟ වැඩි වෙන්න ගත්තා.

මට‍ කිසිදෙයක් පෙනුනේ නෑ. ඒත් මට‍ දැනුනා ක්ලෙයා මගෙ අත් දෙකින් අල්ලගත්ත.

“අනේ කායි මාව බේරගන්න. ඔයාට විතරයි පුළුවන් ඒක කරන්න .මට‍ තනියම ඉන්න බෑ. අනේ මාව දාලයන්න එපා කායි... ”

එයා මගෙ නම කියලා කෑගැහුවා. ඒත් එක්කම එයත් අර විදිහටම නැතිවෙලා ගියා. අන්තිමට මං විතරක් ඉතුරු වුණා. මාත් හය්යෙන් කෑගැහුවා එයාගේ නම කියලා

ක්ලෙයා...

End of the Kai's POV

Kai : ක්ලෙයා..

Taehyun : කායි කායි නැගිටපන් කායි කතාකරපන් කායි..

කායි එකපාරටම නින්දෙන් කෑගහන්න පටන් ගත්ත නිසා එකපාරටම කායිගේ එහා පැත්තේ නිදාගෙන හිටපු ටේ හොඳටම බයවුනා.ඒ වගේම බෝම්ග්යුත්

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Where stories live. Discover now